යුගදනවි ගිවිසුම තොරතුරු හෙලිකිරීම තහනම්..- ගිවිසුමේ වගන්තියක්..

November 13, 2021 at 5:30 pm | lanka C news
යුගදනවි ගිවිසුම තොරතුරු හෙලිකිරීම තහනම්..- ගිවිසුමේ වගන්තියක්..

ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරයේ කොටස් ලබා දීමට අදාල තොරතුරු ලබා නොදෙන බවට අදාළ ගිවිසුමේ වගන්තියක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අයවැය විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

‘අපේ රටේ වියවස්තාව අනුවත් පාර්ලිමේන්තු වරප්‍රසාද අනුවත් මන්ත්‍රීවරු ඉල්ලන තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව බැදිලා තියනවා .නමුත් යුගදනවී ගිවිසුමේ එක වගන්තියක් තියනවා මේ තොරතුරු කවුරු ඉල්ලුවත් දෙන්නේ නැ කියලා.හැකි ඉක්මනට වරප්‍රසාද කමිටුවට මේක ගන්න.ආණ්ඩුව ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරනකොට තොරතුරු කාටවත් දෙන්න බැ කියන්න බැ, පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ’

30,453 views

9 Comments to “යුගදනවි ගිවිසුම තොරතුරු හෙලිකිරීම තහනම්..- ගිවිසුමේ වගන්තියක්..”

  1. Ata Danavi says:

    Mokakda hangagena, Mokakda eken kelinawa wagei!

  2. Citizen says:

    Power of 20 A.

  3. Jehan says:

    This is against the right for information.

  4. Gamarala says:

    උබලා හම්බන්තොට වසර 99ට දුන්නෙත් මේ වගේ තමා උනුත් එකයි මුනුත් එකයි.

  5. 3% ට බය බයියා. says:

    ඔය ගිවිසුම ඉරා දමා නැවතත් එය ලංකාවට අයිති කර ගත හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  6. ඡිවත්වීමේ අයිතිය වටහාගැනීමට ..! says:

    ”ශ්‍රීළංකාව දෙකඩ කිරීමතුළින් ඡනයා සංහාරකරමින් භුමිය ත්පත්කර ගැනිම අරමුණු කර ගනිමින් ත්‍රස්ථවාදය නිර්මාණය කර තිහස්අවුරැදු යුද්ධයකට රට යොමුකරවමින් අසීමාන්තිකව අරමුදල් ආයුධ සපයමින් රට දෙකඩ කර අත්පත්කර ගැනීමේ ක්‍රියාව සාමූහික උත්සාහයන් තුලින් ව්‍යවර්ථ කරන ලදී,.

    බටහිරයන්, ඇමෙරිකානුවන් විසින් වංචනික, දූශිත පාලකයන් නිලදාරීන් ග්‍රහනයට ගනිමින් ආයෝඡන යැයි හඳුන්වාදෙමින්,. ”’ඡාතික සම්පත් වංචනික ක්‍රමෝපායන් තුලින් අත්පත්කර ගනිමින්”’ ඡනයා සතු නිදහස සවෙෙරීතවය සහ අයිතීන් උදුරා ගමින් ඡිවත්වීමේ අයිතිය ක්‍රමාණුකුළව උදුරා දමනුයේ කිසිවෙකුටත් අගමුළ වටහාගැනීමට නොහැකි ලෙසයි,.!

  7. JR says:

    ගිය ආන්ඩුව කරපුව චූඑන්පිය කිව්වද?

  8. Gamini Senanayake says:

    රටේ නිතියට පිටින් කාටවත් ගිවිසුම් අත්සන් කරනින බැහැ. අත්සන් කරත් ර්ක වලංගු නෑ. කරපු ැයට හිෙර් යන්න වෙනව.