යුද්දයේ අවසන් දින කිහිපය මෙහෙයවූයේ ගෝටාභය රාජපක්‍ෂයි.. වෙනත් කිසිවෙකු නොවේ..- ෆොන්සේනා යලිත් ජනපතිගේ නිවුයෝක් ප‍්‍රකාශය දැඩිව හෙලා දකී..

September 30, 2018 at 10:06 pm | lanka C news
යුද්දයේ අවසන් දින කිහිපය මෙහෙයවූයේ ගෝටාභය රාජපක්‍ෂයි.. වෙනත් කිසිවෙකු නොවේ..- ෆොන්සේනා යලිත් ජනපතිගේ නිවුයෝක් ප‍්‍රකාශය දැඩිව හෙලා දකී..

මෙරට පැවති යුද්දය ගැන කවුරුන් වුවද වැරදි තොරතුරක් කිවුවහොත් එය නිවැරදි කිරීමට තමන් පසුබට නොවන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

යුද්දයේ අවසන් දින කිහිපයේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ලංකවේ සිටි බවත් ඔහු සිටියදී වෙනත් කිසිදු ඇමතිවරයෙකුට ඊට අතගැසීමේ අවශ්‍යතාවයක් නොවූ බවද ඒ මහතා කියා සිටී.

එම වකවානුවේදී ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට කිසිම තර්ජනාත්මක දෙයක් නොතිබූ බවත් ඉන්දියවෙන් ආශිර්වාදය තිබූ බවත් එවකට හිටපු හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේක මහතා සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

කොටි සංවිධානය ඉන්දියාවේ හෝ වෙන කොහේ හෝ සිට කොලඹට ගුවනින් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ලද තොරතුරු මත යුද්දයේ අවසන් සති දෙකේදී හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, හිටපු හමුදාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා එම කාලයේදී ලංකාවේ නොසිටි බවත් තමන් වැඩ බලන ආරක්‍ෂක ඇමතිවරයා ලෙස එම යුද්දයේ කටයුතු මෙහෙයවූ බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා නිවුයොක් හිදී කරන ලද ප‍්‍රකාශයකට පිලිතුරු ලෙස ෆොන්සේකා මහතා මෙම අදහස් පල කලේය.

124 views
Main News