යුගදනවි ගණුදෙනුව ආයෝජනයක් නොව ඩොලර් මිලියන ගණනක් පිටරටට ඇදී යාමක්..

November 5, 2021 at 3:21 am | lanka C news
යුගදනවි ගණුදෙනුව ආයෝජනයක් නොව ඩොලර් මිලියන ගණනක් පිටරටට ඇදී යාමක්..

යුගදනවි බලාගාරයේ ගනුදෙනුව කිසිසේත්ම රටට මුදල් ගලා එන ආයෝජනයක් නොව ඩොලර් මිලියන හාරසිය දහයකට ආසන්න මුදලක් විදේශයන් වෙත ඇදී යන්නක් බව සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය හා ඒ ආශ්‍රිත සේවක වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත දැවැන්ත උද්ඝෝෂණ මාලාව සහ යුගදනවි පවරා දීමේ ආණ්ඩුවේ ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවක මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා;

“අද යම්කිසි ආකාරයකට ජනතාවට විදුලිය නොමැති වීම නිසා ඒ වගේම එහි අතුරු ඵලයක් හැටියට ජලය නොමැති වීම නිසා දුෂ්කරතා ඇති වුනොත් ඒ වගේම අනාගතයේ සිදුකරන යම් යම් විරෝධතා ව්‍යාපාර, වර්.ජන නිසා දුෂ්කරතා ඇති වුනොත් ඒක ඇත්තටම දැන් මේ දුක් විඳින ජනතාවට සිදුවන තවත් විපත්ති බව ඉතාම පැහැදිලියි. හැබැයි කවුද ඒකට වගකියන්න ඕන? මේ විදුලිබල ක්ෂේත්‍රයේ සේවකයෝ බොහොම ඉවසීමෙන් පසුගිය ඒ වසංගත සමයේ තමන්ගේ සේවාව අඛණ්ඩවම සැපයුම් ආදිය කරගෙන ගියා. ඒ අය ඒ තමන්ගේ සේවාවන් සපයද්දී ලොකු කැපකිරීමක් ඒ ඉංජිනේරු මහත්තුරු ඇතුළු සියලුම සේවකයෝ ඉෂ්ට කළා.”

යුගදනවි, ස්වභාවදනවී බලාගාර අමෙරිකා එක්සත් ජනපදයේ සමාගමකට විකුණා දැමීමේ දේශද්‍රෝහී පරගැති, ලිබරල්වාදී ක්‍රියාවලියට ප්‍රතිචාරයක් ලෙස සේවකයන් මෙසේ නැගී සිට තිබේ. ඔවුනගේ ජීවිත, රටේ අනාගත පරපුරේ ජීවිත මෙන්ම රටේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව මෙමගින් බිඳ වට්ටවා තිබෙන බැවින් මේ පිබිදීම සිදුව ඇති බව රණවක මහතා පෙන්වා දෙයි.

“එයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ. මේ ජනාධිපති, අගමැති, මුදල් ඇමති ඇතුළු ආණ්ඩුව.

යුගදනවි ගනුදෙනුව පිළිබඳව ආණ්ඩුව විවිධ තර්.ක ගෙන එමින් සිටී.

  1. මෙය විදේශ ආයෝජනයක්?

මෙය කිසිසේත්ම විදේශ ආයෝජනයක් නොවේ. රටේ තිබෙන මුදල් සත්‍ය වශයෙන්ම විදේශවලට ඇදීයාමක් මෙහිදී සිදුවේ.

