යුද්ධ හමුදාවෙන් ඇඳන් 20,000ක කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන…

May 24, 2021 at 2:20 am | lanka C news
යුද්ධ හමුදාවෙන් ඇඳන්  20,000ක කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන…

‘ජාතියේ ආරක්‍ෂකයින්’ලෙස ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කැපවී සිටි ත්‍රිවිධ හමුදාව එයට හාත්පසින්මවෙනස් ජාතික මෙහෙවරක් සිදුකරමින් සිටියි. සෞඛ්‍ය සේවාවට පූර්ණ දායකත්වය දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා දිවයින පුරා ඇඳන් 20,000 ක් සමගින්අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 කට වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට සමත්වී ඇත.තවද නිරෝධායන මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යාම සහ එන්නත්කරන වැඩසටහන් සඳහා දපූර්ණ දායකත්වයදක්වමින් සිටියි.

අලුත් අවුරුදු සමයත් සමගමෙරට තුළ සීග්‍රයෙන් පැතිර ගිය කොවිඩ්-19 වෛරසයේ 3 වන රැල්ල වේගයෙන් වර්ධනය වෙමින් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් පහසුකම් අවම වෙමින් තිබියදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2021අප්‍රේල්මස 21 වන දින රජයේ රෝහල්වල ඇඳන් ධාරිතාවය වැඩිකරීම සඳහා අතිරේක ඇඳන් 10,000 ක් ලබාදෙන බවට ප්‍රකාශ කළේය.එතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයන් පළමු අදියර යටතේ ඉතා කෙටි කාලයක් තුළ එම ඇදන් 10,000 සම්පූර්ණ කරන ලදී.

ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයයටතේඅද (22) වනවිට ඇඳන් 19,501ක් දිවයින පුරා ස්ථාපනය කර ඇතිඅතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත ලබාදී ඇත. මෙම ඇදන්වලන් බොහොමයක් පසුගිය අවුරුද්දේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ යුද්ධ හමුදා මූලස්ථානයේයුධෝපකරණ මාස්ටර් ජෙනරල් (MGO) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක ගේ මඟපෙන්වීම මත කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මධ්‍යස්ථානයේදී සකස්කරන ලදී.මීට අමතරව, සෙනසුරාදා (22) වන විට යුද්ධ හමුදා භටපිරිස් විසින් ඇඳ ඇතිරිලි සහ කොට්ට 60,002 කප්‍රමාණයක් දසකස්කර අවසන් කර තිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව, මේවන විට යුද්ධ හමුදාව විසින් ස්ථාපිත කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ඇඳන් 22,198 ක් ලබාදී ඇත.

ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන ආවරණය වන පරිදි ආරම්භ කරනු ලැබු මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය රෝහල් සඳහා තාක්ෂණික සහය මෙන්ම ශ්‍රමදායකත්වය ලබාදෙමින් එම ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන් සමඟ සාකච්ඡා කර අප්‍රේල් මස තුන්වන සතිය වන විට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කරන ලදී.

