යුද විරුවා ‘පාවා දෙන්නකු’ වෙන ගමනක.. ‘දෙමළ ඊළම සහ සිංහල ශ්‍රී ලංකාව’ යන දෙකෙන් එක්සත් වූ ශ්‍රී ලංකාවක් කරා…

March 28, 2022 at 10:00 am | lanka C news
යුද විරුවා ‘පාවා දෙන්නකු’ වෙන ගමනක.. ‘දෙමළ ඊළම සහ සිංහල ශ්‍රී ලංකාව’ යන දෙකෙන් එක්සත් වූ ශ්‍රී ලංකාවක් කරා…

ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් අර්බුදය භාවිතා කරමින් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව භයානක දේශපාලන උකුලක් අටවමින් සිටින බව පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණ, එම දේශපාලන උගුලට පය තබා, ඔහු ඇතුළු රණවිරුවන් දිවි පරදුවට තබා රැකගත් ඒකීය ශ්‍රී ලංකාව පාවාදීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අඟවා සිටී.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ එහි ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙසේ අනතුරු අඟවා සිටියේ ය.

පසුගිය 25 වැනිදා දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව ද පදනම් කරගනිමින් අදහස් දැක්වූ ජානිපෙ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේ ‘යුද විරුවා’ ‘පාවා දෙන්නකු’ බවට පත්කර ගැනීමේ අභිලාෂයෙන් එම සාකච්ඡාව පැවති බව ය. එම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ‘එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්’ සෞභාග්‍ය කරා රැගෙන යාමේ යෝජනා පහක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු පවසන්නේ ‘දෙමළ ඊළම සහ සිංහල ශ්‍රී ලංකාව’ යන දෙකෙන් එක්සත් වූ ශ්‍රී ලංකාවක් පිළිබඳව බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘එක්සත් ශ්‍රී ලංකාවක්’ යන්න ප්‍රතික්ෂේප කර නැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය ද ඒ සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් ‘එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්’ යන වචන ඒ ආකාරයෙන්ම යොදා ඇති බවත් සඳහන් කළ ජයන්ත සමරවීර මහතා, එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් පිළිබඳව පූර්ව එකඟතාවක් සහිතව මෙම සාකච්ඡාව සිදුකළා ද යන සැකය මතුවීම, වැළැක්විය නොහැකි බවත් කීය.

ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිවරයා සමග පැවති ඉහත සාකච්ඡාවේදී ඉදිරිපත් කළ ප්‍රධානතම යෝජනාව වූයේ උතුරු නැගෙනහිර දෙපළාත සංවර්ධනය සඳහා වෙනම අරමුදලක් පිහිටුවීම බවද කී ජයන්ත සමරවීර මහතා, එම්. ඒ. සුමන්තිරන් මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ඩයස්පෝරාවේ මුදල් උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා යොදාගැනීමට නම් ’13න් එහා ගිය’ බලයක් අවශ්‍ය බවට මාධ්‍ය වෙත පළ කළ අදහස් ද මෙරට භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය අගය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් අවධානයට යොමු විය යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සැරසෙන්නේ කුඩු ජාවාරම්, ආයුධ ජාවාරම්, මිනිස් ජාවාරම් සිදුකර දෙමළ ඩයස්පෝරාව රැස් කරගෙන ඇති කළු සල්ලි උතුරු නැගෙනහිර දෙපළාතට රැගෙන ඒමට බවත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ලබා දී ඇති බලතලවලට වඩා වැඩි බලතල ඉල්ලන්නේ ඒ සඳහා බවත් ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය. ‘මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය’ සම්මත කරගනිමින් ‘මහ ඇමති අරමුදල’ පිහිටුවා දෙමළ ඩයස්පෝරාවේ මුදල් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය කිසිදු අධීක්ෂණයකින් තොරව එම අරමුදලට බැර කොට දෙමළ බෙදුම්වාදී වුවමනාවන් වෙනුවෙන් භාවිත කිරීම ඉහත දුෂ්ට යෝජනාවේ අභිලාශය බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ තවත් යෝජනාවක් වන ‘අතුරුදහන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීමට සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් සැකසීම’ට එකඟ වුවහොත් රණවිරුවන්ට එරෙහිව යළිත් චෝදනා ෆැක්ටරියක් නිර්මාණය වනු ඇති බවත් එමගින් දෙමළ ජාතික සන්ධානයේ රණවිරුවන් දංගෙඩියට යැවීමේ අරමුණු ඉටු වනු ඇති බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය. එසේම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බිහිසුණු කොටි ත්‍රස්තවාදීන් පිරිස විමර්ශන අවසන් වීමට ප්‍රථම මුදා ගැනීම ද මෙම සාකච්ඡාවේ අරමුණක් වී ඇති බව ජානිපෙ ජාතික සංවිධායකවරයා මෙහිදී කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි 40/1 යෝජනාව අනුව මෙරට රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ බවත් එම කවුන්සිලයේ විමර්ශන යාන්ත්‍රණයකින් පසුව 2022 සැප්තැම්බර් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවට එරෙහි 50/1 යෝජනාව මගින් එම රණවිරුවන්ට නිල චෝදනා පත්‍ර භාරදීමට නියමිත බවත් එම තත්ත්වය ද දඩමීමා කරගනිමින් දෙමළ බෙදුම්වාදීන් මෙවැනි සාකච්ඡා පණගන්වා ඇති බවත් ජයන්ත සමරවීර මහතා අනාවරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ, කැස්බෑව නගර සභා මන්ත්‍රී අතුල සේනාරත්න යන මහත්වරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

