යුධ හමුදා කදවුරට හොරු පනිති.. අවි ගබඩාව කඩා තුවක්කු පැහැරගෙන යති..
July 13, 2017 at 12:00 pm | lanka C news
අනුරාධපුරයේ කලත්තෑවේ පිහිටා ඇති යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරේ අවි ගබඩාවේ දොර කඩා ටී-56 ගිනි අවි දෙකක් පැහැරගෙන ගොස් ඇති බවට කඳවුරේ නිලධාරියකු විසින් අනුරාධපුර මූලස්තාන පොලීසියට පැමිණිලි කර ඇත.
පිටතින් කිසිවෙකුට ඇතුළු වීමට නොහැකි ලෙස දැඩි ආරක්ෂා සහිතව ඇති මෙම අවි ගබඩාවෙන් අවි සොරකම් කරන්නට ඇත්තේ සෙබළකු විසින්ම බවට පොලිසිය සැක කරයි.
මේ සම්බන්ධයෙන් යුද හමුදා විනයාරක්ෂක පොලිසිය විසින්ද වෙනම පරීක්ෂණයක් පවත්වයි.