“යුගධනවි බලාගාරයේ තිබුණා විදේශ මුදල් වලින් ගෙවන ණය කොටසක්. ඒ වගේම රුපියල් දේශීය මුදල් වලින් ගෙවන ණය කොටසක්. ඒ විදේශ මුදල් වලින් ගේන ණය කොටස මේ වසරේ අග භාගය වෙනකොට ලබන වසරේ මුල භාගය වෙනකොට සම්පූර්.ණයෙන්ම අවසන් වෙනවා. ඒ අනුව ඉතුරු වෙන්නේ රුපියල් වලින් ගෙවන ණය විතරයි. දැන් එතකොට මොකද වෙන්න යන්නේ? මේ විදේශ ආයෝජනය මගින් මේ ලබාගන්නේ මේ බලාගාරය එහෙම නෙමෙයි. හුඟදෙනෙක් හිතනවා මේ බලාගාරයේ කොටස් 40% ක් ලබා ගන්නවා කියලා. නෑ. මේ බලාගාරයට ලංකා විදුලිබල මණ්ඩලය ඊළඟ අවුරුදු එකොළහේදී ගෙවීමට නියමිත රුපියල් බිලියන 225ක් ඒ කියන්නේ අද මිල ගණන් වල හැටියට ආසන්නයේ ඩොලර් 40% ක් ලබා ගැනීම තමයි මේකේ අරමුණ

“දැනට රුපියල් වලින් ගෙවන්න තියෙන ණයක් ඩොලර් වලට පරිවර්තනය වීම තමයි වෙන්නේ කොටින්ම මෙතන වෙන්නේ ආයෝජනයක් නෙවෙයි තියෙන සල්ලියක් ආපහු යාම කොච්චරක්ද ආසන්න වශයෙන් අපිට පේනවා මේ ඊළඟ අවුරුදු එකොළහේදී පළමුව මෙය ආයෝජනයක් නෙවෙයි. ඩොලර් මිලියන 410 කට ආසන්න මුදලක් දැන් තියෙන තත්වය යටතේ පිටරට යනවා. ඉදිරියේදී රුපියල තවත් අවප්‍රමාණය වුනොත් මේ ගාන මීටත් වැඩි වෙන්න පුළුවන්. මේක තමයි තත්ත්වය.”

  1. නව බලාගාරයක් ඉදිකිරීම සඳහා ඉතාම සහන පොලියට ණයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිතය?

එම මුදල ඩොලර් මිලියන 140 කි. , ලංකාවේ Lanka Transfomers ආයතනය ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන මුදල ඩොලර් මිලියන 70 කි. ඉන් ඩොලර් මි. 35 ක් එම ආයතනයට ලබාදී සොබාදනවි විදුලි බලාගාරයෙත් 49% ක කොටස් ලබා දීමට නියමිතය.

“බලාගාරයේ කොටස් පමණක් නෙමෙයි. ඔවුන්ට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ගෙවන කොටස් ඒ කියන්නේ ඒ ගෙවන ස්ථාවර ගාස්තු එහෙම නැත්නම් ඔවුන්ට කොටසක් ලැබෙන්නයි යන්නේ. එතකොට එකක් ගන්නවා දෙසිය පනහකට මෙගාවොට් තුන්සීයක් තුන්සිය පනහක් ගන්නවා ඩොලර් මිලියන තිස්පහකට. ඒ විදිහට ඇත්තටම තමන්ගේ ආයෝජනයේ සැලකිය යුතු ප්‍රමාණයක් ආපසු ලබාගන්න මේ ඊළඟ අවුරුදු දහය, පහලව, එහෙම නැත්නම් විස්ස ඇසට නොපැමිණෙන අනාගතය කරා යන්න තමයි මේ උත්සාහය ඇවිල්ලා තියෙන්නේ.”

  1. මෙය දැනට ලංවිම ටෙන්ඩරයට වඩා ලාභදායකයි?

එසේ නම් සිදු කළ යුතුව තිබුණේ එම ටෙන්ඩරය අදාළ ආයතනය විසින් ඉල්ලා සිටීමය. එවිට එම ආයතනයේ මූල්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තත්ත්වයන් දැනගත හැකිව තිබිණ. දැනට වාර්.තා වී ඇති අන්දමට මේ සමාගම සත්‍ය වශයෙන් ම බංකොලොත් තත්ත්වයට පත්ව තිබෙන ආයතනයකි. අදාළ සමාගම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කිසිම ලාභයක් ඉපැයූ සමාගමක් නොවේ.

