යුද්දෙන් විනාශ වූ තල්ගස් වෙනුවට යුද හමුදාවෙන් තල් ගස් 5000 ක් යාපයේ සිටුවයි..

December 23, 2019 at 2:05 am | lanka C news
යුද්දෙන් විනාශ වූ තල්ගස් වෙනුවට යුද හමුදාවෙන් තල් ගස් 5000 ක් යාපයේ සිටුවයි..

යුද්දය හේතුවෙන් යාපනයේ දිත්‍රීක්කයේ විනාශ වූ තල්ගස් වෙනුවට යුද හමුදාවෙන් තල්පැළ 5000 ක් සිටුවීමේ වැඩසටහනක් මේ දිනවල ආරම්භ කොට ඇත.

යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය විසින් යාපනයේ පැල දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටකේ ආරම්භ කොට ඇති අතර එහි එක් පියවරක් වශයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් පරිදි 51 වන සේනාංකය විසින් තල් ඇට 5000 ක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කොට ඇත.

යාපනය ආරක්ෂක සේනා 51 සේනාංකාධිපති මේජර් ජෙනරල් ලලිත් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය අරාලි දකුණු, තුරෙයිඅඩි ප්‍රදේශ‍යේදී මෙම තල් ඇට සිටුවීමේ වැඩසටහන පැවැත්වුහ.

තල් සංවර්ධන මණ්ඩලයේ දායකත්වය යටතේ තල් ඇට සිටුවීමේ වැඩසටහන පැවැත්වු අතර, යාපනය යුධ හමුදා 513බලසේනාව, 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 16 වන ස්වෙච්ජා ගැමුණු හේවා බළකායේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තල් ඇට සිටුවීමේ වැඩසටහන සිදු කෙරිණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,491 Viewers
Main News