යුද හමුදාව මුලතිව්හි වසර 8ක් වසා තිබූ පාරක් විවෘත කරයි..

January 2, 2018 at 2:08 am | lanka C news
යුද හමුදාව මුලතිව්හි වසර 8ක් වසා තිබූ පාරක් විවෘත කරයි..

යුද්දෙන් පසුව ආරක්ෂිත කටයුතු වෙනුවෙන් වසර 8ක් පුරා වසා දමා තිබූ මුලතිව් පුදුකුඩිඉරිප්පු හා වට්ටාපලෙයි ප්‍රධාන මාර්ගය ඊයේ (01) සාමාන්‍ය වැසියන්ගේ ගමනාගමන කටයුතු වෙනුවෙන් නිදහස් කිරීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර නෙ තිබුණී.

යුද හමුදාධිපති තුමාගේ උපදෙස් පරිදි මුලතිවි ආරක්ෂකසේනා ආඥාපති මේජර් ජෙනරාල් ආර්.ඩබිලිවි.ඩබිලිවි.ඒ.ඩි.බි.රාජගුරු ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මග පෙන්විම මත ප‍්‍රදේශයේ ජනතාවගේ ජන ජිවිතය නගාසිටුවිම සහ ජාතින් අතර සංහිදියාව ඇති කිරිමෙි අරමුණින් යුද්ධ හමුදාව විසින් පරිහරණය කල ඉඩමි අක්කර 133.34 ක ප‍්‍රමාණයක් නැවත සිවිල් ජනතාවට ලබාදිමෙන් අනතුරුවල මෙතෙක් කදවුරට පමණක් සීමා වි තිබු පුදුකුඩිඉරිප්පු වටිටප්පෙලෙයි මාර්ගයේ කි‍්‍ර.මි. 02 ක ප‍්‍රමාණය නැවත සිවිල් වැසියන්ගේ ගමනාගමන කටයුතු සදහා විවෘත කරන ලදි.

යුද්දයෙන් පසුව ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත්කිරීම් හා ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්වනතුරු පුදුකුඩිඉරිප්පු හා වට්ටාපලෙයි මාර්ගය වස දැමුනු අතර කේපාපිලව් ඉඩම් ලබා දීමෙන් පසුව මාර්ගයද නිදහස් කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණී.

මේ අතර කේපාපිලව්හි ඉඩමි ලබාදුන් ඉඩමි හිමියන් විසින් නවඅවුරුදු උදාවෙන් ඔවුන්ගේ සිතුමි පැතුමි ඉටුවිමටත් ලැබුවා වු අලුත් අවුරුද්ද ශුභදායක විම සදහාත් යුදහමුදාව විසින් ඔවුනට ලබාදුන් ඉඩමි කොටසක ඇති කොටිටඩි පුල්ලයාර් කෝවිලෙහි කිරි බතක් පිළියෙල කර විග්නේෂ්වරමි පුජකතුමා විසින් පුජාවක්ද පවත්වන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

115 views
Main News