යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

December 31, 2020 at 10:00 am | lanka C news
යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එම සංචාරකයන් රටට ගෙන්වන ලද්දේම කොරෝනා ආසාදනය වීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන පූර්ව සූදානමක් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම සංචාරක කණ්ඩායම කිසිදු අයුරකින් මෙරට ජනතාව සමග සම්බන්ධ වීමක් නැති බවත් ඒ නිසා ඔවුන්ගෙන් කොරෝනා පොකුරක් ඇති වේ යැයි බිය විය යුතු නැති බවද ඒ මහතා කියා සිටියේය.

එම සංචාරකයන් මෙරට සිටින කාලය අතරතුර නවතින හෝටල් වල සියලුම සේවකයන්ද දින දාහතරක් නිරෝධායන කාලයකට ලක්කරන බවත් සංචාරකයන් රැඳී සිටින කාලයේදීත් නිරෝධායනයේ දීත් එම සේවකයන්ට පිට වීමට අවස්ථාවක් නැති බවත් ඇමතිවරයා පැවසීය.

ඒ හේතුවෙන් සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නොනවත්වන බවත් එය සැළසුම් කළ පරිදි දිගටම ක්‍රියාත්මක කරන බවත් තව දුරටත් කියා සිටියේය.

14,069 views

20 Comments to “යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති”

  1. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    ඉදිරියේදි මුන්ගේ ගෑනුත් විකුණාගෙන කයි.

  2. John the baptice says:

    යුක්රේන සංචාරකයන් මුදල් වියදම් කරන අය නොවේ. වෙන රටක් තෝරා ගන්න

  3. පොරියා says:

    යුක්‍රේනය ඒක පුද්ගල ආදායම ලන්කාවටත් වඩා අඩු තුන් වන ලෝකයේ රටක්.මොවුන්එඒ ශීත ඉර්තුවේ නිවර්තන රට වලට එන්නෙ අඩු වියදමකින් ජීවත් වෙන්න මිසක් සල්ලි වියදම් කරන්න නෙමේ.අනික මුන් දාර හොරු.මුන් තමා ඔය පෙට්ටි කඩේකින් රොටියක් කාල ඉන්න එවුන්.මෙවුන් ගෙනල්ල සංචාරක කර්මාන්තය ගොඩ දාන්න හිතනවනම් ඒක තමා ලොකුම විහිලුව.

  4. Zurakim Taip says:

    වැලේ වැල් නැතිව ඉන්න වෙලාවෙ ඕක හොද අදහසක්. තව ගෙන්න්න…

    අනේ අමිමපා මේ වගේ බූරු රුලක් දැක්කමයි

Main News