යුද්දයෙන් පසු තොරතුරු සොයන්න යුරෝපා සංගම් නියෝජිතයන් උතුරේ..

January 7, 2019 at 8:02 am | lanka C news
යුද්දයෙන් පසු තොරතුරු සොයන්න යුරෝපා සංගම් නියෝජිතයන් උතුරේ..

වවුනියාව ඇතුළු උතුරු පළාතේ වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනි දෙදෙනෙකු (05) දින වව්නියාව දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත විය.

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත විලියම් ඩාට්මවුත් මහතා හා ජ්‍යෝෆ්රේ වැන්ඕර්ඩන් මහතා ඇතුළු නියෝජිතයින් වවුනියාව දිස්ත්‍රීක්ක් ලේකම් කාර්යාලයට පළමුව පැමිණි අතර එහිදී යුරෝපා මන්ත්‍රීවරු පිරිසි පිළිගනු ලැබුවේ වව්නියාව දිසාපති අයි.එම්.හනීෆා මහතා විසිනි.

යුරෝපා මන්ත්‍රීවරු පිරිස එහිදී වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක නිරත වීමෙන් අනතරුව යුද්ධයෙන්  උතුරු පළාතේ නැවත පදිංචිවූවන්ගේ තත්වය නිරීක්ෂණය හා පශ්චාත් යුධ සමයේ මෙරට ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සංචාරයේ අරමුණ වීම හේතුවෙන් යුද්දයෙන් පසුව වව්නියාව සිදම්බරපුරම් නැවත පදිංචි ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී එහි වැසියන් සමග සාකච්ඡා කරනු ලැබීය.

බ්‍රිතාන්‍ය රජයේ අධාර යටතේ යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචි වූවන්ගේ ජන ජිවිත යථා තත්වයට පත්කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක අතර, අදාළ වැඩසටහන්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමද අදාළ නියෝජිතයින් සිදුකරනු ලැබීය.

නිරීක්ෂණය අතරතුර වව්නියාව දිසාපති තුමන් විසින් පැමිණි නියෝජිත පිරිසට යුද්දයෙන් පසුව නැවත පදිංචි වූවන් වෙනුවෙන් රජයෙන් සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ පූරණ අවබෝධයක් ලබාදුන් අතර එහිදී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා රජයේ වැඩිපිළිවෙළ සම්බන්ධයෙන් වව්නියාව දිසාපති අයි.එම්. හනීෆා මහතාට සුභ පතා ඉදිරියේදීද ශ්‍රීලංකාවේ යුද්දයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සිදු කෙරෙන වැඩසටහන් වෙනුවෙන් යුරෝපා රජයේ සහය ලබා දීමට කැමත්තෙන් පසුවන බවටද දැනුම් දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

105 views

7 Comments to “යුද්දයෙන් පසු තොරතුරු සොයන්න යුරෝපා සංගම් නියෝජිතයන් උතුරේ..”

  1. sakalabujan says:

    Sinahala unta balanna kaurth ne…

    • ----සුද්දගෙ කලු වැඩ---- says:

      අනේ ඔය සුද්දන් ගැන මොන කතාද??
      ගිහිල්ලා බලන්නකො ලන්ඩන් නුවර ඇෆ්ගන් යුද්ධයෙන් කියලා ඒ රටට හොරෙන් ඇවිල්ලා පාරේ හිඟාකන මිනිස්සු!! බුදිය ගන්නෙත් රෑට කඩවල් වැහුවම ඒ කඩවල් ඉදිරිපිට සීතලේ ගැහිගැහි.. චූ කරන්නේ බෝතල්වලට … කක්ක කරන්නේ බෑග්වලට !!
      ඒ වුනාට අපේ රටට එනවා ඩයස්පෝරාව නිසා දෙමලුන් අවතැන් වූවන් යුද්ධයෙන් උතුරු පළාතේ නැවත පදිංචිවූවන්ගේ තත්වය නිරීක්‍ෂණය හා පශ්චාත් යුධ සමයේ මෙරට ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරීමට???

      • True News says:

        Figures show that 3,103 people were found sleeping rough in LONDON Streets between July and September 2018 – the first time the total has exceeded 3,000 in a three-month period. ????

  2. Gayantha says:

    ඔය පිට රටින් එක එකා අවහම උතුර බලන්න පොඩ්ඩක් දකුනෙත් දුශ්කර පැති පෙන්නන්න මොකද ඔය එන හැම පිරිස්ම උතුර සන්සන්දනය කරන්නේ කොල, නුවර, ගාල්ල වගේ නගරබද පැති එක්ක.

  3. lester says:

    How about looking in to Colonisation era and impact of it.

    • SALMAL says:

      Europe Parliament members please STOP supporting Tamil Eelam Terrorism again ..
      Why you are doing this ? For what ?
      Shame on you all

  4. Dayani says:

    It’s not a wonder.!!! Wherever the Tamils are in exile, most of them are either PR holders or Citizens, so they are valuable voters to any country.!!! That’s why they are visiting North and not South.!!!
    What EU has forgotten is that due various wars, there are refugees in Afganistan, Iraq, Syria, etc, these countries are heavily destabilized, with a large number of dead, wounded, sick people who have become refugees in millions!!!
    It seems that EU doesn’t care about those innocent people, but their major concerned about Sri Lanka and the Tamils seems to be somewhat questionable.!!!

Main News