යුද හමුදා වෝකිටෝකි, නිලඇඳුම්, පිහි ඇතුලු උපකරණ තොගයක් හමුවේ..

May 2, 2019 at 8:02 am | lanka C news
යුද හමුදා වෝකිටෝකි, නිලඇඳුම්, පිහි ඇතුලු උපකරණ තොගයක් හමුවේ..

මුලතිව් අලම්පිල් ප්‍රදේශයේ යුද හමුදාව බාවිතා කරනු ලබන නිලඇඳුම් හා වෝකිටෝකි ඇතුලු උපකරණ රැසක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් (01) සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 වන සේනාංකයේ සෙබලුන් විසින් අලම්පිල් ප්‍රදේශයේ පිහිටි අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමේදී මෙම උපකරණ තොගය හමු වී ඇත.

එහිදී ගොඩනැගිල්ල තුල සඟවා තිබූ නවීන පන්නයේ ගමන් කතන (වෝකි ටෝකි) 09ක්, යුද හමුදා නිලඇඳුමට සමාන ඇඳුම් කිහිපයක්, තියුණු පිහියක්, යුද හමුදා ජැකට්ටුවක්, නවීන පන්නයේ දුරේක්ෂයක්, සහ යුද හමුදාව බාවිතා කරන සපත්තු ජෝඩු 02ක් මේ අතර වෙයි.

අදාල උපකරණ යුද හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කිසිවෙකු නොසිට ඇති අතර එම උපකරණ තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දීම පියවර ගෙන ඇත.

අදාල සන්නිවේදන උපකරන හෝ අනෙකුත් දෑ සම්බන්ධයෙන් කිසිදු නීතිමය අවසරයක් නොමැති අතර එම ගොඩනැගිල්ලේ අයිති කරුවන් සොය ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බව මුලතිව් පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,817 Viewers

One Comment to “යුද හමුදා වෝකිටෝකි, නිලඇඳුම්, පිහි ඇතුලු උපකරණ තොගයක් හමුවේ..”

  1. Citizen says:

    Once arrested, send them to Batalanda for detail questioning in white vans as did in1987/88 by the same UNP.

Main News