යුද හමුදා සෙබළ පිරිසකටද කොරෝනා..
November 4, 2020 at 10:00 am | lanka C news
යුද හමුදා විදුලි හා යාන්ත්‍රික බලකා සෙබළුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මෙම පිරිස ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි අයයි.
ඔවුන් එහිදී කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ආසාදිත යයි හෙලි වී ඇත.
කොළඹ මැලේ වීදියේ හමුදා කඳවුරේ සේවය කරමින් සිටි මෙම සෙබළුන් 239 දෙනෙකු නිරෝධායන සඳහා එහි රඳවා ඇත.
මෙම සෙබළුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ හා සම්බන්ධ රාජකාරි කටයුතු වල නිරතවී සිටි අයයි.
ගංගා ජලයට ඉටිකොල ඔතාපු කලගෙඩි ටික නොදමා කරන්න තිබ්බේ අඹතලේ ජප පිරිපහදුවේ ටැංකිවලට එම පිරිත්පැන් එක්කහු කරන්නයි. එමඟින් අඹතලෙන් වතුර සැපයෙන සියළුම නිවෙස් කරා නළ මඟින් එම පිරිත් පැන්සැපයෙනවා. සුදුස්සන් සුදුසු තැන්වලට නැතිවීමේ වරද මෙයයි.
ඉක්මන් සුවය පතමු