කොවිඩ්-19 ආසාදිතයින් සඳහා යුද්ධ හමුදාව විසින් ස්ථාපිත කරනු ලැබු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන (ICCs)සහ රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම් පහත පරිදි වේ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය – යාපනය යටතේ පෙරියපච්චපලෙයි,වඩුක්කෝඩි කාර්මික විද්‍යාලය, කෝපායි ජාතික විද්‍යාලය සහ නාවත්කුලිය යන ස්ථානයන් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය – කිලිනොච්චි යටතේ තිරුමුරුක්කන්ඩි, භාරතීපුරම්හී එවකට ස්ථාපිතව තිබු යුද්ධ හමුදා රෝහල සහ පරන්තන් යන ස්ථානයන් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය – නැගෙනහිර යටතේ මඩකලපුව විශ්වවිද්‍යාලය -පූනනි,පුලතිසිපුර ගුරු විද්‍යාලය – ගාල්ල, නිලාවේලි සමෘද්ධි මධ්‍යස්ථානය, බ්‍රැන්ඩික්ස්-පූනානි, හාඩි කාර්මික විද්‍යාලය – අම්පාර, කන්දකඩු සහ කන්තලේ යොවුන් සේනාංක මධ්‍යස්ථානය, හින්ගුරක්ගොඩ සහ අම්පාරහෙඳ පුහුණු පාසල්තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය – මුලතිව් යටතේ68 වන සේනාංකයේ බලඇණි පුහුණු පාසල සහ පුතුකුඩුරිප්පු වීනාවිල් යන ස්ථානයන් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය – වන්නි යටතේ මන්නාරමටර්කි සිටි පාසල, වහමල්ගොල්ලෑවේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාව, වවුනියාවආර්ථික මධ්‍යස්ථානය, ගල්කිරියාගම සිවිල් ආරක්‍ෂක බලකා පුහුණු පාසල සහ මිහින්තලේ සිවිල් ආරක්‍ෂක බලකා මධ්‍යස්ථානය යන ස්ථානයන් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය – බටහිර යටතේ යක්කල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, වතුපිටිවල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, බිංගිරිය ගුරු විද්‍යාලය, දඹදෙණියසාරිපුත්ත ගුරුවිද්‍යාලය, මදුරන්කුලි මර්ෂි අධ්‍යාපන මධ්‍යස්ථානය, රාජගිරිය ආයුර්වේදය, රම්බුක්කන බ්‍රැන්ඩෙක්ස්, ඇඹිලිපිටිය මහවැලි යොවුන් සේනාංක මධ්‍යස්ථානය,කහවත්තරුවන්පුර ගුරු විද්‍යාලය, දර්ගා ටවුන් ගුරු විද්‍යාලය,හොරණ පස්දුන්රට ගුරු විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රීපාලි කලාපීඨය,අක්මීමන – රුහුනගුරු විද්‍යාලය, කරන්දෙණිය ශික්‍ෂණ රෝහල, පොල්වත්තශික්‍ෂණ රෝහල,හබරදුවාශික්‍ෂණ රෝහල, බෙන්තොටශික්‍ෂණ රෝහල, වැලිගම ශික්‍ෂණ රෝහල, දෙයියන්දර ශික්‍ෂණ රෝහල, දෙණියාය, පල්ලේගම ශික්‍ෂණ රෝහල, බේරුවල ජමියා නලිමියා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,බෙලිහුල්ඔය විදුලිබල මණ්ඩල පුහුණු මධ්‍යස්ථානය, මීගොඩ ආයුර්වේද රෝහල, මදුරංකේනි පාසල, බදුරලිය ආයුර්වේද රෝහල, ඉරණවිල රෝහල, කොළඹ විශ්විද්‍යාලආයුර්වේද පීඨය, මීගෝඩා මානව සම්පත් මධ්‍යස්ථානය, අවිස්සාවෙල්ල මානව සම්පත් මධ්‍යස්ථානය, කලවාන විදුලිබල මණ්ඩල ගොඩනැගිල්ල, සීදූව බ්‍රැන්ඩික්ස්, මතුගම රෝහල, නාවින්න ආයුර්වේද රෝහල, කොළඹ කන්වෙන්ෂනල් මධ්‍යස්ථානය, වරියපොල වයඹ කෘෂිකාර්මික පුහුණු පාසල, මීතොටමුල්ල රජයේ වී වෙළඳසැල, රත්මලාන වෘත්තීය පුහුණු පාසල,රත්නපුර ආයුර්වේද රෝහල, පිලියන්දල ජම්බුරලිය ආයුර්වේද රෝහල, කෑගල්ල ආයුර්වේද රෝහල,වත්තරම කෑගල්ල මාලියදේව  රජමහාවිහාරය,මීගොඩ ආයූර්වේද රෝහල, චන්ද්‍රිකාවැව රෝහල, ඇහැළියගොඩ රෝහල, බලන්ගොඩ රෝහල, බටපොල ප්‍රාදේශීය රෝහල, බද්දේගම රෝහල, හක්මන ගංගොඩගම ප්‍රාදේශීය රෝහල, දික්වැල්ලරෝහල, අකුරැස්ස රෝහල, හොරණ ගලවාගැනීමේ හමුදා මධ්‍යස්ථානය, පානදුර ළමා ආරක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානය සහඉදල්කන්ද ඇඟලුම් කම්හල.

ආරක්‍ෂක සේනා මූලස්ථානය – මධ්‍යම යටතේකහගොල්ල ජාතික ගමනාගමන මණ්ඩල ගොඩනැගිල්ල,පොල්ගොල්ලමහවැලි ගුරු විද්‍යාලය, අගුනකොලපැලස්ස කෘෂිකර්ම පුහුණු පාසල, බිදුනුවැවගුරු විද්‍යාලය, පැණිදෙනිය ගුරු විද්‍යාලය, ගම්පොල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, ගම්පොල මීපිලිමාන යොවුන් සේනාංක මධ්‍යස්ථානය, හම්බන්තොට මහ රෝහල, අම්බලන්තොට රෝහල, මැදගම රෝහල, වලස්මුල්ල රෝහල, වැල්ලවාය යොවුන් සේනාංක මධ්‍යස්ථානය, කිරින්ද රෝහල, තංගල්ල රෝහල, බුත්තල රෝහල, බගවන්තලාව එන්.අයි.පී.එම්. මිද්දෙණියප්‍රාදේශීය රෝහල,නුවරඑළිය නගර ශාලාව,කිරම ප්‍රාදේශීය රෝහල, හම්බන්තොට වීරවිල යොවුන් සේනාංක මධ්‍යස්ථානය, සියබලාණ්ඩුව යොවුන් සේනාංක මධ්‍යස්ථානය, ලූනුගම්වෙහෙරයොවුන් සේනාංකමධ්‍යස්ථානය, මොණරාගලයොවුන් සේනාංක මධ්‍යස්ථානය, මාපකඩවැව යොවුන් සේනාංක මධ්‍යස්ථානය,බදුල්ල ජාතික ගමනාගමන මණ්ඩලමෙරිගෝල්ඩ් ගොඩනැගිල්ල,වැළිගත්ත කෘෂිකර්ම පීඨය.

