යුකේ‍්‍රන සංචාරකයන්ගෙන් කොරෝනා බෝවන්නේ නෑ…

January 13, 2021 at 4:40 pm | lanka C news
යුකේ‍්‍රන සංචාරකයන්ගෙන් කොරෝනා බෝවන්නේ නෑ…

විදේශගත සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාප්තිය ඇතුළත ගෙන එන ලද යුකේ‍්‍රන සංචාරකයන් 1004 දෙනාගෙන් කොරෝනා ආසාදිතව ඇත්තේ 03 දෙනෙකුට පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එනිසා ඔවුන් ගෙන් රට අවදානමට පත් වන්නේ යැයි පළවන මතවල පදනමක් නැතැයි ද ඒ මහතා කියා සිටියේ ය.

යුකේ‍්‍රන සංචාරකයන් පිරිසගේ කොරෝනා ආසාදිත ගේ ප්‍රතිශතය 0.3%ත් අඩු බවද ඔහු පැවසීය.

මෙම සංචාරකයන් වෙන්කර සංචාරක බුබුලක් ලෙස තබා ගන්නා බැවින් ශ්‍රී ලාංකිකයන්ට ඒ ගැන ගැටලුවක් වන්නේ නැති බව ද ඔහු කියා සිටියේය.

සංචාරකයන් මෙසේ යළි ගෙන්වීම ආරම්භ කරන ලද්දේ ජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා විදේශ විනිමය ද අවශ්‍ය නිසා ය යි ද පැවසූ ඔහු මෙරට අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය පියවන්නේ ද සංචාරක ව්‍යාපාරය හා විදේශගත ශ්‍රමිකයන් බවද සඳහන් කළේය.

18,962 views

22 Comments to “යුකේ‍්‍රන සංචාරකයන්ගෙන් කොරෝනා බෝවන්නේ නෑ…”

  1. දසුන් says:

    සන්චාරකයන් එන්න ගත්තේ ඊයේ පෙරේදා. දැන් ඔයාල එන්න කලින් කොරෝනා ලංකාවේ තිබුණේ නැද්ද. මිනිස්සු ට බෝවුනේ නැද්ද ? ඔය සංචාරක යෝ නෑවිත් හිටියොත් ලංකාවේ කොරෝනා ඉවර වෙනවද ? මනස්ගාත බූරු පැටවුන්ගේ. කොරෝනා ගැන බලන ගමන් දැන් රටේ සුපුරුදු කටයුතු ආරම්භ කල යුතුමයි

Leave a Comment

Main News