යුද හමුදාව දෘශ්යබාධිතයන් රැසක් ශ්‍රි පාදස්ථානය කරුණා කරවයි…
March 3, 2022 at 8:02 am | lanka C news
දෘශ්‍ය අබාධිත පුද්ගලයින් 200 දෙනෙකු හැටන් මාර්ගය ඔස්සේ (01) දින ආරක්ෂිතව ශ්‍රි පාදස්ථානය කරුණා කරවිමට යුධ හමුදා පියවර ගනි.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම පිරිස ශ්‍රි පාදස්ථානය කරුණා කරවිමට 19 වන ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් බණ්ඩාරවත්ත සහ මේජර් කිර්ති කුමාර යන මහතුන් සහ ලක්ෂපාන යුධ හමුදා කදවුරේ යුධ හමුදා සෙබළුන් 50 දෙනෙකු මේ සදහා සහයෝගය දැක්විය.
දෘශ්‍ය අබාධිත සංගමය විසින් මෙම පිරිස ශ්‍රි පාදස්ථානය කරුණා කරවිමට පියවර ගෙන තිබු අතර, සිරිපා ගමනට එම සංගමයේ සමාජිකයන් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරාගත් දෘශ්‍ය අබාධිතයන් ශ්‍රි පාදස්ථාන කරුණාවට එක් කරගෙන තිබුණි.
දෘශ්‍ය අබාධිත පුද්ගලයින් 200 දෙනෙකු ශ්‍රි පාදස්ථානය වෙත ආරක්ෂිතව රැගෙන ගොස් ආපසු නල්ලතන්නය දක්වා රැගෙන ඒමටත්, එම පිරිසට අවශ්‍ය ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදිමටද යුධ හමුදාව පියවර ගෙන තිබුණි.
– හැටන් රංජිත් රාජපක්ෂ
“සීත ගඟුලෙහිදී පන්සිල් අරගෙ න
උණුසුම් ඇති පිළි පමණක් හැඳගෙ න
සමන් දෙවිඳුනට පඬුරුත් වැඳ ගෙ න
සාදු කියමු අපි සතුටින් හැම දෙ න”
“ගෙත්තම් පාන ඉදිකටු පූජා කර මු
හැරමිටි පාන හැරමිටි පූජා කර මු
දොඩම්බැවිල තල අබ පූජා කර මු
සිරි පතුලට රන් මල් පූජා කර මු”
බටහිර සහ ඉන්දීය සතුරන් සමග සිටගන්නා, සතුරන්ට ගැතිකම් කරනා රනිල් අඇතුළු රජපකයන් දේශීයත්වයට ගරහමින් යුධ විරුවන් දිනාදුන් දේශය පාවාදී අවසන්,.!