යුද හමුදාව සතු වූ ඉඩම් කිහිපයක් නිදහස් කෙරේ…

November 18, 2018 at 2:12 am | lanka C news

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත්ව තිබු ඉඩම් හෙක්ටයාර 23 ක් නැවත සිවිල් ජනතාව වෙත පවරාදීම සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත එම ඉඩම් යුද හමුදාව විසින් භාර දෙනු ලැබීය.

උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි ඉඩම් සිවිල් ජනතාව වෙත පවරාදීමේ ජනාධිපතිතුමන්ගේ වැඩසටහන යටතේ අදාළ ඉඩම් මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරිය වෙත පවරනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත්  612 බළසේනාවේ අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජි‍මේන්තුව යටතේ පැවති ඉඩම් කොටසක් එලෙස නැවත පැවරීම සිදුකරනු ලැබීය.

මුලතිව් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුණ්ඩිමුරුප්පුව රක්ෂිත සීමාවේ පැවති ඉඩම් ‍කොටසක් සිවිල් පරිපාලනය වෙත නිදහස් කිරීමට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත 20 වන සිංහ රෙජිමේන්තුවේ අණදෙණ නිළධාරි මේජර් අයි.ජේ.වික්‍රමසිංහ මහතා විසින් අදාල ඉඩම් මුලතිව් දිසාපතිනිය වෙතට පැවරීම සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views

One Comment to “යුද හමුදාව සතු වූ ඉඩම් කිහිපයක් නිදහස් කෙරේ…”

  1. Dayani says:

    These racist Tamils will never be satisfied until they own the whole of Northern Province, By producing bogus deeds at the relevant district offices, they claim every inch by hook or by crook.!!!
    Where are the lands that belonged to Sinhalese and Muslims who lost their lands, belongings etc.??? For that matter, those Muslims and Sinhalese who want settle in the North should also given the lands they rightfully owned!!!

Main News