යුක්රේන සංචාරකයන් යාල ගොස් වූ දේ නැවත වෙන්න දෙන්න බෑ.. ඉක්මනින් ගුවන් තොටුපල සම්පූර්ණයෙන්ම අරිනවා..

January 4, 2021 at 6:48 pm | lanka C news
යුක්රේන සංචාරකයන් යාල ගොස් වූ දේ නැවත වෙන්න දෙන්න බෑ.. ඉක්මනින් ගුවන් තොටුපල සම්පූර්ණයෙන්ම අරිනවා..

යුක්රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්වය යලි ඇති නොවීම සදහා වහා පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දෙයි.

ඔහු අවධාරණය කලේ සංචාරකයන්ට රට විවෘත කිරීමේදි නියාමන ව්‍යාපෘතියේ දි ඒ සදහා හදුන්වාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක වීය යුතු බවයි.

සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ඊට අදාල ආයතන මේ සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළ යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.

සංචාරක නියාමන ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතිය සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිලිබද සාකච්ඡා කිරීම සදහා අද (04) පැවති විශේෂ සාකච්ඡාවකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය.

මෙම සාකච්ඡාව සදහා කොවිඩ් 19 පාලනය කිරීමේ කමිටු නියෝජිතයන්, සෞඛ්‍ය බලධාරීන්, මෙම යුක්රේන සංචාරය සංවිධානය කරන සංචාරක සංවිධාන, ඔවුන් රැදී සිටින හෝටල් වල  නියෝජිතයන් සහ සංචාරකයන්ට නැරඹිමට යාම සදහා නම් කර ඇති ස්ථාන භාර රාජ්‍ය ආයතන බලධාරීන් එක්ව සිටියහ. සංචාරක ඇමතිවරයා සමග ඇමති නාමල් රාජපක්ෂ සහ ඩි.වී. චානක යන අමාත්‍යවරුන්ද ඊට එක්වූහ.

සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතියේ මෙතෙක් හදුනාගත් ගැටළු පිලිබදව මෙහිදි දිර්ඝ ලෙස අවධාරණය යොමු වූ අතර ඇමති ප්‍රසන්න රණතුංග මහතා කිවේ ජනවාරි මස අගදී ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙවැනි ගැටළු මතු නොවිය යුතු බවයි. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කිරීමේ අවශ්‍යතාවද ඇමතිවරයා මෙහිදි අවධාරණය කලේය. ගුවන්තොටුපල විවෘත කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ගෝපදේශ සංචාරකයන් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන ආයතනවලට ලබා දීමටත් මෙහිදි තීරණය කෙරිණි.

මේ වන විට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට PCR පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාධිත නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු සංචාරය සදහා විශේෂ ස්ථාන 12 ක් හදුන්වා දී තිබේ. දලදා මාලිගාව, යාල ජාතික වනෝද්‍යානය, මින්නේරිය වනෝද්‍යානය, සීගිරිය, දඹුළු විහාරය, උඩවලව, හෝටන් තැන්න, සිංහරාජ වනාන්තරය, පෙරාදෙණිය උද්භිද උද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, තල්මසුන් නැරඹිය හැකි ස්ථාන සහ සලුසල එම ස්ථානයි. එම ස්ථානවලට සංචාරකයන් යාම සම්බන්ධීකරණය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සිදුවිය යුතු බවද ඇමතිවරයා අවධාරණය කලේය. මෙම ස්ථාන වලදි සංචාරකයන් සහ මෙරට ජනතාව සම්බන්ධවීම වැලැක්වීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඊට අදාල ඉදිරි කටයුතු සිදු කිරීමටද තීරණය කෙරිණි.

– ප්‍රදීප් අනුර කුමාර

38,727 views

20 Comments to “යුක්රේන සංචාරකයන් යාල ගොස් වූ දේ නැවත වෙන්න දෙන්න බෑ.. ඉක්මනින් ගුවන් තොටුපල සම්පූර්ණයෙන්ම අරිනවා..”

  1. sumudu says:

    මෙයා දැන් වැඩියෙන් පිනවන්නේ SLFP ඒක . නුවර එළියේ බලේ SLFP එකට ගන්න දොඩම් ට SB එක්ක එකතුවෙලා පාර කැපුවෙත් මෙයා .

    • himali says:

      ෂුවර් එකටම දොඩම්පේ ගමගේව ආපහු නගරසභාවට දාගත්තේ SLFP බලේ ගන්න තමා . මොකද ඔය දොඩම්පේ ගේ කාලේ ඩඩ්ලි නුවර එළියේ හෝටල් තුනක් ගහලා ගහපු ගේමට, අල්ලපු ඉඩම් ටිකට, නුවර එළිය ලස්සන කරනවා කියලා සාක්කුවට දාගත්තා කෝටි ගනන් බොරු සංවර්ධන වියපෘති වලට තනිකර සපෝර්ට් එක දුන්නේ දොඩම්පේ.

  2. rasika says:

    මෙයා උප අගමැතිද ? උප ජනාධිපතිද ?

  3. Gon athal says:

    Mu nam real gon mattek.

  4. geetha says:

    මෙයා කරන්නේ මහ කාලකණ්ණි වැඩ අර අහිංසක safari driver ල පවුල් පිටින් අමාරුවෙ දැම්ම ,මෙයා හිතන්නේ මෙයා හරි වැඩිඩ කියල ,කයිය ගහපු හැටි යට අපි හිතුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ වත් වැඩිම මනාප ගනියි කියලා .

  5. John the baptice says:

    යුක්රේන සංචාරකයන් බොරු P C R සහතික ගේන එක ගැනත් සොයා බලන්න

  6. Nishshaka says:

    උබල වගේ ඔළුව පාවිච්චි කරන්න ආයෙත් ආයිත් හිතේ හිත කරන උන්ටඌරු කන ඒවා තමයි හරියන්නේ

  7. Nishshaka says:

    උබල වගේ ඔළුව පාවිච්චි කරන්න ආයෙත් ආයිත් හිතේ හිත කරන උන්ටඌරු කන ඒවා තමයි හරියන්නේ උඹලට සිදු වූ දාට තමයි umbalata තේරෙන්නේ, උඹලා ඔක්කොම කරන්නේ ඇමරිකාවේ ගොන් ගොං හරකා කරපු වැඩ.

Main News