31,476 views

13 Comments to “යුද විරුවා ‘පාවා දෙන්නකු’ වෙන ගමනක.. ‘දෙමළ ඊළම සහ සිංහල ශ්‍රී ලංකාව’ යන දෙකෙන් එක්සත් වූ ශ්‍රී ලංකාවක් කරා…”

  1. dev says:

    tawa duratath boru billo hariyanne natha

    obalage deshapalayana oba winsa karagena ata

  2. Boris Vanculenberg says:

    Hey Samaraweera, it was your prez Gota invited and agreed with the TNA & invited the diaspora to come with their money to invest in SL. Don’t be stupid, those Ealam is now only limited to imagination, no one talks about it. But the Sinhalese who are trying to rejuvenate it. Stop that idiotic idea & help the country to prosper!

    • OLU says:

      President STOP Negotiations with TNA & Tamil tiger Diaspora Terrorists We Sinhalese people are strongly opposed to it
      All Sri Lankans who value the territorial integrity and sovereignty of this country should pay close attention to the views expressed to the media on the need for a force beyond 13. It is cowardice to enter into agreements with the LTTE separatists.What is Gotabhaya doing this treasonous act..please do not insult our brave war heroes who gave their lives for our country and are disabled, it is a disgrace to our Sinhala nation and a national crime.There should be no agreement with the LTTE Tamil Diaspora or the terrorist separatist, racist TNA The main proposal made by . Sampanthan during the above discussion with the President was to establish a separate fund for the development of the North and East.Tamil separatists’ Eelam objective … Please do not be deceived by TNA and Tamil Tiger diaspora

    • Sky says:

      @Boris Vanculenberg
      It is clear that you are a Tamil Tiger.We cannot forget the devastation wrought on our country by the slave Tamils ​​who came from India to grow tobacco & for 30 years, committing terrorist acts, murdering our people and destroying the country’s economy.All racist Tamil politicians and Katholic Tamil priests in the North supported the terrorist activities that killed more than 70,000 helpless people.What causes Tamil terrorism? ‘SEPARATE STATE EELAM ” But This is SINHALESE MOTHERLAND . We do not want the money of separatist racist politicians in the North like TNA or the savage tamil tiger diaspora who fled to foreign countries during the war..The Tamil Diaspora made money from drug trafficking, theft, and blood money. Our country does not need such dirty money.TNA, the Tamil separatist racist terrorists party in the North, who needs their advice and money? We need not want any help from bloody Tamil terrorists

  3. එක්වෙමු says:

    වෙයන් කැප්පෙටිපොළ කෙනෙක්…එත් එපා මැරෙන්න ඒ වගේ…

    පක්ෂවලට බෙදී සිටින සිංහලයන් කැප්පෙටිපොළ රූපය වටා එකතු වෙනවා ඇත….!.

    කලු සුද්දන්ට ඒ සමගිය බිඳිය නොහැකි වනු ඇත….!

