යුද හමුදා රණකාමීන්ගේ පාගමනක් මැදවච්චියේ සිට කොළඹට.. හමුදාපති පෙරමුණේ..

May 29, 2019 at 4:40 pm | lanka C news
යුද හමුදා රණකාමීන්ගේ පාගමනක් මැදවච්චියේ සිට කොළඹට.. හමුදාපති පෙරමුණේ..

යුද හමුදා සංග්‍රාමික බලසේනාව ආරම්භ කොට වසර 25 ක් පිරීම හා ත්‍රස්තවාදය අවසන් කොට වසර 10 ක් පිරීම නිමිත්තෙන් රණවිරු පාගමනක් අද (29 යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චියෙන් ආරම්භ කෙරුණි.

මැදවච්චිය පැරණි සෝදිසි මුරපොළ ඉදිරිපිටින් ආරම්භ කෙරුණු රණවිරු පාගමන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර රණකාමීන්ගේ පාගමන ආරම්භක උත්සවයේ පූර්ණ සංවිධන කටයුතු සිදු කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාද සහභාගී විය.

මැදවච්චියෙන් ආරම්භ වූ රණවිරු පාගමන ජුනි මස 08 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් අවසන් කිරිමට නියමිතව ඇත.

මෙම පාගමන සදහා ගුවන් සංග්‍රාමික බළසේනාවට අයත් නිළධාරින් 31 සහ සෙසුනිළයින් 600 ක් පමණ සහභාගීවූ අතර, මැදවච්චිය, අනුරාධපුර ,තිරප්පනේ,  මරදන්කඩවල, හඹරණ, දඹුල්ල, නාවුල, මාතලේ, අකුරණ, කටුගස්තොට, මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, වරකාපොළ, නිටිටඹුව, යක්කල,  කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ග්‍රෑන්ඩ්පාස්, කුරුදුවත්ත, දෙමටගොඩ සහ බොරැල්ල යන නගරයන් හරහා ගමන් කිරිමට සංවිධානය කොට ඇත.

රණවිරු පාගමන වෙනුවෙන් යුද හමුදා පූරණ් ආරක්ෂාවක් මැදවච්චිය සිට කොළඹ දක්වාම සැපයීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

42,126 Viewers

6 Comments to “යුද හමුදා රණකාමීන්ගේ පාගමනක් මැදවච්චියේ සිට කොළඹට.. හමුදාපති පෙරමුණේ..”

  1. saman says:

    Pagaman meme Dummalasooriya Yaganwela Konaka Idan Check karanna. Please. ..

  2. Sam Fernando says:

    People, get ready to go behind !

  3. Ranawiruwo says:

    Proceed to Wilpaththu and Kaththankudi also.

  4. sanidu sooriarachchi says:

    ජය ජය වේ! පරිස්සමින් එන්න. ඔබ අපේ අභිමානයයි

  5. Saman says:

    Digana kumbukkadura search plzzzzzzx

  6. Nim says:

    ” MADAWACHCHIYA KEEWATA
    KILENOCHCHIYA EDALADA ”

    RAJAYA TA MEYA WESALA ABIYOGA
    YAK. APAHASAYAK.
    ME GON HARAK TA MEWA THERENNE NAHA.

Main News