“මෙතන ගනුදෙනුව තියෙන්නේ ඔය පාවෙන ගබඩා සංකීර් ණය වත් නල පද්ධතියවත් නෙවෙයි. දැන් අපට පෙන්නන්නේ පාවෙන ගබඩා සංකීර් ණයේ නළ පද්ධතිය හරහා බ්‍රිතාන්‍ය තාප ඒකකයට එහෙම නැත්නම් බී. ටූ. එකකට එම්. එම්. බි. ටූ එකකට දැනට යෝජිත චීන පකිස්ථාන ඒ ටෙන්ඩර්කරුට වඩා මේ ගොල්ලෝ ලාබයි කියලා.”

මේ විදුලි ඒකකයට යන මුදල සිතා බැලුවහොත් ඒ මුදලෙන් මේ පාවෙන බලාගාරය සහ නල පද්ධතියට අයත් වන්නේ 5% ත් 10% අතර වියදමක් පමණි. ඉතිරි 90% ඇත්තේ ගෑස් සැපයුමේ ය.

“අන්න එතනයි මේ එකේ රහස තියෙන්නේ. ඒ 90% ඇතුළෙ තමයි තියෙන්නේ. මොකද මේ රටට ආවා මුලින්ම කොරියන් සමාගමක්. ඒගොල්ලෝ නොමිලේම මේ නල පද්ධතිය සහ ගබඩා ඇති කරන්න ලෑස්ති වුණා. නමුත් ප්‍රශ්නෙ මෙතන තියෙන්නේ මේ ගබඩා ඔයේ හෝ නල පද්ධතියේ ප්‍රශ්නයක් නෙවෙයි. ගෑස් සැපයුමේ පිළිබඳ ගැටළුවක්. ගෑස් සැපයුම මේ ආයතනයට ලබා දෙන්නයි යන්නේ. කවුද එතකොට ඒ ගෑස් සැපයුමෙන් ප්‍රයෝජන ලබන්නේ දැනට මූලික වශයෙන් යුග දනවි. අනාගතයේ එන සොබාදනවි, ඒ වගේම කැළණිතිස්ස බලාගාරයේ තියෙන බලාගාරය, ඒ වගේම කේ. සී. සී. පී. කියන විදුලිබල මණ්ඩලයට අයිති බලාගාරය. මේ සියල්ල එක්කහු කලාම දාහකට ආසන්නයි. හැබැයි විදුලිබල මණ්ඩලයේ තවත් බලාගාර ගණනාවක් තියෙනවා. ඒ ටිකත් ඔක්කොම එක්කහු කළොත් මොකද වෙන්නේ? දැන් මේගොල්ලෝ යෝජිත ආකාරයට එම් බී ටී යූ පනස් හයක්, පනස් අටක් වර්ෂයකට සපයන්න නියමිතයි. ඉදිරි කාලයේදී, මේ බලාගාර සඳහා. ආරම්භයේදී හතළිස් දෙකක්, පසුව පනහක්, පනස් හයක්. දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ ඉදිරි අවුරුදු දහයේදී ආසන්න වශයෙන් මේගොල්ලෝ ලබා දෙන්න ලෑස්තියි. ආසන්නයෙන් පනස් දෙකකට ආසන්න ප්‍රමාණයක් ලංවිම බලාගාර වලට.”

අදාල පත්‍රිකාවේ සහ අවබෝධතා ගිවිසුම ලෙස අත්සන් කරන ලද ලියවිල්ලේ සඳහන් කරන ආකාරයට හෙන්රි හබ් නමැති  ගෑස් සැපයුම් ක්‍රියාදාමයත් සමග තිබෙන දර් ශකයට තවත් ඩොලර් 5.5% ක් ලැබීමට නියමිතය.

“මෙතන කියනවා, 5.5 ක් තව අතිරේකව එන්න ඕන කියලා. අන්න එතන තමයි පළවෙනි හොරේ තියෙන්නේ. මොකක්ද එතකොට කියන්නේ? 52 x 5.5 අපිට පැහැදිලියි ආසන්නයෙන් සෑම වසරකටම, ඩොලර් මිලියන 250-300 අතර ප්‍රමාණයක් මේ ආයතනයට ලාභ හැටියට ගලා යනවා. හොඳයි නේද වැඩේ?

