යුගදනවි, සපුගස්කන්ද, කැළණිතිස්ස, ජල විදුලිය අවසන් සීමාවේ.. නොරොච්චෝල හැදුවත් මදි.. විදුලි කප්පාදුව එන සතියේ සිට ස්ථිරයි..
January 23, 2022 at 12:02 am | lanka C news
ලබන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
තාප බලාගාරවල දැවිතෙල් අවසන් වීම ඊට හේතුව බවත් නැවත දැවිතෙල් නැවක් එන්නේ මාර්තු අග බවත් මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතා පැවසීය.
එම බලාගාරවලින් අහිමි වන ධාරිතාව මෙගාවොට් 183ක් බවත් ඒ අනුව විදුලි කප්පාදු සිදු කරන වේලාවන් පිළිබඳ සඳුදා හෝ ඊට පෙර දැනුම් දෙන බවද හෙතෙම පැවසීය.
එමෙන්ම යුගදනවි බලාගාරයටද දැවිතෙල් ප්‍රමාණවත් වන්නේ දින 10කට පමණක් බවත් එමගින් අහිමි වීමට නියමිත ධාරිතාව මෙගාවොට් 300ක් බවත් කී ඔහු ඉන් පසු නොරොච්චෝල බලාගාරය පූර්ණ ලෙස විදුලිය නිපදවුවද ඉල්ලුමට වඩා සැපයුම අඩුවන බවත් පෙන්වා දුන්නේය.
ඒ අනුව ඉදිරි සතියේ සිට රාත්‍රි කාලයේ විදුලි කප්පාදුවක් අනිවාර්යෙන්ම සිදු කිරීමට වන බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.
This is the result of non prioritisation of development initiatives. There is no argument that we have screwed up everything in this country. We need to get back to basics and stop wasting money.
කාටද ආඩම්බර??69 ලක්ෂෙ තණකොළ කන අපිට. 😂😂😂
කරන්ට් එක දෙන වෙලාව විතරක් කිව්වා නම් ලේසි වගේ.