යුධ හමුදාපති හිටපු කොටි සාමාජිකයෙකුට නව නිවසකට මුල්ගල් තියයි…

November 4, 2021 at 6:48 pm | lanka C news
යුධ හමුදාපති හිටපු කොටි සාමාජිකයෙකුට නව නිවසකට මුල්ගල් තියයි…

යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය පලාලි ප්‍රදේශයේ පදිංචි හිටපු කොටි සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් සාදා දීමට මුල්ගල තැබීම ඊයේ (03) දින සිදු විය.

පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයා ජනාධිපති පොදු සමාව යතේ නිදහස්ව යාපනය පලාලි ප්‍රදේශයට පැමිණ ඇතත් ඔහුට පදිංචි වීමට නිවසක් නොමැති වීමෙන් සිය වැඩිමල් සොහොයුරියගේ නිවසේ තාවකාලිකව පදිංචිව සිට ඇත.

මේ පිළිබඳව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව යුදහමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් යුදහමුදාව විසින් හිටපු කොටි සාමාජිකයා වෙනුවෙන් ස්ථීර නිවාස ඉදිකිරීමට නියමිතය.

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ මහකන්නයේ ගොවිතැන් කටයුතු වල සහ කෘෂිකර්මාන්තයේ නිරත වන ගොවීන් වෙනුවෙන් කාබනික දියර පොහොර යොදා ගැනීම සහ යොදා ගන්නා ආකාරය පිලිබඳව මෙන්ම යුද හමුදාව විසින් නිශ්පාදනය කරන ලද කාබනික පොහොර විශේෂයන් ගොවීන් සඳහා හඳුන්වාදීම සහ අවබෝධ කරලීම හා බෙදා දීම යුදහමුදාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පලාලි ප්‍රදේශයේදී  පවත්වුණි.

ඊට අමතරව යුදහමුදා පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පොල්පැල සිටුවීම මෙන්ම තල්පැල ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක්ද පලාලි ප්‍රදේශයේදී පැවත්වුණි.

තවද යාපනය උඩුවිල් ප්‍රදේශයේ නැවත පදිංචි අඩුආදායම්ලාබී පවුලක් වෙනුවෙන් යුද හමුදාව විසින් ඉදිකරන ලද ස්ථීර නිවසක් විවෘත කිරීමද යුදහමුදාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින පැවත්වූ අතර මෙම අවස්ථාව යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්, යාපනය දිස්ත්‍රීක් කෘෂිකර්ම දේපාර්තමේන්තු නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන්ද සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,577 views

4 Comments to “යුධ හමුදාපති හිටපු කොටි සාමාජිකයෙකුට නව නිවසකට මුල්ගල් තියයි…”

  1. Good says:

    Great..

  2. 3% ට බය බයියා. says:

    88/89 භිෂණය ජේවිපි එකට පමණක් චෝදනා කිරීම අසාධාරණයක් බව මේ මගින් සනාථ වෙනවා .

    • Lucifer says:

      උබෙ තාත්ත කොන්ඩම් ගැන දන්නෙ නෑ වගේ🤣

  3. Gami says:

    මේවා දැකලා වත් කොටි ඩයස් පෝරා වල් බල්ලන් ලන්කාවට කොඩිව්න කරන එක නවතා දැම්මා නම් හොඳයි.