යුද හමුදා කදවුරකින් කොරොනා.. බටලන්ද කදවුරේ කපිතාන් ආසාදිතයි..

October 24, 2020 at 8:40 am | lanka C news
යුද හමුදා කදවුරකින් කොරොනා.. බටලන්ද කදවුරේ කපිතාන් ආසාදිතයි..

යුදහමුදා කපිතාන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ සපුගස්කන්ද බටලන්ද පිහිටි යුද හමුදා කදවුරේ සේවය කරන කපිතාන්වරයකුට සිදුකළ පරීක්ෂණවලදී ඔහු ආසාදිත බව හෙළි වූ බවයි.

එම කපිතාන්වරයා මාළු මිලදී ගැනීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ ගොස් ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදන වන්නට ඇති බවත් සැක කෙරේ.

මේ වන විට අදාළ කපිතාන්වරයා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබේ.

ඔහුගේ ආශ‍්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති අතර කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමටද නියමිතය.

42,951 views

8 Comments to “යුද හමුදා කදවුරකින් කොරොනා.. බටලන්ද කදවුරේ කපිතාන් ආසාදිතයි..”

  1. SL says:

    බොහෝ බස් කොන්දොස්තර වරුන් නිකටට මාස්ක් එක දමාගෙන සෙනග අතරට ඇවිත් ,ඔවුන්ගේ ගමන්මාර්ගය පවසනවා ,මොවුන් රෝග වාහකයින් විය හැකියි .

    හැකි ඉක්මනින් නීති හරියට ක්‍රියාත්මක කරන්න,මිනිස්සුන්ව නීතිය පිලි පදින්න පොළඹවන්න.රටේ නායකයින් ආදර්ශමත් වෙන්න.

    ප්‍රවුත්ති සාකච්චා වලදී පවා මුඛ ආවරණ පළඳා ආදර්ශමත් වෙන්න.

    • Crishanthie Sumanasekara says:

      100% agreed. There must be rules & regulations for Public Transport (Buses) also. Still the buses are fully packed.

  2. Himali says:

    ලංකාවේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

    රටම හිනැස්සු පැකනිල් බොයිද කසිප්පු

    කොරෝනා නැසු රටේ දැන් හැදිලා වලිප්පු

    ඇස කන් නැසූ ඇමතිලා යයිද සිංගප්පු

  3. Allahu Ak barwahala says:

    දැන් මේ මගුල සමාජ ගත වෙලා ඉවරයි. එක එකකෙනා ගේ නම් දාලා බොරුවට හයිලය්ට් කරන එක නවත්වන්න. මාළු මාකට් එක පස්සේ විතරක් පන්නන එක වැරදියි. ඒක නිසා වෙන්නේ සමාජ ගතවී තිබීම කියන මතය වෙනස් අතකට රැගෙන යාම. මොකද පහුගිය දවස් කිහිපයේම හැම රිසෙප්ෂන් හෝල් එකකම දවස් 7 ටම උදේ හවස උත්සව. නැකත් අදාලම නැහැ. ලොක් ඩවුන් කරන්න කලින් අපේ ගොන් හරක් පුළුවන් තරම් නැටුවා . කිසිම වෙඩින් එකක නිරෝධායන නීති මුකුත් නැහැ. කුණු වෙන්න ගහල මාස්ක් කැලේ . සුප්‍රසිද්ධ සුපර් මාකට් ජාල වලත් තත්වය එහෙමම තමා. ඇතුල් වෙනකන් විතරයි. ඊට පස්සේ පොල් පටවල වගේ මිනිස්සු. සමහරු කහිනවා මාස්ක් බෙල්ලේ දාගෙන. වැඩකරන උන්ට ඕව බලන්න වෙලා නැහැ. බස් වල තත්වය ඊට දෙවෙනි නැහැ. මිනිස්සුට කොරෝනා වලට වඩා බඩගින්නයි බෝතලෙයි ලොකු වෙලා තිබ්බේ.
    හෙට අනිද්දා වෙනකොට හැම තැනම පිරිලා ඉතිරිලා යනවා.

  4. සානිකා says:

    බටලන්ද පොකුර… ලස්සන නම ඈ

    • ක්‍රිමිනල් says:

      රනිල් තුමාත් ඉන්නවද?

    • exUNPer V says:

      1989 දීත් බටලන්දේ පොකුරක් තිබුනා. කැප්ටන් ශියම් විකීට ලෙඩේ වැඩි උනාම දර්ම චැක්කරේ කැරකෙව්වා.

  5. Kamal Italy says:

    හමුදා සොල්දාදුවන් ගැන වඩා සැලකිලිමත් වෙන්න වවයි, මොකද කලාප වල වැඩකරන බොහෝ ගැහැණු ළමයි රහස් සම්බන්දකම් පව ත්වනවා හමුදාවෙ අයවලුන් සමග හවස් වෙනකොටකටුනායක පැත්තට හතර දිග් බාගයෙන්ම ආරක්ෂක අනහ්වලට සම්බන්ධ අය ඔය ගැහැණු ළමයි මුණගැහෙන්න සම්බන්ධකම් පවත්වනවා. ඒවා පෞද්ගලික කාරනා තමයි නමුත් කඳවුරු වලට පැතිරීමේ අවදානම වැඩියි.

Main News