‘යුද ජයේ හිමිකරු මමයි’ කිය ෆොන්සේකාට කට උත්තර නැතිවෙන සුපිරි පිළිතුරක් කරුණා අම්මාන්ගෙන්..
February 21, 2017 at 9:20 am | lanka C news
කොටි සංවිධානය පරාජය කිරීමේ යුධ ජයග්‍රහණයේ මුල් ගෞරවය හිමිවුය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බව හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) පවසයි.
දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු කියා මේ බව කියා සිටියේය. මහා යුද විරුවා තමන් යයි ඇමති සරත් ෆොන්සේකා යයි සිදු කරන ප්රකාශයන්ට ප්‍රතිචාර ලෙස ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වන්නට පෙරද වසර ගණනාවක් ෆොන්සේකා හමුාවේ රාජකාර කල බවත් එම කාලයේදී කොටි පරදන්නට එකී මහා යුද විරුවාට හැකියාවක් තිබූ බවයි.
එකල තමන්ද කොටි සංවිධානයේ කටයුතු කල බවද කී කරුණා අම්මාන් එම කිසි කලෙක ෆොන්සේකා විසින් කොටි සංවිධානය පරාජය වන තරමේ ප්‍රහාරයක් එල්ල නොල බවද පැවසීය.
කෙසේ වෙතත් යුද ජයග්‍රහණයේ හමුදාපතිවරුන්ටද සියළු හමුදා සෙබළුන්ටද යම් ගෞරවයක් ලැබිය යුතු වුවද සේනාධිනායකයා ලෙස හිටපු ජනාධිපතිවරයා අති මහත් දෙස් විදෙස් පීඩනය හමුවේ නොසැලී එයට නායකත්වය දුන් නිසා යුද්දය ජය ගැනීමට හැකියාව ලැබූ බවද ඔහු වැඩි දුරටත් කීවේය.