යුද හමුදාවෙන් වැලිඔව දිළිඳු පවුලකට අංග සම්පූරණ නිවසක්…

September 4, 2019 at 2:03 am | lanka C news
යුද හමුදාවෙන් වැලිඔව දිළිඳු පවුලකට අංග සම්පූරණ නිවසක්…

යුද්දෙන් පසුව නැවත පදිංචි දිළිඳු වැසියන් වෙනුවෙන් යුද හමුදවෙන් සාදා දෙන ස්ථීර නිවාස වැඩසටහනේ තවත් එක් පියවරක් වශයෙන් වැලිඔය කල්‍යාණිපුර ප්‍රදේශයේ පදිංචි ස්වාමිපුරුෂයා අහිමි දිළිඳු පවුලක් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය මගින් අංගසම්පූරණ නව නිවසක් වෙනුවෙන් මුල්ගල තැබීම සිදු විය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් හා උපදෙස් පරිදි 21 වන සේනංකාධිපති මේජර් ජෙනරල් කුමාර් ජයපතිරණ මහතාගේ සෘජු සම්බන්ධීකරණයෙන් හා මෙහෙයවීමෙන් ඉදිකරන ලද අංගසම්පූරණ නිවසක් විවෘත කිරීම සිදු විය.

නිවස ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රම දායකත්වය යුද හමුදාවෙන් ලබා දී ඇති අතර මූල්‍ය දායකත්වය ලබා දී තිබුණේ බොඩිලයන් පුද්ගලික සමාගම විසිනි.

නිවස විවෘත කිරිමේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 21 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ, බොඩිලයන් පුද්ගලික සමාගමේ මානව සම්පත් හා පරිපාලන අධ්‍යක්ෂ‍ වෙනුර අත්තනායක මහතා, එහි මානව සම්පත් හා පරිපාලන කළමණාකරු සුරංග විජේතුංග මහතා හා ගම්වාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

– වන්නි රොමේෂ් මධූෂංඛ

2,088 Viewers
Main News