කිමාලි වැඩේ කෑවා.. ඇය කියන්නේ බොරු.. උදයංගගෙන් ක‍්‍රිමාලිට ප‍්‍රහාරයක්..

January 7, 2021 at 2:10 pm | lanka C news
කිමාලි වැඩේ කෑවා..  ඇය කියන්නේ බොරු.. උදයංගගෙන් ක‍්‍රිමාලිට ප‍්‍රහාරයක්..

ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන්ගේ සියලුම ගමන් විස්තර සංචාරක මණ්ඩලයත් දැනසිටි බව එම කණ්ඩායමේ මෙහෙයුම භාරව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සංචාරකයන්ගේ මිරිස්ස සහ යාල සංචාරයන් පිළිබඳ දින කිහිපයකට පෙර සංචාරක මණ්ඩලයේ සභාපති ක‍්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය දැනවත් කර ඇති බවයි.

එම සංචාරය පිළිබඳව තමන් ඇයට විද්‍යුත් ලිපි මගින් ඇයට දැනුම් දුන් බවත් ඇය ඒ පිළිබඳව ස්තුති කර ප්‍රතිචාර දක්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.

සංචාරකයන්ගේ ගමන් තමන් විසින් පමණක් තෝරාගෙන නැති බවත් ක‍්‍රිමාලි ප‍්‍රනාන්දුද ඒ සියල්ල දැන සිටි බවත් ඔහු කියා සිටියි.

එම ගමනාන්ත පරික්ෂා කිරීම සඳහා ද එම මණ්ඩලය විසින් කණ්ඩායම යවා ඇති බවත් පවසන වීරතුංග මහතා ඇය පවසන දේ පමණක් කිසිවකු විශ්වාස නොකළ යුතු බවත් සඳහන් කරයි.

සභාපතිනිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් හේතුවෙන් සංචාරකයන් රැසක්ම තම සංචාර අවලංගු කල බවද නිවේදනයේ දැක්වෙයි.

වීරතුංග මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඩේලි මිරර් පුවත් පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

86,646 views

29 Comments to “කිමාලි වැඩේ කෑවා.. ඇය කියන්නේ බොරු.. උදයංගගෙන් ක‍්‍රිමාලිට ප‍්‍රහාරයක්..”

  1. Hesh says:

    පවුලේ හාල් පාරුවෝ ගෑවෙන්නෙ නැති හැම වෙලාවෙම ගෝටා වැඩේ ගානට කරා. මේ වගේ හිපාටුවෝ තමා ගිය ආණ්ඩුවත් කෑවේ.

    • kamal says:

      ගොඨා ගානට කලේ මොකක්ද? දන්නෙ නැති නිසා අහන්නේ

      • නානා says:

        Monday leader sasantha

        • Indrajith says:

          R.ප්‍රේමදාස මහත්තයා තමයි හරියටම කලේ වැඩේ ජෙප්පන්ට දුවන්නම

    • Dileepa says:

      Rajapakshawaru horu kiyana eka samaaja gatha welaa iwarai.
      Eka ithihaasa gatha welaa iwarai..
      kochchara sudu hunu gaawath eka makanda baa.

  2. ක්‍රිමිනල් says:

    ඇට පුන්නක්කු නමයේ ගොං බෛයො චන්දේ දීලා තියෙන්නේ , හිරේ විලංගුවේ ඉන්න ඔනේ පට්ට හොරුන්ට ,ආපහු රාජ්‍ය අනුග්‍රහයත් සහිතව හොරකං කරන්න ඉඩදෙන්න. උදයංග වීරතුංගගේ ඇඩ්‍රස් එක ,”අරලිය ගහ මන්දීරය” ,තග දාන්නේ රටේ ඉහල නිලධාරියෙක්ට ! එහෙම කරන්න මොකක්ද මූට තියෙන සුදුසුකම , පවුලේ ඥාතියෙක් වීම. ලැජ්ජයි බං ! කෝ අර උබලා ගෙනාපු ලී ක්වාන් යූ ගනයේ එඩිතර තීරණ ගන්න පුද්ගලයා ? වැකේශන් ද ?

  3. Sumedha says:

    ඔය තියෙන්නෙ යහපාලනයෙ කාබන් කොපි..

  4. saman says:

    ඒකනම් ඇත්ත. මුන් සෙට් එක සන්වර්ධනය කරලම නවතින්න හදන්නේ. එකම රටක් කිසිම නීතියක් නෑ

  5. ත්‍රීවීල් says:

    අහෝ කිමාලි, බල්ලොත් එක්ක බුදිය ගත්තාම නැගිටින්න වෙන්නෙ මැක්කො එක්ක., මෙරිල් ජේ ෆනෑන්ඩු මහතාගේ නම්බුව විනාශ නොකර වහා බල්ලන්ගෙන් මිදෙන්න. තම ආත්ම ගෞරවය රැක ගන්න.

  6. Alapaluwa says:

    මොහු උගත් බුද්ධිමත් දක්ෂයෙක්. හැමඑකාටම ඕන මොහුගෙ කකුලෙන් අදින්න. ඵල ඇති රුකටලු වවුලො වහන්නෙ.

    • saman says:

      ඔව් ඔබ හරි. අනිත් තානාපතිවරුත් උදයන්ග වගෙ වුනානම් දැනටමත් රට සුර පුරයක් කරල ඉවරයි.

  7. aniwa says:

    Aniwa sir, you are 100% correct. Dear Gota sir please appoint this greatest man as our foreign minister.
    Jaya wewa !

  8. Modaya says:

    Who do we believe ? The suspect on bail or the Government official ?

  9. Buuwa says:

    Ukrain Pimpiya is right. ..

  10. Kevin says:

    එතකොට උදයංගල තමයි දැන් පොරවල් නේද? අහිංසක මිනිසුන් ගේ බලාපොරොත්තු මේ පාරත් සුන්.

    • ෆසාල් says:

      යුක්රේන්වල ඒකාලෙ හිටපු අය දන්නවා මෙයා එක්ක කලු සල්ලි හොයපු කල්ලිය. එකෙක් රාජිත එක්ක ඖෂධ සංස්ථාවෙන් කෑවා. අනිකා මෙයා එක්ක ඉන්න සංචාරක කොම්පැනි සගයා.

Main News