යුද හමුදා ට්‍රක් රථයක් වෑන් රථයක වැදීමෙන් ඇඟලුම් සේවිකාවන් 5ක් තුවාලයි

February 18, 2018 at 2:17 am | lanka C news
යුද හමුදා ට්‍රක් රථයක් වෑන් රථයක වැදීමෙන් ඇඟලුම් සේවිකාවන් 5ක් තුවාලයි

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ යුද හමුදා ට්‍රක් රථයක් ඇඟලුම් සේවිකාවන් රැගත් වෑන් රථයක ගැටීම හේතුවෙන් ඇඟලුම් සේවිකාවන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.

ඕමන්ත රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ අදාල ඇඟලුම් සේවිකාවන් රැගත් වෑන් රථය ගමන් කොට ඇති අතර එහිදී පිටුපසින් වව්නියාව සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යුද හමුදා ට්‍රක් රථය වෑන් රථයට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ගිය වෑන් රථය හැරවීමට ගත් උත්සහයකදී ට්‍රක්රථයේ ඉදිරිපස වෑන් රථයේ පිටුපස වැදීමෙන් වෑන් රථය වට තුනක් පමණ පෙරලී ගිය බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

අනතුරින් තුවාල ලැබූ ඇඟලුම් සේවිකාවන් පස් දෙනා වව්නියාව  මහ රෝහලට ඇතුලත් කොට ඇති අතරම ඉන් එක් සේවිකාවකගේ තත්වය බරපතල බවටද වාර්ථා වෙයි.

අනතුරින් පසුව යුද හමුදා ට්‍රක්රථයේ සිටි යුද හමුදා සෙබලුන් තිදෙනෙකුද යුදහමුචා පොලීසිය විසින් ඉදිරි නීතිමය කටයුතු සඳහා රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසියද වැඩි දුර පරික්ෂණ කටයුතු සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6 views
Main News