‘යුගදනවි’ ගිවිසුම්ගතව ඇත්තේ නිවු ෆෝට්රස් සමග නොවේ.. වෙනත් සමාගමක් සමගයි.. ගිවිසුම සභාගත කරමින් අනුර කියයි..
December 10, 2021 at 12:42 pm | lanka C news
යුගදනවි බලාගාරයේ කොටස් ලබාදීම සඳහා ගිවිසුම්ගත අත්ව ඇත්තේ ඇමරිකානු නිවු ෆෝට්රස් සමාගම සමඟ නොව වෙනත් සමාගමක් සමග බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අද විශේෂ හෙලිදරව්වක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ
එන් එෆ් සී ශ්රී ලංකා පවර් හෝල්ඩින් සමාගමක් සමග බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමන් විසින් එම ගිවිසුම සභාගත කරන බවද මන්ත්රීවරයා කියා සිටියේය.
givisuma mehema hanganawanam monatharam komis gahillak meke athida
භරි සමාගමේ නමවත් දන්නේ නැතුවද මේ රතු අලි පැටියා ශේෂ්ටාදිකරනයට ගියේ.