“මේ කරපු මේ සාහසික අපරාධය මේ රටට ඩොලර් හිඟයකින් පෙළෙන මේ රටට කිසිසේත්ම මේ ජනාධිපතිට, අගමැතිට, මුදල් ඇමතිට සමාව දෙන්න බැරි සාහසික අපරාධයක් තමයි මේ කරලා තියෙන්නේ.

“දැවැන්ත පාවාදීමක්, ඩොලර් පිළිබඳ ප්‍රශ්නය තවත් උග්‍ර කරන ණය උගුලකට රට හසුකරන ක්‍රියාදාමයක්”

  1. ලංකාවෙ මහා තෙල් හා ගෑස් උල්පතක් තියෙනවා?

“ලංකාවේ මහා තෙල් හා ගෑස් උල්පතක් තියෙනවා. ලංකාවේ විදේශ ණය සියල්ලම ඒකෙන් ගෙවන්න පුළුවන් කියලා බලශක්ති ඇමතිතුමා ඇතුළු ආණ්ඩුව කියනවා. ඇත්තටම ඔය කියන තරම් ගෑස් සම්පතක් තාම නිශ්චිතව හම්බවෙලා නෑ. ලංකාව වටේටම ගෑස් සහ තෙල් තියෙන බව පැහැදිලියි. නිශ්චිත ගෑස් සම්පතක් 2011 සැප්තැම්බර් මාසේ හමුවුණා මන්නාරමේ. ඒ ගෑස් සම්පතෙන් මේ සොබාදනවි, යුග දනවි, ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට අයිති ඔය සියලුම බලාගාර ටික දුවවන්න. ඒ පිළිබඳ සැලැස්මක් යහපාලන කාලයේ හදලා 2015 අපි ඉදිරිපත් කළා. එතකොට ලංකාවේ ගෑස් සම්පත වේලි වේලී තිබියදී ඇමරිකාව හරහා අප්‍රිකාවෙන් අඩු මිලට ලැබෙන ගෑස් වැඩි මිලට ලංකාවට විකිණීමේ ප්‍රයත්නයක් තමයි මේ සිද්ධවෙන්නේ. කොහෙද දේශීය ආර්ථිකය? කොහෙද ජාතික ආර් ථිකය? කොහෙද දේශප්‍රේමය? මේ ගැන පි සියලු දෙනාම කම්පා විය යුතුයි. ඒක තමයි අපි මේ කියන්නේ. මේක ඉතාම දේශද්‍රෝහී ගිවිසුමක් විතරක් නෙවෙයි.”

“රටේ ගෑස් සම්පත විදේශ ආයෝජකයන්ට විකුණන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඉතාම සීමාසහිත දෙයක්. ඒ සීමා සහිත දේ පාවිච්චි කිරීමේ විභවය මේ අවස්ථාවේ තියෙන්නේ. ලංකා විදුලිබල මණ්ඩලයට පමණයි. විදුලිබල මණ්ඩලයට පමණමයි. ඒකට විදේශ රටක් ගාවාගෙන විදේශයකින් ගෑස් ගෙන්වීමෙන් වෙන්නේ ලංකාවේ ගෑස් සම්පත සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න බැරි තත්වයකට අපතේ යැවීමක් විතරයි. මේක තමයි පරගැති කරණේ.”

  1. විදුලි මාෆියාව

“ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ආණ්ඩුකාරයා 2002 දි ගෙදර ගියා. ඇයි? විදුලිබල අර් බුදයක් නිර් මාණය කළා විදුලි මාෆියාව. ඔහුට ගෙදර යන්න වුණා. ඒ වගේම ජපානයේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් ආපු අගමැතිවරයාට ගෙදර යන්න වුණා. එල්. එන්. ජී. කට්ටියත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා. ඕස්ට්‍රේලියාවෙ අගමැතිතුමියට ගෙදර යන්න වුණා. ගල් අඟුරුත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා. මට ගෙදර යන්න වුණා.. අනිවාර්යෙන්ම මේ එක්සත් ජනපද විදුලි මාෆියාවට රට බිලි දෙන වෑයමක් තමයි මේ වෙන්නේ.”

