යුද්දයක් හා ත්‍රස්තවාදියක් එපා කියමින් උතුරේ පෝස්ටර් ඇලවෙයි…
December 6, 2018 at 5:30 pm | lanka C news
යුද්දය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මුලතිව් වැසියන් වෙනුවෙන් නැවත යුද්දයක් හෝ ත්රස්තවාදයක් රට තුල ඇති වීමට ඉඩ නොදේවා යනුවෙන් සඳහන් කරමින් මුලතිව් සිත්රීක්කයේ පෝස්ටර් අලවා ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.
මුලතිව් නගරයේ ස්ථාන කිහිපයක හා මුල්ලියාවලෙයි ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථාන රැසක මෙසේ නැවත යුද්දයක් ඇති නොවේවා යනුවෙන් සඳහන් කරමින් පෝස්ටර් අලවා ඇත.
රටේ කිසියම් පිරිසක් විසින් නැවත යුද්දයකට මග පෑදීමේ උත්සහයක නිරතව සිටින බැවින් එම පිරිස් වලට එරෙහිව අප සියලුම දෙනා නැගී සිටිමු මෙන්ම වසර 30 ක යුද්දයේ කුරිරු බව අප සියලු දෙනා හොඳින් දන්නා බැවින් නැවත යුද්දයකට හෝ ත්‍රස්තවාදයකට හිස එසවීමට ඉඩ නොදෙමු යනුවෙන් අදාල පෝස්ටර් වල සඳහන් කර තිබූ අතර යුද්දයකට එරෙහිව නැගි සිටින මුලතිව් ජන බලය වශයෙන් අදාල පෝස්ටර් ඇලවූ පිරිස් සම්බන්ධයෙන්ද හෙලිදරව් කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
නැති යුද්ධයක් මුන් එපා කියන්නෙ මොකද ? සැක සහිතයි. ටිකක් සොයා බලන්න.
You got the point!
Stupid Sinhala people, as usual, I will accept the Trojan horse !
කැනඩාවේ තානාපති හිටපු කොටි හමු උනේ වැන්දඹුවන්ට උදව් කරන්නද ? 😁
රටේ ආරක්ෂාවට උතුරේ සැම නිවසක්ම පරික්ෂා කල යුතුය
රටකට බාහිර හා අභ්‍යන්තර වශයෙන් ඇතිවන තරජන වලින් රට ආරක්ෂාකර ගැනීමත් රටෙි ආරක්ෂාව ස්ථාපිත කිරීමත් යුද හමුදාවක මූලික කාර්යභාරය වේ. රට අභ්‍යන්තරයේ ආරක්ෂාව තරකර නීතිය හා සාමය පවත්වාගෙන යාම පොලිසියක වගකීම වේ. ඒ සඳහා හොඳින් පුහුණුව ලැබූ, අවශ්‍ය අවි ආයුධ හා උපකරණ වලින් සන්නද්ධව, අවශ්‍යතාවයට සරිලන සෙබළුන් හා පොලිස් නිළධාරින් සංඛ්‍යාවක් සිටිය යුතුය. ඔවුන් හැකිතාක් යුද හමුදාවට හා පොලිසියට ආවේණික රාජකාරින්වල නිරත කළ යුතු අතර එම රාජකාරින් නොමැති අවස්ථාවක හෝ අතිරික්ත සෙබළුන් හා පොලිස් නිළධාරින් සිටින අවස්ථාවක පමණක් වෙනත් පරිබාහිර රාජකාරින් සදහා යෙදවිය හැක. හමුදාවක, ආරක්ෂක සේනාවක, සේනාංකයක, බලසේනාවක හා බළඇණියක අණදෙන්නන් මෙම තත්වය හොදින් වටහාගෙන තමාද තමා යටතේ සිටින නිළධාරින් හා සෙබළුන්ද හමුදාවක මුලික රාජකාරින් සඳහා යොමු කිරීමට වගබලාගත යුතුය. එසේ නොමැතිව තමන්ගේ මුලික රාජකාරින්පසෙකලා වෙනත් රාජකාරින්වලට නිළධාරින් හා සෙබළුන් යෙදවීමෙන් යුද හමුදාවකින් හා පොලිසියකින් රටකට බලාපොරොත්තුවන සේවය නොලැබී යා හැක. එය රටේ ආරක්ෂාවට තදින්ම බලපාන බලධාරින්ගේ අවධාරණයට ලක්විය යුතු කරුණකි.
