යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි..

October 16, 2021 at 12:00 pm | lanka C news
යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි..

ඇමරිකානු සමාගමක් වෙත යුගදනවි බලාගාරය කොටස් සියයට හතළිහක් ලබාදීම සම්බන්ධයෙන් එළඹී ඇති ගිවිසුම් පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්චා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත දැනුම්දී තිබේ.

මෙම දැනුම් දීම් කර ඇත්තේ අදාළ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමනට වෙලාවක් ලබාදෙන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් යොමු කර තිබූ ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

මේ හේතුවෙන් අදාළ ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයින් අද දිනයේ දී හමුවීමට නියමිතය.

ඇමතිය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ පක්ෂ නායකයින් වෙත ජනාධිපතිවරයා තම ප්‍රතිචාරය ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.

25,699 views

13 Comments to “යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි..”

  1. Ranjith Gunawaradana says:

    Mr President you have received 6.9 million voters by direct ballots, needless to say why they vote for ..on what grounds ? On trust and confidence by mandate of elected as a President of Republic of Sri Lanka.
    Because the majority People trust and confidence on your political manifesto by seek social contract with your promises work out after being Presidency of Island .
    The unexpected proposed of given to US company for Gas supply with NOT APPLY proper procedures is undemocratic norams. It violated Economic Sovereignty Islanders by hand over national assets and wealth to US is unethical rule of governances. This is a country has been an apply of delas and agreement’s turn to implements of all that transaction could come on by over and above board .
    His Excellence You have an intentionally discarded that basic norms of trust .

  2. Ravi says:

    අමරිකානු පුරවැසියෙක් ජනාධිපති කිරීමේ පරමානන්දය! ඇමරිකානු කොඩිය ඉදිරිපිට පුරවැසි භාවය ගන්න දියුරපු දිවුරිල්ල රකිනවා කොහොමත්! වැරදුනේ හැට නම ලක්ෂයට ලංකා ඉතිහාසයේ අවසානම රාජපක්ෂ පාලකයා . රනිල් බලයට ආවේ විකුණන බව කියල රාජපක්ෂල බලයට ආවේ විකුනපුව නැවතත් ගන්නා බවට පව කෙළිමින් රටේ ජනතාව අන්දමිනි යුගයේ හොඳම බොරු කාර පවුල් සමාගම.