53 වන සේනාංකය යටතේ නාලනද රෝහල, ගලේවෙල රෝහල, ලග්ගල රෝහල, මාතලේ කාර්මික විද්‍යාලය, අබන රෝහල, දබුල්ල කාර්මික විද්‍යාලය සහ ඉනමාළුව යොවුන් සේනාංක මධ්‍යස්ථානය.

– army midea

20,584 views

10 Comments to “යුද්ධ හමුදාවෙන් ඇඳන් 20,000ක කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන…”

  1. Dengu Nona says:

    bohoma hondayi. eth waidya ansaye higayata mokada karanne? Hamudaa niladhaareenta Dosthara pathweem denawada?

    • උපාසක says:

      ගොන් කතා කියන්න එපා මහත්තයෝ. යුධ හමුදාවට පුලුවන් දේ තමයි මේ කරන්නේ. දේශපාලන වහලුන් වෙලා මේකේ එක එක කමෙන්ට් කරන ඔහෙලා රටේ ජනතාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ.

  2. 3%ට බය බයියා says:

    මෙිවා බොරැ ෂෝ. එකදා ගන්ඩ කරන වැඩ. කොරෝනා ඉවර උනාම මෙිවට මොකද කරන්නේ අපරාදේ අපේ සල්ලි

    • උපාසක says:

      කොරෝනා ලෙඩ්ඩු බිම තියන්න කියලද මහත්තයෝ ඔහේලා කියන්නේ. ඊට පස්සේ ඇදන් නැතුව ලෙඩ්ඩු බිම නිදි කියලා කියන්නෙත් ඔහේලම තමයි. දේශපාලන එදිරිවාදිකම් පැත්තකට දාලා පුළුවන් නම් මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න බලන්න. මොකද ඔහෙලා අපි මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් මොනවා හෝ ප්‍රතිලාභයක් ලබලා තියනවා. එහෙම බැරිනම් කට වහගන පැත්තකට වෙලා ඉන්න.

  3. dev says:

    grate after the corona we can give those to hospitals too

  4. Ravana parapura says:

    මේ සියලුදෙනාට හෙළ ඔසු ලබාදෙන්න එකම පිළියම එය පමණයි.

  5. දුන්නත් හර්තනම ලක්ෂයක් දැන් says:

    ඉතා වටිනා වැඩ පිළිවෙලක්. හොඳ අනාගත ආයෝජනයක්. කවදාහරි මේ ලෝකෙන් කොරෝනා තුරන් වෙලා ඔය ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ප්‍රයෝජනයක් නැති උනොත්. අන්න එතකොට තමා ඕක ගොඩක් වැදගත්. අර සව්බ්‍යායාගේ දැක්මට රැවටිලා කතිරෙ ගහපු හැට නම ලක්ෂෙ ගෙනත් ඕකේ නවත්තලා මානසික ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. එකත් හමුදාවට ම බාර දෙමු.

  6. දුන්නත් 69 ලක්ෂයක් දැන් එකෙක්? says:

    ඉතා වටිනා වැඩ පිළිවෙලක්. හොඳ අනාගත ආයෝජනයක්. කවදාහරි මේ ලෝකෙන් කොරෝනා තුරන් වෙලා ඔය ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ප්‍රයෝජනයක් නැති උනොත්. අන්න එතකොට තමා ඕක ගොඩක් වැදගත්. අර සව්බ්‍යායාගේ දැක්මට රැවටිලා කතිරෙ ගහපු හැට නම ලක්ෂෙ ගෙනත් ඕකේ නවත්තලා මානසික ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. එකත් හමුදාවට ම බාර දෙමු.

  7. උපාසක says:

    යුධ හමුදාව මව්බිම වෙනුවෙන් තම යුතුකම ඉටු කරද්දී දේශපාලන බත් බැලයන් කුලියට කහිනවා. ඇදන් නැතුව ලෙඩ්ඩු බිම හිටියොත් ඔන්න ලෙඩ්ඩු බිම දාලා කියලා මුන් කෑගහනවා. ලෙඩ්ඩුන්ට ඇදන් හදනකොට ඒකටත් කෑගහනවා. යකෝ මේ වගේ වෙලාවක වත් වහල් කම් අතහැරලා රටේ ජනතාව වෙනුවෙන් යමක් කරපල්ලකෝ. බැරිනම් අඩුම ගානේ කට වහගන හිටපල්ලකෝ.

  8. Rocky says:

    Upaasaka kiyana henchayiyaage oluwata deshapaalane gahalaa. Dan kalpanaawa madi.Wayidya Ansaye niladhaareen madi kiyana eka moota therenne naha. Andan thibunama okkoma hari kiyalaa hithaagana athi!! Pansale daane kakaa paththakata welaa inne nathuwa gon kathaa kiyanawa!!