යුද්දයේදී මිය ගිය පොලිස් විරුවන් සිහිකෙරෙයි…

March 22, 2018 at 2:25 am | lanka C news
යුද්දයේදී මිය ගිය පොලිස් විරුවන් සිහිකෙරෙයි…

සාමය හා ජාතික සුරක්ෂාව වෙනුවෙන් දිවිපිදූ පොලිස් විරුවන් 3118 සිහිපත් කිරීමත් අදට යෙදී ඇති 154 වැනි පොලිස් රණවිරු දිනය සැමීමේ උත්සවයක් වව්නියාව පොලිස් විරු ස්මාර්කය අසලදී (21) පැවත්වුණි.

වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේදී පොලිස් රණිවරු දින උත්සවය පැවැත්විය.

සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් හා යුද්දයේදී දිවිපිදූ පොලිස් විරුවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන පැවති අතර වවුනියාව පොලිස් කොට්ඨාශයේ ස්ථාපිත කර ඇති පොලිස් විරු සමරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීම මෙහිදී සිදු කරනු ලැබීය.

පොලිස් සේවය යෙදී සිටියදී යුද්යේදී හා විවධ හේතූන් මත මියගිය සිංහල දමිල පොලිස් විරුවන් අනුස්මරණය කිරීමේ අවස්ථාවට ඔවුන්ගේ ඥාතීන් ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.

මේ අවස්ථාව ඇමතූ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ 2018.03.07 වන විට විවිධ රාජකාරී අවස්ථාවන් වලදී පොලිස් විරුවන් 3118 දිවිපිදූ බවත් තවත් 1529ක් අබාධිත තත්වයට පත්ව ඇති බවත් 15 දෙනෙකු පූර්ණ අකර්මන්‍ය තාවයට පත්ව සිටින බවටත්ය.

පොලිස් විරු දින සැමරුම් උත්සවය නිමිත්තෙන් ආගමික වතාවත් සිදු කිරීම සඳහා උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝ නායක සියඹලාගස්වැව විමලසාර හිමියන් ඇතුලු අන්‍ය ආගමික නායකින්ද සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

63 views
Main News