  • ලංකාව ජාත්‍යන්තර ගැටුමකට යනවා!

“මෙහි ප්‍රතිඵලය තමයි ජාත්‍යන්තර ගැටුමකට ලංකාව යන එක. මොකද දැනට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තේරිලා තියෙන්නේ චීන සමාගමක ගෑස් සැපයුමක් ලබා ගන්න ඊට අදාළ යටිතල පහසුකම් ලබා ගන්න. ඒ වෙනුවට ඇමරිකානු සමාගමකට මේක ලබාදීම විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට ගිහිල්ලා, කැබිනට් මණ්ඩලය පවා සාකච්ඡා නොකොට ලබාදීම විසින් මොකද වෙන්නේ ජාත්‍යන්තර ගැටුමකට ලංකාව මැදිහත් වෙනවා. දැනටමත් එක්සත් ජනපදයත් ඉන්දියාවත් එක පැත්තක චීනයත් පකිස්ථානයත් තව පැත්තක මේ ගැටුමට ලංකාව කෙලින්ම මැදිහත් කරනවා මේක මගින්”

“මේ ඇමරිකානු විරෝධය ගැන බොරු කයිවාරු කතා පැවැත්තුවට ඇත්තටම මේ රටේ තිබිච්ච ඇමරිකන් ඒකාධිකාරය ඩීසල් අද මේ සිදුවෙන උද්ඝෝෂණවලින් අනාගතයේ තෙල් විදුලිය, වරාය ආදී වෘත්තීය සමිති විසින් සිදු කරන්න බලාපොරොත්තු වෙන උද්ඝෝෂණ වලින් ජනතාවට අනිවාර්යයෙන්ම පීඩා විඳින්න වෙනවා. අපි ඒ ගැන කණගාටු වෙනවා. හැබැයි එහි වගකීම දැරිය යුත්තේ වෘත්තීය සමිති නෙවෙයි. මේ ජාතික දේපල විකුණන පරගැති ලිබරල්වාදී ජනපති, අගමැති, මුදල් ඇමති ඇතුළු මේ ආණ්ඩුව කියන එක අපි බොහොම පහදිලිව කියනවා.”

යුගදනවි පිළිබඳව කළ දේ හරිද වැරදිද යන්න විමසා බැලීම සඳහා හැකිනම් පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පවත්වන ලෙස හිටපු ඇමැතිවරයා ආණ්ඩුවට අභියෝගයක් ද කළේය.

“පුළුවන්නම් පාර් ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවලා රහසිගත ඡන්දයක් කවුද කොහාටද ඡන්දෙ දුන්නෙ මන්ත්‍රීවරයා කියලා හොයන්න බැරි රහසිගත ඡන්දයක් පවත්වන්න කියලා අභියෝගයක් අපි ජනාධිපතිට, අගමැතිට, මුදල් ඇමතිට කරනවා.”

– media unit

30,791 views

15 Comments to “යුගදනවි ගණුදෙනුව ආයෝජනයක් නොව ඩොලර් මිලියන ගණනක් පිටරටට ඇදී යාමක්..”

  1. 3% ට බය බයියා. says:

    මේ පිං බිමට අහිතකර සියලුම ගිවිසුම් අහොසි කර නැවතත් ලක් මව පෝෂණය කරන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .කාඩ්බෝඩ් විරුවන් පරාජයට පත් කර මාෆියාව ජය පිට ජය ගන්නවා .පොහොට්ටුව ගොඩ රට වලපල්ලේ ,පවුල ගොඩ ජනතාව කනත්තට .