  4. Kappetipola says:

    අනේ බල්ලො උබට දැන්ද රාජපක්ශලගෙ පාවාදීම් මතක් වුනේ? ප්‍රභාකරන්ගෙන් පස්සෙ එල්ටීටී නායකය වුනේ කේ. පී. එල් ටී ටීය සතු වෙච්ච නැව්, මිලියන ගණන් මුදල්, රත්තරන් සියල්ල ප්‍රභාකරන්ගෙන් පස්සෙ පාලනය හිමිවුනේ කේ. පීට. ශ්‍රි ලංකා යුදහමුදාවෙන් කේ. ඵී කුදලගෙන ආවට බිම් මට්ටමේ එල්. ටී. ටී ඊ සොල්දාදුවන්ට හම්බෙච්ච ඉරණම කොටි නායකයට අත් වුනේ නෑ. අදට සියලු සැප විදිමින් නිදහස් මිනිහෙක් විදිහට ලංකාවෙම ජීවත් වෙනවා. හැබැයි එල්. ටී. ටී ඊ වත් කම් වලට වෙච්ච දෙයක් නෑ. රාජපක්ශලට ඩීල් කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි ඩොලර් හම්බෙනව නම් අම්ම අප්ප වුනත් විකුණයි.

  5. David Milli-banda says:

    Media are screwing the minds of the people.
    We are all including the media reporting are BIAS.
    WHEN DID WE EVER GET A FACTUAL AND ACTUAL REPORTING IN MEDIA.
    Whether it be the Local media Or International media or Agency Houses, ITS ALL BIAS REPORTING WE READ TODAY.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    අඟේ ඉඳන් කන කාලා දැන් ජනපතිට උපදෙස් දෙන්න එනව. උබලට ලංකාවෙ ඉන්න බැරිනම් මුහුදට පැනපල්ල.

  7. Alapaluwa says:

    අපි අතිගරු ජනාධිපතිතුමාට චන්දය දුන්නෙ එතුමාට ඕන දේ කරන්න. රටවල් දෙකක් වෙලා හරි රට ගොඩගන්නවනම් අපි එතුමා සමඟයි.
    Alapaluwa from SA

  8. Jarapassa says:

    තව ටික කාලෙකින් ලංකාව කියල බිම් කොටසක් හරි බලාගන්ට ඕනැ නම්, කොටසක් දිපල්ල දෙමලුන්ට. උන් කැපවෙලා ඒ කොටස දියුණුවෙන් දියුණුවට පත්කරන ඉඳී. මේ පැත්තෙ උන් රාජපස්සලගෙ කුණු රෙදි හෝද හෝද, තෙල් ගැස් එනකල් වෙරලට වෙලා ගුටි කෙල කෙල ඉඳී.

    • Kamal says:

      ඊලම දිල තිබුනනම් හෙලයො ඉතාලි පනින්නෙ නෑ. ඊලමට තමා පනින්නෙ.

  9. මෝඩ හොර හැත්ත.. says:

    ස්වාභාවික ලෙසම අමෙරිකානු ගැතිව කටයුතු කරනා බෑ හිළ සහ ගූ ටා ලෝකයේ සෑම රටක්ම පිළිකුල් කරනා රටක් සහ නායකයන් සිටිනා බවට පත්වී තිබෙන්නේ රටේ ආර්ටිකය රාජපසයන් විසින්ම ඔවුන්ගේ පවුල් වාදයේ පුරුකක් වන රනිල් ද සමග හාන්ඩාගාරයම සොරකම් කර ක්‍රමාණුකුළව විනාශ කල නිසාවෙනි.! බටලන්ද රනිල් බැංකු හෙරා සහ නීළකාස වඩිගයන් වු ඉන්දියාවෙන් හිස බූගා පළවාහරිනාළද රාජපක්‍ෂ දූශීත දේශපාළුවන් සමූළය රට තුළින් අතුගා දමා රට නිදහස් කීරීම වහාම සිදුකළ යුතුයි!
    දූශීත මුග්ධ කෑදර වහල් යදින්නා දීනයා.. රජපකසසයන් හේළ රාජ්‍යයේ සියළු මිතුරු රාජ්‍යයන් විරසක කරගනිමින් හෙළබිම ඉතිහාස ගත දීනයන් සේ කටයුතු කරනා අතර දීන බවේ දූශනයේ සහ වංචාවේ සන්නාමය ලෙස රට අරාජික කරමින් ලෝකය පුරාවට ලියවෙන ඉතිහාසය තුළ සටහන් වීම ආරම්හ වූ බව ලෝකය පුරා ලියා තබනා සටහන් තුළින් නිරීකෂනයට!

    රටට

  10. Dulmina says:

    දෙමළ ගෑණු කෙනෙක්ව බැඳල ඉන්න අහංකාර ජනාධිපතිකාරයා…..
    දෙමළ ජාතිය කියන පදයට නටනවා නියතයි.

Main News