යුද හමුදාවෙන් වාර්තාවක්.. එක් දිනකදී වැඩිම උසස් වීම් දෙයි.. රණවිරු දිනයේ 14,000ක්..

May 18, 2020 at 8:02 am | lanka C news
යුද හමුදාවෙන් වාර්තාවක්.. එක් දිනකදී වැඩිම උසස් වීම් දෙයි.. රණවිරු දිනයේ 14,000ක්..

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අගහරුවාදා (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු සුදානම් ව ඇත.

රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ සෙසුනිලයින් දිරීගන්වමින් මෙලෙස උසස්වීම් සිදුකරනු ලබයි.

ඒ අනුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් ලබාදුන් උපදෙස් වලට අනුවකූලව යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සිසිර පිලපිටියගේ මඟපෙන්වීමෙන් යුත් පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදා ඉතිහාසයේ එක් දිනයක් තුළ ලබාදුන් වැඩිම උසස්වීම් ප්‍රමාණය 2020 මැයි මස 18 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුහි සෙසුනිලයන් වෙත ලබාදී ඇත.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදුණු 70 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් නිලධාරීන් 210 ක් ඇතුළු තවත් සෙසුනිලයින් 7210 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරනු ලැබූ බැව්ද සිහිපත් කල යුතුය. මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් දේශය පුරාවට සේවය කරන ලබන සියලු යුද්ධ හමුදා සාමාජිකයින් හට තම  ස්තූතිපූර්වක සුබපැතුම් එක් කරනු ලබයි.

– army midea

95 views

12 Comments to “යුද හමුදාවෙන් වාර්තාවක්.. එක් දිනකදී වැඩිම උසස් වීම් දෙයි.. රණවිරු දිනයේ 14,000ක්..”

  1. Kalana says:

    Niyamayi

  2. jinee says:

    all the best

  3. Dana says:

    යුදහමුදාපතිතුමා කොච්චර ශ්‍රේෂ්ඨ මිනිසෙක් ද.ඔබට ජාතියේ උපහාරය හිමි වේවා.

  4. අපි වෙනුවෙන් says:

    හොඳ වැඩක්.ඒ වගේම අර වැලිසර නාවික කදවුරේ අගතියට පත්වෙලා ඉන්න රණවිරැවන්ව බලන්න මේ වෙලාවේ සේනාධිනායකයා ඔවුන් අතරට යන එකත් රටම බලාපොරොත්තු වෙනවා.
    එදා “හදවතින් අපි රණබිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ” කියපු සෙඹලුන් මේ රටක් ජයසමරමින් සව්දිය පුරන දිනයේදි නිරෝධායන ක්‍රියාවලියක හදවතින් තනි වෙලා.

    • Iron Heart says:

      Yes,Come on Sir !!!
      An Action is Worth a Thousand Words.”කල නොහැක්කක් නොමැත”

    • sana says:

      Me welawe ethanata yawanna president Ai umbata asada presidenta corona hadenawata? Irisiyakara ballo.

    • RAW Agent says:

      පිස්සු ද- හැටි ද මචං
      ලෙඩක් හැදුනම නිරෝධායනය වෙනවා කියන්නෙ
      ජාතික අපරාධයක් නෙවෙයි.
      බෝ වෙන ලෙඩක් හැදුනම වෙන් වෙලා ඉන්නවා කියන එක
      අධ්‍යාපනයක් තියෙන ඕනම මනුස්සයෙක් දන්නවා.
      මෛත්‍රීපාල ඇරෙන්න කිසිම සේනාධිනායකයෙක්
      පිස්සෙක් වගේ රෝගීන් අස්සෙ රිංගන්න නෑ.
      ඔයා ආදරේට වගේ කියන්නෙ හමුදා වල මානසිකත්වෙ
      වට්ටන්න නේ.
      අපි වෙනුවෙන් කියලා නම දැම්මට වඩා හොඳයි
      අනුර කුමාර වෙනුවෙන් කියලා ලිව්වා නම්
      මේ වගේ කුහකයෝ වෙසෙන රටක් මෙහෙම වත්
      පවතින එකයි පුදුම

  5. කෝලිත says:

    වාර්ෂික අය වැයෙන් වැඩිම මුදලක් වියදම් කරන්නේ මේ ආරක්ෂක අංශ නඩත්තු කරන්න. යුද්ධයක් නැති රටේ ඒක අනවශ්‍ය දෙයක්. රටේ මහජනතාව මේ සියලු දෙනාම නඩත්තු කරන්න සල්ලි හොයන්න ඕන. ඉස්සරහට මේ බර තවත් වැඩිවෙන පාටක් පෙනෙනෙන තියනවා. රට හමුවේ ඩොලර් බිලියන 5 කට කිට්ටු වාර්ෂික ණය වාරික ය ගෙවන්නේ කවුද ? අය්යලා මල්ලිලා ඇමරිකාවෙන් ගෙනාපූ සල්ලි වලින්ද දන්නේ නැහැ. අද ජනතාවට වෙලා තියෙන්නේ කොරෝනා හැදිලා මැරුණා නම් හොදයි කියලා හිතන එක. ජීවත් උනොත් දවසේ ගානේ මැරෙන එක විතරයි.

    • Dana says:

      Jvp wahalek.moda tharka genda epa miniho.hamudawe minissunge padi gena newei deshapaluwange hora kema gena kata krpn.

  6. nim says:

    great job

  7. Liyanage says:

    An excellent gesture towards soldiers by a great military leader..!

Main News