යුද්දෙන් අතුරුදහන් වූවන්ට විසඳුම් ගෝටාභයගෙන් ඉල්ලයි..

November 20, 2019 at 2:08 am | lanka C news
යුද්දෙන් අතුරුදහන් වූවන්ට විසඳුම් ගෝටාභයගෙන් ඉල්ලයි..

යුද සමයේදී අතුරුදහන් වූව‍න් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරේ ආරම්භ කරන සත්‍යග්‍රහයන්ගෙන් වව්නියාවේ සත්‍යග්‍රහයට දින දහසක් ගෙවීම පසුගියදා සිදුවුනද එතෙක් තමන්ට විසඳුමක් නොලැබීමෙන් විසඳුමක් ලැබෙන දිනය කවදාද යන්න පිළිබඳව එම වැසියන් දැඩි අසරණතාවයකට පත්ව සිටිති.

වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිටත් කිලිනෝච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිට හා මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයන් ඉදිරිපිටදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසඳුම් ඉල්ලා සත්‍යග්‍රහයන් ආරම්භ කොට ඇත.

ගෙවුනු දින දහසක කාලය තුලදී පැවති රජයන්හි නායකයින්ට මෙන්ම දෙමළ දේශපාලන නායකයින්ට අවස්ථා ගණනාවකදීම අතුරුදහන් වූවන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ඉල්ලා සිටියදී එම සෑම අවස්ථාවකදීම සියලු දෙනා අවස්ථාවෙන් බේරීමට පමණක් ක්‍රියාකලද ස්ථීර විසඳුමක් නොලැබීමෙන් තම ජනතාව දිනෙන් දින රැවටීම හා අසරණ බාවයට පත්වීම හැරෙන්නට මෙතෙක් ලැබුනු සාධාරණයක් නොමැති බවට උතුරේ අතුරුදහන් වූවනේගේ පවල් එකමුතුව පවසා සිටියි.

ජාත්‍යන්තරය හෝ මැදිහත් වී යුද්දය හේතුවෙන් අතුරුදහන් වූළුන් වෙනුවෙන් සාධාරණත්වයක් ඉටුකිරීමට මැදිහත් විය යුතු බවටත් යුද අපරාධයන් සිදු කරන ලද පාර්හවයන්ට එරෙහිය ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට තම දූදරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දිය යුතු බවටද අතුරුදහන් වූවන්ගේ ඥාතී එකමුතුව පෙන්වා දෙයි.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයෙ නායකයින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් අමතක කොට සිටින බවටත් එම නායකයින් කෙරෙහි විශ්වාශයක් තැබීමට මේ වන විට නොහැකි බැවින තමන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ පිහිට වී විසඳුමක් ලබා ගැනීමට සහය වන්නැයිද අතුරුදහන් වූළවන්ගේ ඥාතීන් පවසා සිටිති.

අතුරුදහන් වූවන් වෙනුවෙන් වසඳුම් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින දහසක් ගෙවනුද විසඳුමක් නොලැබීමෙන් තම සටන ඉදිරියටත් සිදු කරගෙන යාමට බලාපොරොත්තුවන අතර සත්‍යග්‍රහයට දින 2000 ඉක්මවීමට පෙර විසඳුමක් ලැබෙනු ඇතැයිද අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පවසන අතර මෙරට පත්වුනු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ තම ගැටලුව වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙනු ඇතයිද තමන් විශ්වාශ කරන බවටද උතුරේ අතුරුදහන් වූවන් වැඩි දුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,275 Viewers

3 Comments to “යුද්දෙන් අතුරුදහන් වූවන්ට විසඳුම් ගෝටාභයගෙන් ඉල්ලයි..”

  1. john the baptice says:

    විදේශීය රටවල බොරුනම් වලින් මේ අතුරුදහන්වූ දෙමල ජනතාව සරණාගතයන් ලෙස යුරෝපයේ .කැනඩාවේ ,නොර්වේ වැනි රටවල සැපට ජිවත් වේ
    ඔවුන් සොයා ගැනීමට නම් විදේශීය රටවල සිටින සරණාගතයින් සහ විදේශීය පුරවැසිභාවය ලබා සිටින සියලුම දෙමළ ජාතියන් පරිෂණයට ලක් කල යුතුයි

    • bita says:

      correct answer. I live in Australia so many Tamils families around me. so all are graded as lost/dispersed people in Srilanka. came as a single person now. I met a few people. I asked did you talk to your families in SL?. They said useless and now I can save money my self here. otherwise, I need to send them every time. I forget those people. some people said If I go there I cant come back. therefore keep silent is good . that is an answer

  2. john the baptice says:

    විදේශීය රටවල බොරුනම් වලින් මේ අතුරුදහන්වූ දෙමල ජනතාව සරණාගතයන් ලෙස යුරෝපයේ .කැනඩාවේ ,නොර්වේ වැනි රටවල සැපට ජිවත් වේ
    ඔවුන් සොයා ගැනීමට නම් විදේශීය රටවල සිටින සරණාගතයින් සහ විදේශීය පුරවැසිභාවය ලබා සිටින සියලුම දෙමළ ජාතියන් පරික් ෂණයට ලක් කල යුතුයි

Main News