කිමාලි වැඩේ කෑවා.. ඇය කියන්නේ බොරු.. උදයංගගෙන් ක්රිමාලිට ප්‍රහාරයක්..
January 7, 2021 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන සංචාරකයන්ගේ සියලුම ගමන් විස්තර සංචාරක මණ්ඩලයත් දැනසිටි බව එම කණ්ඩායමේ මෙහෙයුම භාරව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සංචාරකයන්ගේ මිරිස්ස සහ යාල සංචාරයන් පිළිබඳ දින කිහිපයකට පෙර සංචාරක මණ්ඩලයේ සභාපති ක්රිමාලි ප්‍රනාන්දු මහත්මිය දැනවත් කර ඇති බවයි.
එම සංචාරය පිළිබඳව තමන් ඇයට විද්‍යුත් ලිපි මගින් ඇයට දැනුම් දුන් බවත් ඇය ඒ පිළිබඳව ස්තුති කර ප්‍රතිචාර දක්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.
සංචාරකයන්ගේ ගමන් තමන් විසින් පමණක් තෝරාගෙන නැති බවත් ක්රිමාලි ප්‍රනාන්දුද ඒ සියල්ල දැන සිටි බවත් ඔහු කියා සිටියි.
එම ගමනාන්ත පරික්ෂා කිරීම සඳහා ද එම මණ්ඩලය විසින් කණ්ඩායම යවා ඇති බවත් පවසන වීරතුංග මහතා ඇය පවසන දේ පමණක් කිසිවකු විශ්වාස නොකළ යුතු බවත් සඳහන් කරයි.
සභාපතිනිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් හේතුවෙන් සංචාරකයන් රැසක්ම තම සංචාර අවලංගු කල බවද නිවේදනයේ දැක්වෙයි.
වීරතුංග මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඩේලි මිරර් පුවත් පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
රජයේ මැති ඇමතිනරු මෙන්ම වෙනත් අයත් ප්‍රථාන ගැටලුව වන කොරෝනා වසංගතය නැවැත්වීම කෙරෙහි නිසි අවධානය යොමු නොකර, තම තමන්ගේ න්‍යාය පත්‍ර කුියාත්මක කිරීමට යාමෙන් රටත් ජනතාවත් දැඩි අවදානම් තත්වයකට පත්ව ඇත………!
කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ විගසම නිසි පියවර ගත්තේ නම්, මේ වන විට රට බොහෝ දුරට ටථා තත්වයට පත් වී තිබීමට ඉඩ තිබිණි……..!!
එසේ නොමැති වීම නිසා අද වන විට රට පුරාම කොරෝනා පැතිර යමින් ඇත…..!!!
යම් හෙයකින් පාසැල් ආරම්භ කළහොත්, ඉතාම ඛේදනීය තත්වයකට සමස්ත ජනතාවටම මුහුණ දීමට සිදුවීම අනිවාර්යය……!!!