යුද්දෙන් අහිමි වූ අත් පා වෙනුවට යුද හමුදාවෙන් කෘතිම අත් පා නොමිලේ දෙයි…

October 20, 2017 at 2:13 am | lanka C news
යුද්දෙන් අහිමි වූ අත් පා වෙනුවට යුද හමුදාවෙන් කෘතිම අත් පා නොමිලේ දෙයි…

යුද්දය හේතුවෙන් අත් පා අහිමි වූ යාපනය දිස්ත්‍රීක්කයේ තරුණ තරුණියන්ට නව බලාපොරෝත්තුවක් දෙමින් කෘතිම අත් පා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් (19) උදෑසන යාපනය ඉයක්කච්චි ප්‍රදේශයේ 552 බලසේනා මූලස්ථානයේදී පැවත්වුණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව හා එතුමන්ගේ නායකත්වයෙන් 55 සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් වසන්ත වෛද්‍යතිලක මහතාගේද මෙහෙයවීම මත මහනුවර කුණ්ඩසාලේ හැන්ඩිකැප් ආයතනයේ ඒ.එම්.අත්නායක මහතාගේද දායකත්වය පරිදි මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.

මෙහිදී යාපනය දිස්ත්‍රීක්කයේ අත් පා අහිම වූ තරුණ තරුණියන් වෙනුවෙන් කෘතිම පාද 25 ක් හා කෘතිම අතක්ද නොමිලේ ලබා දීම සිදු විය.

මෙම වැඩසටහන් වස්ථාවට 55 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න මහතා 552 බලසේනාධිපති බ්‍රිෙග්ඩියර් ආදීප තිලකරත්න යන අයද ඉයක්කච්චි ප්‍රාදේශීය ලේකම් පොන්නම්බලම් දයානන්දන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17 views
Main News