යුද්දයෙන් මිය ගිය කොටින්ට වන්දි ගෙවන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..

June 13, 2018 at 10:40 am | lanka C news
යුද්දයෙන් මිය ගිය කොටින්ට වන්දි ගෙවන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..

යුද්දය හේතුවෙන් මිය ගිය කොටි සාමාජිකයින්ටත්, ඔවුන්ගේ ඥාතීන්ටත් ශ‍්‍රී ලංකා රජය විසින් වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට ඇමතිවරුන් කිහිප දෙනෙකුම විරෝධය පල කර ඇත.

ඩී.එම්. ස්වාමිනාදන් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමතිවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාවට ඉදිරිපත් කර ඇත්තේ යුද්දයෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම යටතේය.

මීට මාස කිහිපයකට පෙරද ඇමති ස්වාමිනාදන් විසින් මෙම යෝජනාවම ඉදිරිපත් කර තිබූනු අතර එහිදීද ඇමති මණ්ඩලයේදී විරෝධතා එල්ල විය.

87 views
Main News