යුගදනවි ගිවිසුම පසුපස අතයට ගණුදෙනුවක්..

September 27, 2021 at 6:23 am | lanka C news
යුගදනවි ගිවිසුම පසුපස අතයට ගණුදෙනුවක්..

ඇමරිකාව සමග යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුම පසුපස අතයට ගණුදෙනුවක් සිදු වී ඇතැයි පැහැදිලිව පෙනී යන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට හෝ කිසිදු තොරතුරක් නොදන්වා බවයි.

පැවැති ආණ්ඩුව රට විකුණන යැයි චෝදනා කරමින් බලයට පැමිණි නව ආණ්ඩුව අද වන විට රටේ දේපල හොර රහසින් විකුණා දමමින් සිටින්නේ යයිද ඔහු චෝදනා කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

25,565 views

16 Comments to “යුගදනවි ගිවිසුම පසුපස අතයට ගණුදෙනුවක්..”

  1. අනේ අපොයි says:

    රටට උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්, බලපුහාම ගෝඨා කිසිම වැඩක් නෑ, රටේ සම්පත් ආරක්ෂා කරනවා වෙනුවට ඒවා විකුණනවා

  2. Jagath says:

    පුලුවන් තරම් විකුණලා රටින් පනින්න තමයි රාජපක්ෂවරු හදන්නේ. අපේ 69 ලක්ෂෙ තමයි පවු 😂

    • මන්ඤං says:

      හැට නම ලක්ෂෙට කෙල වුනත් කමක් නැහැ. උන් ඉල්ලන් කාපු එවුන්. අනිත් මිනිස්සුන්ටත් කෙලවෙන එකයි නරක.

  3. ගෞම් ඊයාරාජ් says:

    පුරුදු වෙන්න කරන වැඩ ඈ.. 😂😂

  4. සෙනාලි says:

    බොරැ කියන්න එපා. කැබිනට් එකට ගියපු හින්ද තමයි හැමෝම දන්නෙ. ආණ්ඩු පක්ෂ කණ්ඩායමට දාන්න ඕන කියලා මොන නීති පොතේද තියෙන්නෙ? මේව කරේ නැත්නම් අපේ ලංකාව හැමදාම 3 වැනි ලෝකයේ ආණ්ඩුවේ සභාපතිවරැන්ට ජොබ්ස් දීලා පඩි ගෙව ගෙව ඉන්න වෙනවා හැම ආණ්ඩුවකටම.

    • ගෞම් ඊයාරාජ් says:

      ඇත්ත ! මේ එක එකාට කියලා රටේ LNG බලාගාර ඇමෙරිකාවට 40% කොටස් දෙන්න ඔනේද ? සූම් මිටිමක් තිබ්බා , රෑ 12:00 ට ගිවිසුම ගැහුවා දුන්නා ,සරලයි. රටේ කතිකාවතක් තියන්න , පාර්ලීමේන්තුවට ඉදිරිපත් කරන්න , අමාත්‍ය මණ්ඩලයට හා කැබිනට්ටුවේ සාකාච්චා කරන්න , රටේ ජනතාවගේ අදහස් මොනාද කියලා බල්ලන්න ගියොත් ඔය වැඩේ කරන්න හම්බ වෙන්නැනේ. ඉති ඉතුරු ටිකත් ඔය විදියට දුන්නාහම ඉවරයි , ලක්ශ 69 ක් චන්දේ දුන්නේ , තුනෙන් දෙකක බලය දුන්නේ කොල්ලගෙනුයි බල්ලගෙනුයි අහ අහා ඉන්නයැ.

      • LalithM says:

        තුනෙන් දෙකක්ම දීපු එකේ අනික කපාගන්න දීල නිකම් ඉන්නවා අයිසෙලා. 69 ලක්ෂයක් ම පුස්සෝ හොරකමට කැමති බව දැන් දන්නවනේ. ඊලඟ එක කපාගන්න දාට කිරිබත් දීපල්ලා රටටම.

  5. පොහොට්ටුව says:

    අල්ලස් + දූෂණය+ විකිණීම = පොහොට්ටුව ?

  6. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ කට්ටිය ආපු දවසේ ඉදන් හොරා කනවා කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  7. Lakmal says:

    ඔය අත යට ගහන උන් ගැන කතා කරන්ඩ එපා .අර ඉන්නේ කොමිස් නැතිව බේත් ගේන චන්න ජයසුමන වගේ මහත්වරු .අන්න ඒ මිනිස්සු හොරා කියල කෑ ගහපල්ල .අපුච්චගෙන් පුල් සපෝට් එක ලැබෙයි. පේනවනේ හරින්ල ඉන්න ලස්සන .

    • ගෞම් ඊයාරාජ් says:

      හොරාට කලින් කැන පනිනවා කියන්නේ ඔකට.. 😂😂😂

  8. Gamini says:

    මේ දිනවල රාජිත හරින් සහ අටපාස් ගොන් නාම්බෙක් සන්ග්‍රිලා හොටෙල් එකේ නිතර සෙට් වෙනව.එහි වැඩ කරන සේවකයො මේ ගැන හොදින් දන්නවා .ඔය තුන් දෙනා සෙට් වෙන්නේ සර් ටයි සර්ට හිතවත් චන්නල වගේ ඇමතිවරුන්ටයි කෙලින්නේ කොහොමද කියල සාකච්චා කරන්ඩ .සර්ට මේව දැන ගැනීම ඉතාම පහසුයි cctv දර්ශන චෙක් කලොත් .හැබැයි සජිය නම් මේ වගේ පීචං වැඩ කරන්නේ නෑ .

    • ගෞම් ඊයාරාජ් says:

      අන්න හාන්දුරුවෝ කෙනෙක් පැණිසුමණෙගේ රෙදි ගලොනවා , සි.සි.ටී.වී දර්ශණත් තියනවා කියන්නේ පැණිසුමණෙයි ,භාර්‍යාවයි එක්තරා මෝටර් රථවාහන විකුනන තැනකට ගිහිල්ලා මොකක්දො වාහනයක් බලනවා කියලා , එව්වනං නිකං ගොසිප් විතරයි වෙන්නැති.

  9. Karunarathna says:

    රජාතන්ත්‍රවාදී ඇමෙරිකාවට පුප පෙන්නන ගමන් බයියොයි බයි ආණ්ඩුවයි කඩේ යන්නෙ චීනෙ රුසියාව වගේ මාක්ස්වාදී රටවල් වලට..කොමියුනිස්ට් රටවල්වලට කඩේ යන්න ලැජ්ජ නැද්ද බයියොන්ට .. මාක්ස්වාදී ජෙප්පොත් එක්ක නයි වයිරයි හැබැයි

  10. ගන්ජ බන්ඩා says:

    ඇමරිකන් ඉකොනොමික්හිට් මෑන් මහ රෑ ලංකාවට ආවිත් යුගදනව් ගිවිසුම අත්සන් කරගෙන ගියාද?

Main News