    • Amaris says:

      මේ රටට ඔරොත්තු නොදෙන මහා පරිමාන සුදු අලි තමා ශීලන්කන් ගුවන්සේවය විදුලිබල මංඩලය ඛනිජතෙල් සංස්තාව වගේ ආයතන. මේවා පාඩුලැබීමට මූලික හේතුව තමා මහා පරිමාණ දූෂණ වලට අමතරව සේවකයින්ට ගෙවන අතිවිශාල වැටුප් සහ අතිකාල දීමනා. උපාධිදාරී ගුරුවරයෙක් රු 35000 ක් වගේ සොච්චමක් ලබද්දී මේ ආයතන වල වැඩ කරන රියදුරෙකුගේ පවා වැටුප රුපියල් ලක්ශගානක්. මේවාගේ අද්‍යක්ශක මංඩල වලට පත්කරනු ලබන්නේ කිසිම සුදුසුකමක් නැති දේශපාලුවන්ගේ නෑ පරපුර හෝ සමීපතම හිතවතුන්. ඔහුන්ගේ වැටුප් මිලියන ගනන්. උදාහරණයක් ලෙස පාඩු පිට පාඩු ලබන ශ්‍රීලන්කන්වල අධ්‍යක්ෂක මංඩල වලට පත්කරන්නේ ඉහලම දේශපාලන ප්‍රබලයින්ගේ පුතුන්ගේ බිරින්දෑ වරුන්ගේ මාපියන් මොහුන්ට කාර්යාල කාර්ය සහයෙකුට අවස්‍ය මූලික සුදුසුකම්වත් සපුරා නෑ .නමුත් වැටුප ලක්ශා 25 යි. ඊට අමතරව වාහන ඉන්ධන දීමනා නොමිලේ ගුවන් ගමන්. රටට ආදරයක් ඇත්නම් මේ වර්ජන උද්ගෝශන කරන පිරිස් කලයුත්තේ මේවා පුද්ගලික කරණය කර දිනකට බිලියන් ගනන් රජය ලබන පාඩුව වලක්වා දුප්පත් ජනතාවගේ අත්‍යවස්‍ය බඩු මිල යම් ප්‍රමාණයකට අඩු කරන ලෙසයි .නමුත් කිසිලෙසකත් එය සිදුවන්නේ නෑ ඔහුන් බලන්නෙත් පවතින රජය පෙරලා දමා. නව රජයක් යටතේ සැලකිය යුතු සේවයක් නොකර තව තවත් අතිකාල දීමනා වැටුප් යනාදිය වැඩි කරගෙන තමන්ගේ බඩ ගෝස්තරය ගැන පමනක් සිතීමයි. ලංකාව මේවනවිට ලෝකයේම දුප්පත් රටවල් අතරට පැමිනීම පුදුමයක් නොවේ .

    • අනුරයියගෙ පුන්චම්මා says:

      මුන් ගොබ්බ විප්ලව දෙකක් කොරන්ඩ ගිහිං රටට කොරපු විනාසේ මදිද ? තාම ඒ විනාසෙට නායකත්වය දුන්න කලකන්නියව අවුරුදු පතා සමරනවා.JVP කාරයෝ තරම් පාදඩ සක්කිලි ලොවෙන් නෑ අපේ කොල්ල උනත් ඇත්ත කියන්න ඕන

    • Hesh says:

      ආර්ථික විද්යාව පැත්තකින් තියලා මාක්ස්වාදය, සමාජවාදය වගේ මිත්යා පස්සේ ගියපු එක තමා මේ රටේ ආර්ථිකය එක තැන පල් වෙන්න හේතුව. ජෙප්පොන්ට චන්දෙ දුන්නම රට තවත් යන්නේ සමාජවාදය කියන මිත්යාව පස්සේ. රට කියුබාවක් කරන එකද උබලා රට දියුනු කරනවාඅ කියන්නේ?

