යුක්රේන සංචාරක බුබුල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩලා.. මිලියන 22ක ජනතාව අවදානමක..

January 1, 2021 at 3:50 pm | lanka C news
යුක්රේන සංචාරක බුබුල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩලා.. මිලියන 22ක ජනතාව අවදානමක..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ එන්නේ යුක්රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත් සමග එම සංඛ්‍යාව තවත් ඉහළ යාමක් සිදු වුවහොත් අන්තරාදායක තත්වයක් උද්ගත වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.

මෙම සංචාරකයන් නවාතැන් ගෙන සිටින හෝටල් වලින් එළියට යාමට සිදුවීමේදී බාහිර සමාජය සමඟ ගැටෙන අවස්ථා ඇතිවීම අනිවාර්යෙන්ම වැළැක්විය යුතු බවත් දළදා මාළිගාව සීගිරිය වැනි ස්ථානවලට දේශීය සංචාරකයන් ද පැමිණෙන නිසා දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය නගාසිටුවීමට පියවර ගන්නා සේම මිලියන 22 ක් වන රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කල යුතු බව ද ඔහු කියා සිටියේය.

මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී ඇති බවත් පවසන ඔහු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවද කියා සිටී.

42,512 views

30 Comments to “යුක්රේන සංචාරක බුබුල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩලා.. මිලියන 22ක ජනතාව අවදානමක..”

  1. කාන්තාර පළඟැටියා says:

    උඹලම පත්කරගත්ත ආන්ඩුව කෙලින පිස්සු ගැන ඇත්ත කතාකරන්න ගිහින් උඹලම චූන් කරල හදාගත්තු මෝඩ බයියන්ගෙන් බැනුම් අහ අහා ඉදපන් පවුල් පාලනේ ඉවරවෙනකල්ම දොස්තර මහත්‍තයො.
    උඹලට මේව හොද පාඩම්.
    තමන්ගෙ වෘත්තිය ගෞරවය තියාගෙන ලස්සනට ජීවත්වෙනවා වෙනුවට හොර පවුල් වලට කඩේ ගියහම කුම්බලා මාලු කෑව පූසට වෙච්ච දේ තමයි වෙන්නෙ.

  2. ත්‍රීවීල් says:

    වෙනස් නම් වලින් එක රාජපක්ෂ බත් බැලයෙක් කමෙන්ට් 20 ක් විතර දාලා කියහංකො

  3. Hana says:

    නිකං වේලි වේලි සිටි අලුත්ගෙ හොර දෙටුවාට නව මාතෘකාව දුන් රජයට ජය වේවා

    කීයක් හරි දුන්නා නං යුක්රේනයෙන් නොව ඉතියෝපියාවේන් වුවද කට පැත්කක දමා පු……කෙන් කතා කරනු ඇත…..
    හොර හිගන්නෙක්…

  4. Mssilva says:

    This guy and his organization showed it is useless and looks like if something happens they go after that. They do not have a foresight. An organization without research and analysis of ground situatioh talks to media against their employer which is the givernment. Fools!!!

    • DOT says:

      Trade Unions were organized from the inception for trade rights and create awareness when the leaders decide without vision or foresight ..my education from the Trade Union movement that originated in England ..ignorance is bliss they say ..and comments reflects learning

  5. Elakiri says:

    As long as this guys can gain everything Is fine…gobto hell. We must live with covid 19 so no worries let day to day business run. Otherwise Who Will feed our Kids you? Or goverment? Non so let klus move forward with this shit …

  6. S.Vitharana says:

    Doctor, Please look at your constitution and and objectives of your society and develop a work program accordingly rather than trying to catch flying clouds. Your whole society is in wrong track under Dr. Padeniya’s leadership. You always get into an unnecessary controversy from the wrong end of a problem. You supported this government from tooth and nail and do not tell us now this is not what we expected.

  7. සිසිල් සුදේශ් says:

    නියමයි. එක යාලුවෙක් නිසා බ්‍රැන්ඩික්ස් පොකුර ඇතිවෙලා හතලිස් දාහකට කොරෝනා හැදුණා. දැන් මස්සිනා යුක්‍රේනයෙන් කොරෝනා ගෙන්නනවා. හම්බ කරන්නෙ උං, මැරෙන්නෙයි
    වියදම් කරන්නෙයි ‍සාමාන්‍ය මිනිස්සු. ලක්ෂ 69ට නියම ආතල් ඇති.

Main News