යුද හමුදාව ඕනෑ යුද්දයට නොව රට සංවර්ධනය කිරීමටයි..

August 9, 2017 at 3:33 am | lanka C news
යුද හමුදාව  ඕනෑ යුද්දයට නොව රට සංවර්ධනය කිරීමටයි..

යුධ හමුදාව දැන් රට සංවර්ධනය කිරීමට, ජනතාවගේ දැනුම වර්ධනය කිරීමට, පාසැල් ළමුන්ගේ මනස හා අදහස් වර්ධනය කිරීමට කටයුතු කිරීම පිලිබද හමුදාවට ස්තුතිවන්ත වන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

උතුරු පළාතේ 2016 වසරේදී පාසැල් 26ක සිසු සිසුවියන් 198 දෙනෙකු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහලන් සමත්වීම ඇගයීමට ලක්කරමින් විශේෂ සම්මාන පිරිනැමීමේ උත්සවයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනය වීරසිංහම් ශාලාවේ දී පැවැති අවස්ථාවකට සහභාගී වෙමින් මේ බව කියා සිටියේය.

වත්මන් යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේශ් සේනානයක මහතා එවකට යාපනය ආරක්ෂක සේනා ආඤාපති වශයෙන් කටයුතු කරන සමයේදී එතුමන්ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සංවිධානය කොට තිබූ අතර මෙම අවස්ථාවට යුද හමුදාපති තුමන්ද සහභාගී විය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර වරයා කියා සිටියේ,

“අධ්‍යාපනය කියන එක කිසිකෙනෙකුට හොරකන් කරන්න බැරි දෙයක්. මිල මුදල් රත්තරන් හෝ ඕනෑම වටිනා දෙයක් බලහත්කාරයෙන් හෝ සොරකම් කිරීමක් කලත් අධ්‍යාපනය සොරකම් කිරීමට නොහැකියි. අපේ රටේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් දිය යුතුය. මෙම වැඩටහන උතුරු පළාතේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන ලද ඉතා හොඳ වැඩසටහනක්. යුධ හමුදාව දැන් යුද්ධ කිරීම වෙනුවෙන් රට සංවර්ධනය කිරීමට, ජනතාවගේ දැනුම වර්ධනය කිරීමට, පාසැල් ළමුන්ගේ මනස හා අදහස් වර්ධනය කිරීමට කටයුතු කිරීම පිලිබද හමුදාවට ස්තුතිවන්ත වෙනවා.මේ දෙය දරුවන්ගේ මානසික මට්ටම් වර්ධනය කරන්න, අධ්‍යාපනයට ඇති උනන්දුව වැඩි කරන්න කරන ලද හොඳ වැඩ පිළිවෙලක් හැටියටයි මම දකින්නේ. අපේ වර්තමාන යුධ හමුදාපති පසුගිය කාලය පුරාවට උතුරු පළාතට මෙවැනි වැඩසටහන් විශාල ප්‍රමාණයක් කර තිබෙනවා. ඒ තුළින් උතුරු පළාතේ දමිළ ජනතාවට ඔවුන්ගේ ජීවන මට්ටම් නඟා සිටුවා ගැනීමට මහත් පිටුවහලක් වෙලා තිබෙනවා.යනුවෙනි.

මෙම අවස්ථාවට යුදහමුදාපති තුමන් සමග ආගමක නායකයින් ,උතුරු පාලතේ අදාල පාසල්හි ගුරුවරුන් විදුහල් පති වරුන්ද සහභාගී වී සිටයහ.

– රොමේෂ් මධුෂංඛ

77 views
Main News