  2. සක්කිලි හොර බැසිලාටත්, උගේ සනුහරේටත්, හෙන හතම වැදියන්! මක බෑවිලාම පලයන්! පාටලියෝ! උඹහැ ප.ච. රනවකනේ! කියන දේ ඇත්ත උනත්, නැත්ත උනත් , තමුසෙටත් අපකීර්තිමත් ගල් අගුරු ගනු දෙනුවක් කරලා හත් පොලේ අසූචි තවරා ගත් සූකරයෙක් නොවැ ! අපිට ඕනෑ අලුත් රටක්! අලුත් නායකයෙක්! නිවරැදි වැඩ පිලිවෙලක්! උඹවත්, සජිත්වත්, අනුර දිසානායකවත් එපා! තොපි ඔක්කොම මේ විනාශයේ හවුල් කරුවෝ!

    • No to 225 says:

      සහතික ඇත්ත පරන 225 කාඩ් කුට්ටම අනලා Old Vine In a New Bottle එකක දාගෙන ආපහු සුපුරුදු බූරු පොලේ (පාර්ලිමේන්තුව) පරණ සූදුවට මුන් ටික සෙට් වෙන්නයි යන්නේ.
      අනුර සජිය රාජපක්ෂලා පාඨලීලා නැවත එපා. ද්විත්ව පුරවැසියනුත් එපා.

  3. සහොදරය says:

    දෙන් එතකොට JVP මේ LNG ගිවිසුම ට කෙමති ද, නෙත්නම් පක්සයේ අරමුදල තර කරන විදේශ රටෙන් සද්දෙ වහල ඉන්න කිඋව ද.

  4. 0.00069 BIYYO says:

    සක්කිලි හොර බැසිලාටත්, උගේ සනුහරේටත්, හෙන හතම වැදියන්! මක බෑවිලාම පලයන්!
    මේ පිං බිමට අහිතකර සියලුම ගිවිසුම් අහොසි කර නැවතත් ලක් මව පෝෂණය කරන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි

    • අනුරයියගෙ පුන්චම්මා says:

      JVP මුන් ගොබ්බ විප්ලව දෙකක් කොරන්ඩ ගිහිං රටට කොරපු විනාසේ මදිද ? තාම ඒ විනාසෙට නායකත්වය දුන්න කලකන්නියව අවුරුදු පතා සමරනවා.JVP කාරයෝ තරම් පාදඩ සක්කිලි ලොවෙන් නෑ

  5. පබිලිස් says:

    මේ LNG ගිවිසුම ට ජේවීපී ස්තාවරය කුමක්ද.
    සද්දෙ වහල හෙමින් ගමට රින්ගුවෙ

    • Neo says:

      උන් වැඩියම කැමතියි ටෙන්ඩර් පටිපාටියට අනූව මේක චීන සමාගමට දුන්නනම්. එතකොට උන්ට පුලුවන් උන්ගේ පොශ් මූණත් තියාගෙන චීන විරෝධයත් එකතු කරලා මේකට විරුද්ද වෙන්න. ඇමරිකාවට විරුද්ද නොවී ගිවිසුමට විතරක් විරුද්ද වෙන්නේ කොහොමද කියලා උන් දැන් බලන්නේ.

  6. ඡනතාපරමාධිපත්‍ය සවෙෙරීතවය ස්ථාපිතකිරීමට නොපමාව පෙළගැසෙමු,.! says:

    ””සැවොම එකතුවෙමු ජයවේවා,..!
    ඡනතාපරමාධිපත්‍ය සවෙෙරීතවය ස්ථාපිතකිරීමට නොපමාව පෙළගැසෙමු,.!
    ””හෙළයනි සටනට සූදානම්වන්න,.!

    225 පෝෂණය කරනවද නැතිනම් සියල්ල එකතුවී සැමදෙනාටම එකසේ පෝෂණය ව්මට හැකි මගක් සොයනවද යන්න පැහැදිළිවම අප සතුව ඇති අභියෝගයි,.!

    ”සොරැන් වංචනිකයන් දූශිතයන් පාවාදෙන්නන්,. පාට පකෂ බේදයකින් තොරව සිරගතකිරීමට, පළවාහැරීමට සහ ඡනතාපරමාධිපත්‍ය සවෙෙරීතවය ස්ථාපිතකිරීමට නොපමාව පෙළගැසෙමු,.!

    ””’ නාගානන්ද කොඩිතුවක්කු,…..!

