යුරෝපයටත් වඩා සීඝ‍්‍රයෙන් වෛරසය පැතිරෙනවා.. බොහෝ දෙනෙකු මිය යාවි..- වසංගත රෝග ප‍්‍රධානී…

April 24, 2021 at 10:02 pm | lanka C news
යුරෝපයටත් වඩා සීඝ‍්‍රයෙන් වෛරසය පැතිරෙනවා.. බොහෝ දෙනෙකු මිය යාවි..- වසංගත රෝග ප‍්‍රධානී…

යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර වෛරසය පැතිර යාම ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

රෝගීන් වාර්තා වීම දිගින් දිගටම සිදු වූවොත් එය දරාගත නොහැකි තත්වයකට පත් වන බව ද ඒ මහතා පැවසීය.

රෝහල් ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් වාර්තා වුවහොත් එය විශාල ඛේදවාචකයක් විය හැකි යැයි ද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා ව්‍යාප්තිය වැඩි විය හැකි නිසා තවත් බොහෝ දෙනකු ඊට ගොදුරු වී මිය යාමෙන් බේරා ගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

‘යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී තිබෙනවා. එය ඉතාම භයානක තත්ත්වයක්.

මේ තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් මෙය රෝහල්වලට දරාගත නොහැකි තත්වයකට පත් වෙනවා. එහෙම වුවහොත් එය සමාජගතවීමක් හැටියට සැලකීමටත් ඉඩ තිබෙනවා. අපේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් අපි ලොකුම ඛේදවාචකයකට පත් වනවා.

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා නැවතත් දින 14 නිරෝධායනය අනිවාර්ය කළා. සති අන්තයේ නිවාඩු ගත කිරීම සඳහා යෑම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුයි.

දැන් තිබෙන වර්තමාන වෛරස් තත්ත්වය අනුව පොදු ප්‍රවාහන සේවයේ යෑමේදී දැඩි ප්‍රවේශම්කාරීව ගමන් කළ යුතුයි’

111,756 views

35 Comments to “යුරෝපයටත් වඩා සීඝ‍්‍රයෙන් වෛරසය පැතිරෙනවා.. බොහෝ දෙනෙකු මිය යාවි..- වසංගත රෝග ප‍්‍රධානී…”

  1. PULATHISI says:

    වසන් ගත රෝග විද්‍යා අංශ ප්‍රධානි සුදත් සමරවීර මහතා සඳහන් කරන ආකාරයට යුරෝපයටත් වඩා වේගයෙන් ශ්‍රී ලංකාව තුල රෝගය පැතිර යන බවකි.
    2. සෞඛ්‍ය නීති රීති නොසලකා හරිමින් හිතුමතයේ ක්‍රියා කිරීම නිසා. මෙසේ මෙය පැතිර යන බව ප්‍රකටය. යුධ හමුදාපතිවරයාගේ මැදිහත් නොවූයේ නම්, සමාජ තත්වය මෙයට වඩා බරපතලවීමට තිබුණි. හමුදාව මෙම සෞඛ්‍යාරක්‍ෂ පාලනය සඳහා යොදවා ගැනීම පිළිබඳව විපක්‍ෂයේ මුග්ධ දේශපාලකයන් විවිධාකාරයේ විවේචන දක්වා තිබුණි. ඒවා පුහුතර්ක බව ඔප්පුවූයේ යුධ හමුදාවේ අගනා නිහඬ සේවය නිසාය.
    3. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අයත් අංශවල මාධ්‍ය සංදර්ශන වලට සවන් දීමේදී, සෞඛ්‍ය අංශයේ ඒකමතික දැක්මක් නොමැතිබව පැහැදිලිය. එසේ වන්නේ එකම කරුණක් පිළිබඳව විවිධමත පළකරන නිසාය. ඒ අනුව ජනතාව වික්‍ෂිප්තභාවයට පත්වන අතර රාජ්‍යවිරෝධීන් ඒවා ඔවුන්ගේ ආයුධ බවට පත්කරගනිති. එහෙත් අසල්වැසි ඉන්දියාව සමග බලනවිට ශ්‍රී ලංකාව තවමත් සුභවාදීය.
    4. පසුගිය කාලයේ විදේශගත ශ්‍රමිකයන් වරින් වර සියගණනින් ලංකාවට ගෙන යන ලදී. ඒ මැද පෙරදිග සහ ඊට ආසන්න රටවල සිටි ශ්‍රී ලාංකිකයන්‍ය. ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට අනුයුක්ත කිරීමේ දී බොහෝ දෙනෙකු සෞඛ්‍ය නීති රීති වලට අනුගතවිය.
    5. එහෙත් ඇතමෙක් ඒවාට අනුගත නොවී ආරාවුල් ඇතිකරගත් බව පැහැදිලිය. ඒ සුලුතරයකි. ඒ අනුව සියලු දෙනාම එකම මිම්මෙන් මැනීම අසාධාරණය. පුද්ගලයාගෙන් පුද්ගලට හැසිරීම විවිධාකාර වන බැවිනි.
    6. කෙසේ වෙතත්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී, කෝවිඩ්‍ෂීල්ඩ් එන්නත ලබාගෙන පැමිණිය යුතු අතර පී.සී.ආර්. පරීක්‍ෂණය “නෙගටිව්” නම් එම පුද්ගලයාට දින දෙකක් නිරෝධායනය වීමෙන් පසු තම නිවෙස් බලා යා හැකිය. ඒ අනුව සමහරු එසේ සමත්වූහ.
    7. එහෙත් අවුරුදු සමයේ “පිස්සු කෙළිය” බොහොමයක් ශ්‍රී ලංකාවාසීන් නිසා නැවත කොරෝනාව උග්‍රවී ඇති බවත්, ඒ අනුව විදේශ රටවල සිට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයන් දින 14 ක් නිරෝධායනය විය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශකර ඇත. ” ඇන්ටි-කොරෝනා” එන්නත ලබාගෙන පැමිණෙන අයට අදාල නීතිය අනුව දින 14ක් ගත කළයුතු නම්, ශ්‍රී ලංකාවට නොපැමිණෙන ලෙස දන්වා සිටීම සුදුසුය. ඒ අනුව දැනට මිලදී ගෙන ඇති ( ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන්) ටිකට්පත් අවලංගුකර මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව අපට හිමිවනු ඇත. ඉතා කඩිනමින් මේ පිළිබඳව තීරණයක් ගන්නා ලෙස සුදත් සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රමාදවුවහොත් අපගේ ටිකට්පත් කල් ඉකුත්වන බැවිනි. වගකීම සෞඛ්‍ය අංශය සතුය.

  2. Sam says:

    Indiyawe modiya raswim thibba minissu gena balanne nathuwa. Balapan indiyawata wela thiyena de. Ape rate palaka buruwo ganak nathuwa innawa. Loketama nayawela triliyana ganan. Eath hospital walata iwamana dewal naha . Medulane heththa hodinne. Rattu marunata kamak naha. Puluwan nam Oya marena eakek medulane eawuntath dila mariyalla.

Main News