යුද හමුදාවේ සෙබලුනට ‘බූදෝ’ සටන් කලාව උගන්වයි…

August 23, 2019 at 8:02 am | lanka C news
යුද හමුදාවේ සෙබලුනට ‘බූදෝ’ සටන් කලාව උගන්වයි…

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් සුරේන්ද්‍ර ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මගපෙන්විම අනුව  වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන සේනාංක, බළසේනා සහ ඒකකයන්හි රාජකාරින් සිදු  කරනු ලබන නිළධාරි සහ සෙසුනිළයින් හට ආත්ම ආරක්ෂක සටන් කලාවක් වන කියෝෂිරියු බූදෝ සටන් කලා හැදෑරීමට අවස්ථාව ලබා දී ඇත.

බූදෝ සටන් කලාව හදාරන යුද හමුදා සෙබලුන්ගේ සමාරම්භක උත්සවයක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවත්වුණි.

මෙම ආත්ම ආරක්ෂක සටන් කලා පාඨමාලාව පැවැත්වීමට මූලීක අරමුණ වනුයේ පශ්චාත් යුධ සමය අවසන්වීමෙන් පසුව යුධ හමුදා සෙබලුන් බහුල වශයෙන් සිවිල් ජන සමාජය සමග කටයුතු කිරිමට සිදුවන හෙයින් එහිදී හමුවන විවිධාකර පුද්ගලයින් සමග රාජකාරින් සිදු කිරිමේදි තමන්ගේ ආත්ම ආරක්ෂාවට බලපෑමක් ඇතිවූ විට අවි රහිතව එයින් මිදිමට හැකි වන පරිදි හා මෙම සටන් කලාව යුධ හමුදා සෙබලුන් ප්‍රගුණ කිරිම තුලින් දෛනික කාර්යභාරයන් නිවැරදිව,විධිමත්ව,කාර්යක්ෂමව සහ පළදායි ලෙස ඉටු කර ගැනීම සදහාත් මුහුණදීමට සිදුවන හදිසි අවස්ථාවන් කළමණාකරණය කර ගැනීම හැකිවනවා මෙන්ම දක්ෂ ක්‍රිඩකයින් හා උපදේශකයින් මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රිඩකයින් බිහි කිරිමය.

මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් ශ්‍රි ලංකාවේ දක්ෂ බූදෝ සටන් කලාව පිළිබදව දිවයිනේ සිටින විශිෂ්ඨතම උපදේශකයෙකු වන කලුපටි 08 වන ශ්‍රේණිධාරි රෙන්ෂි ක්ලේමර්ට් ද සොයිසා මහතාගේ උපදේශකත්වයෙන් යුද්ධ හමුදා උපදේශකයින් පිරිසක් විසින් බූදෝ සටන් කලාව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබීය.

පාඨමාලාව හැදැරීම සදහා පළමු අදියර යටතේ නිළධාරි 25  ක් හා සෙබලුන් 1000 ක  පිරිසක්ද ඉදිරියේදී මෙම සටන් කලාව හැදෑරීමට තවත් 2000 ක භඨ පිරිසකට පුහුණු කිරිම් සිදු කිරිමට වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් සුරේන්ද්‍ර ගුණවර්ධන මහතා සමාරම්භක අවස්ථාවේදී උපදෙස් ලබා දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,561 Viewers

2 Comments to “යුද හමුදාවේ සෙබලුනට ‘බූදෝ’ සටන් කලාව උගන්වයි…”

  1. නියමයි. අංගං පොර සටන් කලාවත් මේ විදිහට ප්‍රචලිත කලොත් හොදයි.

  2. ROHANA says:

    Excellent please keep continued !!

Main News