    එම මග තැනීමට කැපවීවීමෙන් ඉදිරිපත්වී සිටිනු ලබයි,.!

    ””සැවොම එකතුවෙමු ජයවේවා,..!
    ”මාත්‍රෘෘභුමියට ජයවේවා,..!

  7. SL says:

    අපි පත්තු කරන බල්බ් එකක් ගානේ පිට රටට සල්ලි ඇදිල යනවා , අදානි හුලන් විදුලි මෝල් හදන්න යන්නෙත් ඒ පරමාර්ථයෙන්.

    මේ දක්වා දේශීය ව්‍යවසායකයින් විදුලි බල යට ආයෝජනය කරලා ආදායම් හොයාගත්ත, CEB එකෙත් එතන හොර මගඩි ඇති වෙනකල් වුනා. විදුලිය, සෞඛ්‍ය කියන්නේ හොරාකන්න තියෙන ඉල්ලම්.

    බැසිල කියන්නේ පට්ටම පට්ට අපතයෙක් ,ඌ රෙන්නෙත් සල්ලි .ඒ තරම් කෑදර එකෙක් ,උගේ පවුලේ අනිත් වට්ටකේ ලා මේවා නොදන්නා හේතු නැහැ.

    ලංකාව විනාශ වෙලා තියෙන්නේ රාජ්‍ය කොමිස් ගැහිලි හින්ද ..මේවට නොනිල වශයෙන් දේශපලන සම්බන්ධ වුර්තිය සමිති සහ එවයි ඉන්න ඉන්න අපතයොත් , ඇතුලෙම ඉඳන් හොරට වැඩ කරන කාලකන්නිත් මේවට වගකියන්න ඕනේ.

    • Hesh says:

      දේශීය ව්යාපාරිකයෝ අයෝජනය කරලා හදන්නේ 10MW, 30MW වගේ ඒවා. 500MW විතර බලාගාරයක් හදන්න රුපියල් බිලියන 100ක් විතර අයෝජනය කරන්න පුලුවන් අයෝජකයෝ ඉන්නේ කොහෙද ලන්කාවේ? එහෙම ඉන්නවනම් මේක දියුනු ධනවාදී රටක්.

      ක්‍රම 3යි තියෙන්නේ. එක්කො විදුලි බලාගාර හදන්නේ නැතුව කලුවරේ ඉන්න ඕනෙ. රටේ අපනයන කවදාවත් වැඩි වෙන්නේ නෑ එහෙම උනොත්. සදාකල් දුප්පත්. එහෙම නැත්නම් ආණ්ඩුව ණයට අරගෙන විදුලි බලාගාර හදලා ණය ගෙවන්න ඕනෙ. අනිත් විකල්පය තමා විදේශ අයෝජකයොන්ට විදුලි බලාගාර හදන්න ඉඩ දෙන එක.

      New Fortress ගනුදෙනුවේ තියෙන ප්‍රශ්නේ විදුලි බලාගාර හදන එක නෙවේ. ඒක අතවශ්ය දෙයක්. එතන තියෙන ප්‍රශ්නේ gas සැපයුම එක සමාගමකට දෙන එක.

  8. JVP ගැන නැවත හිතන්න පුලුවන්, ඒකේ දැන් ඉන්න නායක හැත්ත, UNP එවුන්ටත් එහා ගිහින්, අරලියගහ මන්දිරයේ, අසූචි වලේ බැහැගෙන රනිලගේ අසූචි බුදිපු හැටිඅපිට තවම මතකයි ඉදකින්!හිරිකිතයි! අපුලයි ! JVP යේ අනුර කුමාර , ටිල්වින්, විජිතවගේ අපත හැත්ත,පන්නල, රටෙ ජනතාවගේආදරය, විස්වාසය දිනා ගත්, සුනිල් හදුන්නෙත්ති වගෙ තරුන නායකයෙක් යටතේ, JVP යෙන් විවිද හේතු මත ඉවත්වූවන් එක වේදිකාවකට ගෙනෙන් ! අපි එදාට තොපිත් එක්ක එනවා !

Main News