යුද හමුදාව යටතේ තිබූ තවත් ඉඩම් නිදහස් කෙරේ..

August 16, 2019 at 2:13 am | lanka C news
යුද හමුදාව යටතේ තිබූ තවත් ඉඩම් නිදහස් කෙරේ..

යුද සමයේදී යුද හමුදාව විසින් භාවිතාකරන ලද කිලිනොච්චිය  කරච්චි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම් අක්කර 23.05ක්  කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ විසින් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදෙනු ලැබීය.

කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ග්‍රාම සේවා වසමේ ඉඩම්  අක්කර 23 .5ක් මෙලෙස  යුද හමුදාව විසින් නිදහස් කිරීමෙන් පසුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා වෙත භාරදීම සිදුකෙරිණි.

යුද්ධයෙන් පසුව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය හා අවට තිබූ සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර 27352.45 මුල් පදිංචිකරුවන් වෙත මේ වන විට ලබාදී අවසන් වන අතර යුද හමුදාව විසින් භාවිතා කරන සිවිල් ජනතාවගේ සෙසු ඉඩම්ඉදිරියේදීද නිදහස් කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධූෂංඛ

54 views
Main News