යුද ජයග්‍රහණයේ දස වන වර්ෂ පූර්ණය වෙනුවෙන් දිවයින පුරා පිංකම් මාලාවක්…

May 21, 2019 at 2:03 am | lanka C news
යුද ජයග්‍රහණයේ දස වන වර්ෂ පූර්ණය වෙනුවෙන් දිවයින පුරා පිංකම් මාලාවක්…

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි යුද ජයග්‍රහණයේ දස වන වසර නිමිති කොටගෙන මිය ගිය රණවිරුවන් වෙත පිං පැමිණවීම සඳහා දිවයිනේ පළාත් 09 ආවරණය වන සේ තෝරාගත් විහාරස්ථාන 09 ක 19 වනදා සර්ව රාත්‍රීක පිරිත් දේශනාවන් පවත්වනු ලැබිණි.

බස්නාහිර පළාත වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ පැවති සර්ව රාත්‍රික පිරිත් දේශනාව සවන්දීම සඳහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාද එක්විය.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් සර්ව රාත්‍රික පිරිත් දේශනාව පවත්වන ලදී.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, මහින්ද යාපා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හා හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

10 views

One Comment to “යුද ජයග්‍රහණයේ දස වන වර්ෂ පූර්ණය වෙනුවෙන් දිවයින පුරා පිංකම් මාලාවක්…”

  1. සේපාලිකා රණතුංග  says:

    කලගුන සැලකීම අති ශ්‍රේෂ්ඨ මිනිස් ගුණාංගයක්.

    මවුබිම ත්‍රස්තවාදයෙන් ගලවාගත් රණවිරුවන් දඩයම් කිරීමට රනිලා ඇතුලු ජඩපාලන ආණ්ඩුව
    කටයුතු කරනකොට රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමට මෙවැනි ආගමික පිංකම් සංවිධානය
    කිරීමට විපක්ෂ නායක තුමා කටයුතු කිරීම ඉතා අගය කල යුතුයි.

Main News