යුගදනව් ඇමරිකා සමාගමකට.. කැබිනෙට්ටුවේ අනුමතයි.. වාසු-විමල්-උදය විරුද්ද වෙති..

September 19, 2021 at 10:00 am | lanka C news
යුගදනව් ඇමරිකා සමාගමකට.. කැබිනෙට්ටුවේ අනුමතයි.. වාසු-විමල්-උදය විරුද්ද වෙති..

ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති සමාගමකට මෙරට යුගදනව් විදුලි බලාගාරයෙන් කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරන්නේ මෙම යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

එම යෝජනාවට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරු විරෝධය පල කර ඇතැයි ද සඳහන්ය.

එම කැබිනට් පත්‍රිකාව එදින කැබිනට් මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොතිබූ බවත් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර අදාළ එය අමාත්‍යවරුන් අතට බෙදා දීමක් සිදු කර නැති බවත් පුවත්පත වාර්තා කර ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් විරෝධය පළ කර තිබිණි.

එමෙන්ම එම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව එක් පාර්ශවයක් වෙත පවරා දීම පිළිබඳව ද විවේචනයට ලක් කර තිබේ.

බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් මෙසේ ඇමෙරිකානු සමාගමකට පවරා දීමෙන් ඩොලර් මිලියන 300ක ප්‍රමාණයක් මෙරටට හිමිවෙයි.

83,422 views

53 Comments to “යුගදනව් ඇමරිකා සමාගමකට.. කැබිනෙට්ටුවේ අනුමතයි.. වාසු-විමල්-උදය විරුද්ද වෙති..”

  1. Neo says:

    හෙට අනිද්දට කඩාගෙන වැටෙනවා කියලා විපක්ශය කියන රටේ විදුලි බලාගාර වල කොටස් මිලදීගන්න ඇමරිකාවේ සමාගම් ඉදිරිපත් වෙනවා. රටේ තත්වය ගැන විපක්ශය හදන්නේ බිල්ලෙක්. කඩාගෙන වැටෙන රටකට එන අයෝජකයෝ ඉන්නවද.

Main News