යුද හමුදාව එපා කියා උතුරු මහඇමති කිව්වත් යුද හමුදාව දෙමළ ජනතාව වෙනුවෙන් කැපවෙයි..

July 20, 2018 at 8:02 am | lanka C news
යුද හමුදාව එපා කියා උතුරු මහඇමති කිව්වත් යුද හමුදාව දෙමළ ජනතාව වෙනුවෙන් කැපවෙයි..

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් ඇතුලු දෙමළ දේශපාලඥයින් විසින් උතුරෙන් යුද හමුදාව ඉවත් විය යුතුය යන ප්‍රකාශයන් පසුගිය දිනයන්හි සිදු කලද කිලිනොච්චිය යුද හමුදාව තවදුරටත් දෙමළ ජනතාවගේ ආගමික සිද්දස්ථානයන්හි පිලිසකර කිරීම් කටයුතු සිදු කරමින් පවති.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් පරදි 65 වන සේනංකාධිපති මේජර් ජෙනරල් කුමාර පීරිස් මහතාගේ අධීක්ෂණයෙන් 21 වන පාබල රෙජිමේන්තුවෙන් නිලධාරීන් පිරිසක් විසින් කිලිනොච්චිය උයිලන්කුලම් හින්දු පුල්ලයාර් කෝවිල හා භූමිය පිරිසදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

යුද හමුදාව විසින් පසුගිය දිනයන්හිද උතුරු පලාතේ බොහෝ ආගමික සිද්දස්ථාන හා පොදු ගොඩනැගිලි මංමාවත් පිලිසකර කිරීම් හා පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබූනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23 views

One Comment to “යුද හමුදාව එපා කියා උතුරු මහඇමති කිව්වත් යුද හමුදාව දෙමළ ජනතාව වෙනුවෙන් කැපවෙයි..”

  1. vidu says:

    හමුදාව මොලයෙන් ගහන්න ඔනේ උන්ට.දෙමල මිනිස්සු එතකොට තේරුම්ගනී කාගෙන්ද තමුන්ට ප්‍රවෝජනය තියෙන්නේ කියලා.ඒයාලගේ මයින්ඩ් එක හැදෙන්න කල්යයි, හැදුනොත් ඔය දේශපාලනය ප්‍රතික්ශේප වෙනවා.

Main News