යුද්දයෙන් පසු 10 වසරක්ම උතුරේ කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම්.. කාන්තාවෝ විරෝධතා..
March 12, 2019 at 8:02 am | lanka C news
යුද්දෙන් පසුව උතුරේ නැවත පදිංචි වූ කාන්තාවන්ට ගෙවී ගිය වසර 10 කට ආසන්න කාලය තුලදී ලිංගික හිංසාවන් ඇතුලු පීඩාවන් රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව පවසමින් කිලිනොච්චියේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ කාන්තා සංවිධාන කිහිපයක් විසින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය කිලිනොච්චිය ඩිපෝ මන්සංධියේ සිට සමූපාකාර ගොඩනැගිල්ල දක්වා විරෝධතා පාගමනකින් පැමිණි පිරිස් සමූපාකාර ශාලාවේදී රැස්වීමක්ද සංවිධානය කොට තිබුණි.
විරෝධතා කරුවන් එහිදී කියා සිටියේ මේ වන විට උතුරු පලාතේ කාන්තා හිංසනයන් හිස ඔසවන බවටත් එහිදී කාන්තාවන්ට සිදුව ලිංගික හිසාවන් ඇතුලු විවිධ ක්‍රියාකාරකම් කෙරෙහි ජාත්‍යන්තරයේද අවධානය යොමු විය යුත්තේ යුද්දය පැවති ප්‍රදේශයක යුද්දයෙන් පසුව නැවත පදිංචියට ගිය පසු එම ජනතාවගේ පසු විපරමක් අවශ්‍ය බව පවසමිනි.
එමෙන්ම එම පසු විපරමේදී විශේෂයෙන් උතුරේ සිටින වැන්ඳබු කාන්තාවන් ඇතුලු සියලු කාන්තාවන්ට සිදුව අසාධාරණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පශ්චාත් යුද සමයක මේක ඉතාම සුලභය්. මේ කාරණය පිළිබද වහාම ජනාධිපති කොමිසමක් පත්කරලා හොයල බලන්න. නැත්නම් එන ජී ඕ ඇට සුප්පු නඩේ මේකෙන් වල ඉහගන්නවා සිකුරුය්.
ඔව්. ජිනීවා කිට්ටු කරලා මේ වගේ දේවල් මතක් වෙන්නේ NGO පිටිපස්සේ ඉන්න නිසයි. කාන්තා සංවර්ධන නිලධාරී, ළමා සංවර්ධන නිලධාරි, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ලා මේ පැත්තේ නැද්ද. අනික දෙමල සමාජේ ගොඩක් හිංසන කරන්නේ නෑදෑ වෙන අයමයි.
munta thiyena tharam purasna me loke katawath naha
පිරපාකරන් බලයෙන් යුද්දයට අරන් ගිය අඩු වයසේ දැරියන් යුද්දය අවසන් වී එනවිට හමුදාවට බාර උනේ බඩේ ළදරුවෙක් සමග ලැජ්ජයි
වේලූපිල්ලේ ප්රභාකරන් ඇතුළු මහ කොටින්ට තළු මර මරා කෑමට මස් ගෙන ගොස් ඇත්තේ පුදුකුඩුඉරිප්පු මංසන්දියේ ඒ කාලයේ පිහිටා තිබූ මස් කඩ වලිනි. මේ නිසා මස් කඩවලට එදා හොඳ ඉල්ලූමක් තිබී ඇත. මස් කඩ වලට අමතරව පණපිටින් අල්ලාගත් තලගොයි ගැට ගසාගෙන පුදුකුඩුඉරිප්පු මංසන්ධියේ විකිණීමට තබාගෙන සිටි අයගෙන්ද එදා කිසිම අඩුවක් නම් තිබී නැත. තලගොයි මස් කෑමට ප්රභාකරන් පමණක් නොව අනෙක් මහ කොටින් අතරද තිබී ඇතැයි කියන්නේ ලොකු කෑදරකමකි.
පිරපාකරන් දරු දැරියන් මැරුවා
වැගිරුණු ලේ මැදින් ඌ රජකම් දැරුවා
මවුවරු නෙත් අගින් සෝ කඳුළැලි සැලුවා
සිහියට නැගෙන විට හද වාවනු බැරුවා
පර කොටි හැත්ත මවුවරු මැරුවෙම නැද්ද
මළමිනි මැදින් ඇවිදිනු දුටුවේ නැද්ද
මේ වැනි පාපතරයන් ලොව තව ඇද්ද