යුධ හමුදාව අංගම්පොර සටන් කලාවෙන් බලගන්වයි.. රාවණ නමින් හමුදා අංගම්පොර ගම්මානයක්..

July 29, 2019 at 5:30 pm | lanka C news
යුධ හමුදාව අංගම්පොර සටන් කලාවෙන් බලගන්වයි.. රාවණ නමින් හමුදා අංගම්පොර ගම්මානයක්..

ආත්මාරක්ෂක සටන්ක්‍රමයක් වන අංගම්පොර සටන් ක්‍රම යුද හමුදාවටද හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් කිලිනෝචිචිය ආරක්ෂක සේනා මූලස්ථානයේ අංගම්පොර ගම්මානයක් යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අතින් විවෘත විය.

එහිදි යුද හමුදාපති තුම්න්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණයෙන් ආරම්භ වූ මෙම අංගම්පොර ගම්මානය නම් කොට තිබුනේ දසබල රාවන පර්යේෂණ හා සංරක්ෂණ අංගම්පොර ගම්මානය වශයෙනි.

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සෙබලුන් 56 දෙනෙකු පමණ මේ වන විට අංගම්පොර සටන් හැදෑරීමට පිවිසීමත් ඔවුන් වෙනුවෙන් සහ ඉදිරියේදී අංගම්පොර සටන් ක්‍රමය හැදෑරීමට අවශ්‍ය ඕනෑම ගුරු කුලයක අයෙකුට අවශ්‍ය වන අයුරින් සටන්ක්‍රම ඉගැනීමටත් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් විජිත රවිප්‍රය මහතාගේ පූරණ අධීක්ෂණයෙන් හා උපදෙස් පරිදි මෙම අංගම්පොර ගම්මානය ඉදිකොට ඇත.

කිලිනොච්චය ආරක්ෂක සේනා මූලස්ථානයේ විවෘත වූ අංගම්පොර ගම්මානයේ අංගම්පොර සටන් ඉගැන්වීම හා අධීක්ෂණ කටයුතු වෙනුවෙන් රිටිගල පරම්පරාවේ දේවින්ද ලක්සිරි රණසිංහ ගුරුන්නාන්සේ ඇතුලු සිසුන් විසින් දායක වෙයි.

මේ අනුව කිලිනොච්චිය ආරක්ෂඛ සේනා මූලස්ථානයේදී ආරම්භ වූ අංගම්පොර ගම්මානයේ සමාරම්භක අවස්ථාව වෙනුවෙන් අංගම්පොර සටන්ක්‍රම හදාරන සිසුන් පිරිසක් විසින් ප්‍රදර්ශනාත්මක සටන් ක්‍රම කිහිපයක්ද ඉදිරිපත් කරුනු ලැබූ අතර එම අවස්ථාවට කිලිනෝච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා සහ කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සියලුම සේනාංකාධිපතිවරුන් හා බලසේනාධිපතිවරුන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

51 views

8 Comments to “යුධ හමුදාව අංගම්පොර සටන් කලාවෙන් බලගන්වයි.. රාවණ නමින් හමුදා අංගම්පොර ගම්මානයක්..”

  1. බුවා says:

    ගෝටල ඕව දන්නවද.නිකන් සීතල කාමරවලට වෙලා චන්දෙ ඉල්ලන්ව

    • කාන්තිලතා  says:

      සම්ප්‍රදායික දේශීය සටන් කලාවට නව පනක් දීමට ශ්‍රීලංකා යුධ හමුදාව ගන්නාවූ මෙම ක්‍රියාමාර්ගය
      අති ප්‍රශංසණීයයි.

      නමුත් ඊශ්‍රායලයේ මොෂාඩ්, ඉන්දියාවේ රෝ, සහ නෝර්වේ වැනි නවීන සටන්ක්‍රම භාවිතාකරන
      යුධහමුදාවලින් පුහුණුව ලැබූ ම්ලේච්ඡ කොටි සංවිධානයත් සමග අංගම් පොර මාර්ගයෙන් සටන්
      කිරීමට කටයුතු කලානම් අද මේරටේ ජනාධිපති වන්නේ සිරිසේන උන්නැහේ නොව වේලුයි. අගමැතිවන්නේ රනිල් නොව තමිල් සෙල්ලමුයි.

  2. Hela Gamaya says:

    athi vishishtayi. deshiya danum sambharaye ek pathikadak ho idiriyata gena yamata katayuthu kirima athishayinma agana karyayak.

  3. neil says:

    Good initiative. Acts like this will contribute to sustainability of this ancient art.

  4. Ravana Parapura says:

    ගම් බිම් පිණිස ඇවිදින් එක රාසියට
    නම් ගම් කිය කියා උනුනුන් වේග කොට
    අංගම් පොර අරින පෙර සෙබළුන් එවිට
    අංගම් මැඩිල්ලෙන් එළ බසු වී සතුට

  5. Ravana Parapura says:

    1815 දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිහලය අයත් වීමෙන් පසු අංගං ශිල්පයට උදා වන්නේ අසුබ කල දවසකි. ඉංග්‍රීසි පාලනය අංගං ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීමද තහනම් කරන අතර එසේ කළහොත් මරණිය දණ්ඩනය පමුණුවන නියෝගද පනවයි. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීන් රහසිගතවන අතර තමන් ශිල්පය පුහුණු වූ අංගං මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කළ නිසා අතිශය රහසිගතව වන ගතව තම පරම්පරා‍වට පමණක් ශිල්පය ලබා දීමට කටයුතු කරයි. මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්පුදාය රහසිගත වෙයි. රහසිගත යුගයේදී යම්යම් නව සටන් උපක්‍රමයන්ද මෙම ශිල්පයට එකතු කර ඇත.

    වර්ෂ 1818 ඔක්තෝම්බර් 5 වන දිනදී එන්ගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ.[4] සෙංකඩගල රාජධානිය ඉන්ග්‍රීසීන් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැදින්විය. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් හෙළ සිංහළුන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය.

    • country man says:

      යුධ හමුදාව අංගම්පොර සටන් කලාවෙන් බලගන්වයි.. රාවණ නමින් හමුදා අංගම්පොර ගම්මානයක්.. I am so happy and proud that our ancient fighting arts are been practiced and put to good use by the army. Who ever started this scheme will be protected by the triple gem. “LOVE MY COUNTRY”

Main News