යුද්දයෙන් අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි උපවාසයට දින 600යි.. විසඳුම් නැති නිසා දේව කන්නලව්වක්..
October 17, 2018 at 2:07 am | lanka C news
යුද සමයේ අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් වව්නියාවේදී ආරම්භ කරන ලද උපවාසයට මේ වන විට දින 600 ක් ගතවුවද අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් නිසි විසදුම් මෙතෙක් නොලැබීම හේතුවෙන් උපවාස කරුවන් දේව කන්නලව්වක නිරත වූහ.
වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් වවුනියාව කන්දසාමි කෝවිලේ දේව කන්නලව්වක් සිදුකොට වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපස විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාවයට එක්වු වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ තමන් 2017 වසරේ ජනවාරි 23 වැනිදා තමන්ගේ ඥාතීන් සොයාදෙන ලෙසට ඉල්ලා උපවාසයක් ඇරඹු බවයි.
නමුත් අදාළ උපවාසය පැවැත්වු අවස්ථාවේ රාජ්ය නියෝජිතයින් පැමිණ සති දෙකක කාලයක් තුළ තමන්ට විසදුම් ලබාදෙන බවට පැවසුවද දැනට තම උපවාසයට දින 600 ක කාලයක් ගතවි ඇතත්, තමන්ගේ ඥාතීන්ට සිදුවුයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් නිසි පිළිතුරක් රජය හරහා ලබානොදුන් බවයි.
දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ද තම ගැටළුවට විසදුම් ලබාදෙන බවට පවසමින් තමන්ගේ ජන්දය ලබාගත්තද, අදාළ පිරිස හරහාද තමගේ ඥාතීන් සොයා ගැනීම හෝ ඥාතීන්ට සිදුවු සිදුවීම සම්බන්ධයෙන් පිළිතුරක් මෙතෙක් ලබා ගැනීම නොහැකි වු බවය.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ තමන්ගේ ඥාතීන්ට සිදුවුයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් දැන ගන්නා තෙක් තමන් අඛණ්ඩව උපවාසයේ නිරතවන බවටත් මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ අවධානය පිණිස තමන් තම ගැටළුව ඉදිරිපත් කිරීමට නියමිත බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වැඩි දුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
These LTTE terrorists are not missing just live in Canada ,Europe and all over the world as illegal aliens, Illegal Immigrants …They live in new identity and happy life over there …
These stupied tamils just kidding ,,It was only a joke
යුද සමයේ අතුරුදහන්වූවන් දෙමළ ජාතිකයන් සහ දෙමළ ත්රස්තවාදීන් දැන් යුරෝපයේ ,කැනඩාවේ ඇතුළු ලෝකයේ සෑම රටකම සරණාගතයන් ලෙස වෙනත් නම් වලින් ජීවත්වේ ඔවුන්ගේ උපයන මුදලින් තමයි දෙමල ඩයස්පෝරාවේ ආර්ථිකය රදා පවතින්නේ මේ දෙමළ කාන්තාවන් ඔවුන් සොයමින් පසුවීම මෝඩකමක් ….දෙවියන්ට කන්නලව් කිරීමෙන් ඵලක් නැත …දෙමල ඩයස්පෝරාවේ සාමාජිකයන් ගැන සොයාබලන්න
මේ පුද්ගලයන් නැවත සොයාගැනීමට නම් විදේශ රටවල සිටින සියලුම දෙමල ජාතිකයන් ගැන පරීක්ෂණ කල යුතුයි
අතුරුදහන්වූවන් සොයාගැනීමට දෙමළ කතෝලික සභාවෙන් විමසා බැලීම ප්රමාණවත්
TNA දේශපාලන propaganda ..මේ කාන්තාවන්ට කප්පම් කොපමණ දෙනවද ?
වව්නියාවේ සිංහල ගම්මාන වල පදිංචිවී සිටි අතුරුදහන්වූ සිංහල ජනතාව ගැන කවුද සොයා බලන්නේ ? ඒ මිනිසුන්ගේ ඉඩම් ගෙවල් දැන් අයිතිකරගෙන සිටින දෙමල ජාතිකයක් වහාම අත්අඩංගුවට ගත යුතුයි ..මෙලෙච්චේද LTTE ත්රස්තවාදීන් විසින් ඝාතනය කල සියලුම සිංහළ ජාතිකයන් ගැන වහාම සොයා බැලිය යුතුයි ඒ පිලිබදව වහාම පරීක්ෂණ කල යුතුයි
මේ අපේ තිපි මරපු සංහලයෝ ටික හොයා දීපල්ලා නැතිනම් සුප් බොනවා තොපේ???????