යුද්ධයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් තරුණයෙකු ලොව වටා රටවල් 72 ක දුවන්න යයි..

February 26, 2018 at 2:05 am | lanka C news
යුද්ධයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් තරුණයෙකු ලොව වටා රටවල් 72 ක දුවන්න යයි..

වවුනියාවේ ඉපදුණු දැනට කැනඩාවේ ජීවත් වන දෙමළ තරුණයෙකු යුද්ධයෙන් මියගිය සියළු දෙනා සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීම හා සාමය උදාවීම පිණිස ලෝකය වටා මැරතන් දිවීමක් ආරම්භ කොට ඇති අතර එහි දෙවන පියවර වශයෙන් මේ දින වල උතුරේ මැරතන් දිවීම ආරම්භ කොට ඇත.

කැනඩාවේ ටොරෙන්ටෝ නගරයෙන් ආරම්භ කරණ ලද මෙම මැරතන් දිවීම මෙරටින් ආරම්භ කරනු ලැබුවේ වව්නියාවෙ සූසපිල්ලයාර්කුලම ප්‍රදේශයෙන් යළි ආරම්භ කරන ලදී.

යුද්දයට වැඩි වශයෙන්ම දිවි පිදුවේ උතුරු ප්‍රදේශයෙන් හේතුවෙන් ලංකාවේ මැරතන් දිවීම පළමුව උතුරෙන් ආරම්භ කිරීමට පියවර ගත් බවට සුරේස් ජෝසිම් තරුණයා කියා සිටියේය.

ලෝකයේ රටවල් 72 ක් ආවරණය වන පරිදි කිලෝ මීටර් 4000 ක් පමණ දුර මෙම මැරතන් දිවීමේදී පසු කරණ අතර ඒ සදහා දින 123 ක කාලයක් ගතවෙනු ඇතැයි අනුමාන කොට තිබේ.

වවුනියාවේ උපත ලද සුරේෂ් ජෝෂීම් නැමැත්තා ශ්‍රී ලංකාවේදී ආරම්භ කල මැරතන් දිවීම කිළිනොච්චිය යාපනය හරහා යළිත් ශ්‍රී ලංකාවේ දකුණු දෙසට පැමිණීමට නියමිතය.

කැනඩාවෙන් ආරම්භ කරණ ලද මෙම මැරතන් දිවීමේ දෙවන අදියරය ලංකාවෙන් ආරම්භ කොට උතුරු නැගෙනහිර ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ලෝකයේ රටවල් කීපයක්ම සුරේෂ් සිය මැරතන් දිවීම සදහා තෝරාගෙන තිබේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

64 views

7 Comments to “යුද්ධයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් තරුණයෙකු ලොව වටා රටවල් 72 ක දුවන්න යයි..”

  1. lak put says:

    muu trasthawadiyek. Uture marune thasthawadin. Dakune sinhala minissue marune. manawa himikam tiyenuye samaya minisssunta misa thasthawadeenta neme

    • Andare says:

      දුවන්න තිබුනේ ප්‍රභාකරන් සිවිල් වැසියන් ප්‍රානඇපකාරයන් විදියට තියාගෙන ඉන්නකොටනෙ. පෙරහැර ගියාට පස්සෙ බොරුවට නටල වැඩක් තියෙනවයැ

      • CORBRA says:

        වවුනියාවේ අතුරුදහන් වූ අයගෙන් එකෙක්ද ? මෙහි ජායාරුප වල සිටින්නේ අතුරුදහන් වූ LTTE කොටි සාමාජිකයන් නිසා අතුරුදහන් වූ පිරිස අතර වවුනියාවේ දෙමළ පුද්ගලයන් සිටිය හැක

      • JUDE says:

        වවුනියාවේ දී මේ කොටි ත්‍රස්තවාදියා අත් අඩංගුවට ගනු .දේශහිතෙෂි සිංහලයෙනි,.අපේ රටට පය තැබීමට ඉඩ නොදෙව් ..
        කැනඩාවේ සිටින්නේ දරුණුම දෙමළ කොටි …
        යමපාලනය ,.සිරිසේන කොටින්ට පන දීම නතර කර අපේ රටට කොටි ත්‍රස්තවාදීන්ට පය තැබීම තහනම් කරනු

        • John says:

          අපේ රටේ මාධ්‍යවේදීන් මේ මෙලෙච්චේද කොටි ත්ර්ස්තවාදින් ට ප්‍රසිද්ධිය ලබා දෙන්නේ මන්ද ? ලැජ්ජයි
          කැනඩාවේ සිටින්නේ මිනීමරු මෙලෙච්චේද කොටි තස්තවාදීන් ..මිනීමරු පිරපාකරන්ගේ ගෝලයෝ

  2. Tharindu Fernando says:

    This is totally wrong. Why do you mislead people? His message is “No Poverty, No Disease, No War”. He is not running for anything else. He started in Sri Lanka from Galle face. Not North.

  3. පව් අප්පා says:

    දිව්වට නං කාටවත් දෙන්න පිං ලැබෙන්නේ නෑ

Main News