යුගදනවි බලාගාරයේ පාලන බලය ඇමරිකාවට යන්නේ නැතිනම් එය සලකා බැලිය හැකියි.. අපි LNG සැපයුම ගැන සංවේදීයි..

September 27, 2021 at 3:17 am | lanka C news
යුගදනවි බලාගාරයේ පාලන බලය ඇමරිකාවට යන්නේ නැතිනම් එය සලකා බැලිය හැකියි.. අපි LNG සැපයුම ගැන සංවේදීයි..

මෙරටට LNG සැපයුම දීර්ඝ කාලීනව තනි ඇමරිකානු සමාගමක් සතු වෙනවා නම් ඒ ගැන සංවේදී බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සමඟ ඒ ගැන සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

දැනට අත්සන් කර ඇති ගිවිසුමට අනුව යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් හතළිහකට ගිවිසුම අත්සන් කර ඇති බවත් ඒ හරහා බලාගාරය පාලන බලය ඇමරිකාවට නතු නොවන බව විදුලිබල මණ්ඩල සභාපතිවරයා පැවසූ බවද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් ඉදිරි යුගදනවි බලාගාරය පාලන බලය අදාල සමාගමට අතට නොයන්නේ නම් එය සලකා බැලිය හැකි තත්ත්වයක් බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියි.

දැනට ගිවිසුම් අත්සන් කර ඇත්තේ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මිස LNG සැපයුම සම්බන්ධයෙන් නොවන බවද ඔහු කීය.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

30,917 views

42 Comments to “යුගදනවි බලාගාරයේ පාලන බලය ඇමරිකාවට යන්නේ නැතිනම් එය සලකා බැලිය හැකියි.. අපි LNG සැපයුම ගැන සංවේදීයි..”

  1. LalithM says:

    පුස්සෙක් තවමත් පිස්සු කෙලිනවා. ඉස්සෙල්ලම බලපන් අවයව ඔක්කොම කොහොම වෙතත් තුනෙන් එක වත් තියේද කියල. මෝඩ රැඟුම් විතරයි.

  2. Bandara says:

    This time-server will become the first in the next election. This is because majority of the peoples in this country is educated and intellectuals.

  3. Athula says:

    මේ ආණ්ඩුව ගෙනාවේම ඇමරිකාවේ මග පෙන්වීම යටතේ පාස්කු ප්‍රහාරයේ පිටිපස ඉන්නෙත් ඔවුන්මයි, එය හොඳටම සනතාවුනා Hilton Hotel එක සෝදිසි කිරීමේදී පොලිස් බල්ලා සොයාගත් පුපුරන දේවල් අනුව නමුත් අවාසනාව කියන්නෙ මෙතරම් විනාශයක්‌ කරලත් එය දේශපාලන ලොක්කගේ බලපෑමෙන් එයද වැළකුණ. මේක තමයි mcc නම නොගේනවට වැඩ mcc. මේ වසලය මොකෙක්ද

  4. අරුණ කුමාර says:

    ඒක හරි. ව්‍යාපාරයක කොටස් දෙනවා කියන්නේ රටේ කොටස් දීම නෙවි. එය ලෝකය පුරා ආයෝජන ප්‍රාග්ධනය සඳහා යොදා ගන්නා යාන්ත්‍රණයක්.දෙවැන්න, මේ රටේ ආයෝජකයන් නැත්නම් පිට රටින් සොයා ගන්න ඕන.අමෙරිකාවෙන් ආවත් චීනෙන් ආවත් ඒ අයට ලාභයක් දෙන්න ඕනෑ.තුන්වෑන්න පිට මුදල් ගලා ඒම මෙහේ ගෙවුම් ශේෂයට වාසි දායකයි.හතර වැන්න ඔවුන්ගේ තාක්ෂණය ලබා ගන්න පහසුයි.තව ගොඩාක් වාසි තියනවා. යල් පැන ගිය ජේ.වී.පී. න්‍යාය, මෝඩ රැළක් වන සජබ න්‍යාය වැඩක් නෑ.අපි ලෝක ආර්ථිකය සමග මිශ්‍ර විය යුතුයි. එය පිළි ගන්න තරම් එඩිතර වෙන්න කියා අපි ඉල්ලා සිටිනවා.ඔය වගේ පොඩි දේකට කොමිස් ගැහිලි වගෙ ඒව ඔය රටවල් එක්ක කරන්න ඒ තරම් පහසු නැහැ.

  5. baමුනා says:

    කිඹුල් කඳුලු බොරුකාරයා…

  6. Hari says:

    මචං විමල් අපි උපවාස කම්රමු ඇමරිකා තානාපති ඉදිරිපිට

  7. bandara says:

    lajjai mr.minister

  8. CNW PATHIRANA says:

    Very logical approach.

Main News