යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌…

June 20, 2018 at 12:00 pm | lanka C news
යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌…

එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්‍ෂිත නිවාස මෙන්ම භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීම පැවැත්වෙන අවස්‌ථාවලදී පොලිසියෙන් සිදු කෙරුණු කරුණු දැක්‌වීම් අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද පැවසේ.

මේ පිළිබඳව ඇතැම් හමුදා ප්‍රධානීන් පවසන්නේ මෙසේ බුද්ධි අංශ තොරතුරු හෙළි කිරීමට තීරණය වීම මෙතෙක්‌ ලොව කිසිදු රටක සිදුව නැති ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිසේත් සිදු නොකළ යුතු අතිශය සංවේදී ක්‍රියාවක්‌ බවයි.

යුද හමුදා බුද්ධි අංශ පිළිබඳ ආරම්භ වී තිබෙන විමර්ශනවලට අනුව මෙසේ බුද්ධි තොරතුරු අනාවරණය කිරීමේ තීරණයට එළැඹ ඇතැයි ද කියයි.

යුද සමයේදී සහ ඉන් පසුව එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය වීම වැළැක්‌වීම මෙන්ම පාතාලයට හා කුඩු ජාවාරමට එරෙහිව ඉකුත් කාලයේ සිදු කෙරුණු මෙහෙයුම්වල ස්‌වභාවය අනුව රටපුරා විවිධ ප්‍රදේශවල ආරක්‍ෂිත නිවාස භාවිත කරමින් උපක්‍රමශීලීව රැඳී සිටීමට බුද්ධි නිලධාරීන් කටයුතු කර තිබිණි.

මේ අන්දමට එම රහස්‌ තොරතුරු අනාවරණය වුවහොත් ඉදිරියේදී සමස්‌ත හමුදා බුද්ධි අංශ බරපතළ කඩාවැටීමකට ලක්‌වීම වැළැක්‌විය නොහැකි වනු ඇතැයි ද හමුදා ප්‍රධානීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගෙන් කළ විමසීමකදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරීන් රැඳී සිටි මල්වාන ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවස්‌නයක තොරතුරු ලබාදෙන ලෙස දැනට ඉල්ලීමක්‌ කර තිබෙන බව යුද හමුදාපතිවරයා පැවසීය.

– Divaina

122 views

8 Comments to “යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌…”

  1. LION says:

    රනිල් සහා සිරිසේන දැන් කටයුතු ක‍රන්නේ දෙමළ ඩයස්පෝරාවට හොදට සන්තෝසම් ලැබෙනවා ඇති මුන්ට ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න සිංහලයාට අයිති එකම රට සිංහලේ පමනි මේ ජාතිය පාවා දෙන්නන්ගෙන් රට බේරා ගමු මේ වසලයන් පන්නමු

  2. Love nature says:

    වරද කාගේද?

    රනිල් 2015 ජනවාරි 9 තුන් වන වර ‘පිනා චාන්ස්’ අගමැති වන්නේ ජනාධිපතිවරයා සිය විධායක බලය අමු අමුවේ උල්ලංඝනය කරමින් කරනු ලබන පත්වීමක් ලෙස එනම් ජනාධිපතිවරණ ‘අල්ලසක්’ ලෙසය.
    ඒ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදා සිදු නොවූ අති සුළුතර මන්තී‍්‍ර පිරිසකගේ සහය (එනම් 46 ක් පමණ ක්) ඇතිව නීතිය ට හා සම්ප‍්‍රදාය ට පටහැනි ආකාරයෙන් පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන පක්ෂය වන ශී‍්‍රලනිපය ට ආසන 125 කටත් වඩා ඇති තත්ත්වයක් යටතේය.

  3. Love nature says:

    ඩොලර් කාක්කන්
    රනිල් වටා අද ගොනුවී සිටින චන්ද්‍රිකා, මංගල, රාජිත, චම්පික, හකීම්, රිෂාඞ් බදුර්දීන්, සම්බන්දන් ලා ගැන ඔබ ට අටුවා ටීකා අවශ්‍ය නැත. මොවුන් එක්කෝ හොර තක්කඞීන් ය, ඩොලර් කාක්කන් ය, අවස්ථාවාදීන් ය, බෙදුම්වාදීන් ට කප්පම් දෙන්නන් ය, නැතහොත් බෙදුම්වාදීන් ය. රට ගැන අබ මල් රේණුවක වත් කැක්කුමක් මොවුන් ට නැත. මොවුන් සමඟ රට මෙලෙස අරාජික කරන්න ට හවුල් දෙතුන් නම අද කුමක් වදාරන්නේ වුව ද උන්නාන්සේලා ට නිරයෙන් නම් ගැලවීම ක් නැත්තේම ය.
    මේ හරි හමන් බලය ක් නැතිව බලය කොල්ල කාගෙන රනිල් ඇතුළු යූඇන්පිය නටන නාඩගම් ය.
    හරි බලය ක් ලැබුණොත් මුන් රට ට මොනවා කරාවි ද? ඔබේත් මගේත් පුතුන්, සහෝදර සහෝදරියන්, මව්වරුන්, පියවරුන් සිය ජීවිත පූජා කරමින් රැුක ගත් මවුබිම යළිත් බෙදුම්වාදයේ ගොදුර ක් වනු දැක දැකත් අපට රනිල් හ ඇතුළු නඩයේ ක‍්‍රියාකාරකම් සඳහා තවදුරටත් ඉඩදී බලා සිටිය හැකි ද?

  4. බන්ඩා says:

    කොහොම හරි ‘යහ(ජහ)පාලන’ හැත්ත රට විනාස කිරීමේ මෙහෙයුම දිගටම කරගෙන යන බව අපට නම් සක් සුදක් සේ ඉතාම පැහැදිලිය්.

  5. Manoj says:

    “මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ”

    Ehenam awulak nehe ne. කීත් නොයාර් KID NAP karapu eka JATHIKA ARAKSHAWATA gena hithala karapu deyak neme neeedaaa ?

  6. john the baptice says:

    මිලේනියම් සිටි බුද්ධි අංශ පාවාදීම

    http://ceylonwatchdog.com/2017/03/25/sarath-fonseka-intelligence-betrayal/

  7. Love nature says:

    ලංකාවේ එහෙම උනාට වෙන රටවල එහෙම වෙන්නේ නැත. ඕනෑම රටක රජයක් තම රටට එරෙහිව යෝජනා ඉදිරිපත් කරන්නේ නැත. ලෝකයේ පළමු වතාවට රටක් විසින් එම රටටම එරෙහිව යෝජනාවක් ගෙන ඒම ජිනීවාහිදී සිදු විය. නමුත් ඒ අරුම පුදුම නිවට රට බවට අපේ රට අද ලෝකයා ඉදිරියේ නිග්‍රහයට පාත්‍ර වී හමාරය.

  8. Fund seka says:

    Destroy the records and replace data to fool these police dogs.

Main News