උතුරේ අපරාධ කල්ලි මඩින්න යුද හමුදාවට බලය දෙන්න
මේ වනවිට එල්ටීටීඊ සංවිධානයේ Cyber Network එක ජර්මනියේ Tuttlingen යන නගරයේ ස්ථාපණය කර තිබේන අතර එල්ටීටීඊ සංවිධානයේ මෙහෙයුම් දියත් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනිම සදහා මෙහෙයුම් කණ්ඩායමක් ලන්ඩනයේ ස්ථාපනය කර තිබේන බවද මේ වනවිට හමුදා බුද්ධි අංශ අනාවරනය කරගෙන තිබේ. එම රටවල් දෙක කේන්ද්‍ර කරගනිමින් උතුරේ මෙහෙයුම් දියත් කරමින් සිටින අතර පසුගියදා පැවැති ජන සංහාර සතිය පැවැත්විය යුතු ආකාරය ඇතුලු ඒ සදහා ගිය සියලුම වියදම් ජර්මනිය හරහා ලැබි ඇති අතර ඒම මුදල් සංවිධානයේ සමාජිකයන් අතට පත් කිරිම සදහා යාපනය කේන්ද්‍ර කර ගනිමින් නීතිවිරෝධී ව්‍යාපාර රැසක් දියත් කර තිබේන හිටපු කොටි නායකයෙකුගේ ඥාතියෙකු යොදවා ගන්න බවද අනාවරණය කර ගැනිමට හමුදා බුද්ධි අංශ සමත්ව තිබේ.
ඩයස්පොරාවේ මෙහෙයවිමෙන් 2017 වසරේ පැවැත්වු “එළුඟ තමිල්” නොහොත් දෙමළ ජනතාවනි නැගිට්ව් මහා විරෝධතාව සංවිධානය කිරිම සදහා විශේෂ පුද්ගලයෙකු නොර්වේ සිට උතුරට පැමිණි අතර ඔහු මාධ්‍යවේදීයෙකු ලෙස පෙනී සිටි රාජකුලසිංහම් සෙල්වියාන් ලෙස හදුනාගෙන ඇති නමුත් ඔහු අල්ලා ගැනිමට පෙර සුක්ෂම ලෙස පැන ගැනිමට සමත්ව තිබේ.ඔහු සම්බන්ධයෙන් බුද්ධි අංශ කල පරික්ෂණ වලදි ඔහු ලන්ධනයේ ත්‍යාගරාජා තිලගං නැමත්තා සමග සමීප සබඳතාවයක් පවත්වන අතර ඔහුන් දෙදෙනාම උතුරේ දියත් වන මෙහෙයුම් සදහා සaජුවම දායකත්වය ලබාදෙන බව අනාවරණය වි තිබේ. “එළුඟ තමිල්” සංවිධානය කල එල්ටීටීඊ TCC පාර්ශවයේ කිහිප දෙනෙකුම අත් ඩංගුවට ගැනිමට තිබු අවස්ථාවද අහිමි වි ගියේ දකුණේ අසාර්ථක ආරක්ෂක මණ්ඩකයේ තින්දුවක් නිසා බව නොරහසකි.
මේ වනවිට උතුර ඉලක්ක කර ගනිමින් කුඩා කණ්ඩායම් වශයෙන් එල්ටීටීඊ ත්‍රස්ත්‍ර කණ්ඩායම් දියත් වෙමින් සිටින අතර එම කණ්ඩායම් සදහා සහය ලබාදෙන ප්‍රධාන පෙලේ නීතිවිරෝධී ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් බුද්ධි අංශ කල් ඇතුවම අනාවරණය කර තිබු නමුත් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනිමට නීතිය ක්‍රියාත්මක කරන උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් කටයුතු කර නැ.ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ එම ව්‍යාපාරිකයා හරහා මෙම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින්ට කප්පම් ලැබිම බවද මේ වනවිට අනාවරණය තිබේ.
ජාතික ආරක්ෂාව අනතුරේ………..
පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූ රට පුරා ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක වන ලියාපදිංච් නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් පසුපස ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් T N A ඇතුලූ කිහිපදෙනෙක් සිටින බවට මේ වනවිට අනාවරණය වේ. එම නාලිකා හරහා පෙන්වන ලබන වැඩසටහන් නියාමනය කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ට හැකියාවක් නොලැබිම නිසා ජාතික ආරක්ෂාවටත් ජාතීන් අතර සහජීවනයට හා ආගමික සංහිදියාවට මෙම නීති විරෝධි කේබල් සේවාවන් හරහා දැඩි බලපෑම් ඇතිවන බව පැවසිය හැක.