යුරෝපා ප්‍රමිතියෙන් යුතු සෑම වර්ගයකම ටයර් දේශීය කර්මාන්ත ශාලාවක නිපදවා දෙස්-විදෙස් වෙළඳපොළට ජනවාරියේ…

November 22, 2020 at 2:16 am | lanka C news
යුරෝපා ප්‍රමිතියෙන් යුතු සෑම වර්ගයකම ටයර් දේශීය කර්මාන්ත ශාලාවක නිපදවා දෙස්-විදෙස් වෙළඳපොළට ජනවාරියේ…

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ස්ථාපිත අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ‘රිජිඩ් ටයර් කෝපරේෂන්’ කර්මාන්තශාලා පරිශ්‍රය (20) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

පළමු අදියර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 100ක වියදමින් ඉදිකර ඇති මෙම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ පළමු නිෂ්පාදන අදියර ලෙස මෝටර් සයිකල් ස්කූටර් සහ ත්‍රී රෝද රථ ටයර්, ට්‍රක් හා බස් රථ ටයර් සහ Industrial Tyres නිෂ්පාදනය කිරීමට නියමිතය. SUV වර්ගයේ වාහන ටයර් සදහා දේශීයව සහ විදේශීය ඉල්ලීම සැළකිල්ලට ගනිමින් වැඩි වශයෙන් ඒ වෙනුවෙන් අවධානය යොමුකිරීමට නියමිතවේ. යුරෝපිය තාක්ෂණික සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි. අක්කර 155ක් පුරා විහිදුනු කර්මාන්තශාලා පරිශ්‍රය අවට හරිත පරිසරයද රැක ගනිමින් නිර්මාණය කොට තිබේ.

දෙවන අදියර සදහා ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150 කි. ලබන වසරේ ආයෝජකයන් සමග ඒකාබද්ධ ගිවිසුමක් හරහා මිලියන 1.5ක නිෂ්පාදන ධාරිතාවයකින් යුතු ටයර් නිෂ්පාදනය ඇරඹීමට සුදානමින් සිටියි.මෙම නිෂ්පාදනයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අපනයනය සදහා වේ. Industrial Tyres නිෂ්පාදනය කිරීම සදහා මෙට්‍රික්ටොන් 15,000 කින් යුත් වෙනම නිෂ්පාදන අංගනයක්ද රිජිඩ් ටයර් සමාගම සතු වෙයි.

මෙම කර්මාන්තශාලාව අවට තරුණ තරුණියන් නිර්මාණය වන රැකියා අවස්ථා මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ යුරෝපීය තාක්ෂණික දැනුම මෙන පුහුණුවද තමන්ගේ රට තුලදීම ලබා ගැනීමට අවස්තාව මේ හරහා නිර්මාණය වී තිබේ. එමෙන්ම කර්මාන්තශාලාව අවට සිටින තත්වයෙන් උසස් රබර් කිරි නිෂ්පාදකයන් සදහා හොද මිලක් නිර්මාණය වීමත් එමගින් රබර් වැවිලි කරුවන් තවත් දිරිමත් කරමින් ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවීමට හැකියාව ලැබීමත් මෙම කර්මාන්තශාලාවේ වැදගත්කම් වේ. අදියර දෙකෙහිම නිෂ්පාදන ලබන වසරේ සිට විදෙස් වෙළදපොලට අපනයනය කිරීම මගින් රටේ අපනයන ආදායමද ඉහල යෑම සිදුවෙනු ඇත.

මෙම අවස්ථාවට ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, රිජිඩ් ටයර් කෝපරේෂන් ආයතනයේ සභාපති නන්දන ලොකුවිතාන මහතා, කර්මාන්ත අමාත්‍යංශයේ සහ රිජිඩ් ටයර් කෝපරේෂන් ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.

මාධ්‍ය ඒකකය,
කර්මාන්ත අමාත්‍යාංශය

33,035 views

21 Comments to “යුරෝපා ප්‍රමිතියෙන් යුතු සෑම වර්ගයකම ටයර් දේශීය කර්මාන්ත ශාලාවක නිපදවා දෙස්-විදෙස් වෙළඳපොළට ජනවාරියේ…”

  1. Gamini says:

    # මේ ටයර් කර්මාන්තශාලා ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබෙන්නෙ 2016 ඔක්තෝබර් වලදි.
    # මුල්ගල් තියල වැඩ පටන් ගන්නෙ 2017 පෙබරවාරි 15.
    එතොකොට විමල් වීරවංශයි, ජයන්ත සමරවීරයි කලේ අක්කරයක් රුපියල් 100 කට විකුණලා කියල මැරෙන්න හදපු එක විතරයි… දැන් වැඩ අවසන් වෙලා නිශ්පාදනය පටන ගන්න ඔන්න මෙන්න තියෙද්දි තමන් කරපු දෙයක් විදියට ලකුණු දාගන්න උන් දෙන්නම ටයර් කර්මාන්තශාලාවට ගිහින් 😂

  2. වඩ කාරයට බොරු බෑ says:

    විමල් මහත්තයා එකින් එක කර්මාන්ත ගොඩනැගෙන තැනට වැඩ කරගෙන යනවා. අනිත් උන්දැලත් වැඩට බැස්සා නම් හොඳයි.

    • ක්‍රිමිනල් says:

      විමලේ කලේ ඔකට බකට් ඇදපු එක ලිංමැඩි බෛයො , දැන් දෛවයේ සරදමකට වගේ තමන්ගේ අතින්ම ආපහු විවුර්ත කරන්න වෙලා…😂😂😂ද්

  3. වැඩ කාරයට බොරු බෑ says:

    විමල් මහත්තයා එකින් එක කර්මාන්ත ගොඩනැගෙන තැනට වැඩ කරගෙන යනවා. අනිත් උන්දැලත් වැඩට බැස්සා නම් හොඳයි.

    • Alapaluwa says:

      මේ ගොන් බයිය කමෙන්ට් කීයක් දාලද? ගොනෝ ඕක පටන් ගත්තෙ 2017 දි

      • K says:

        from Colombo telegraph:
        The businessman also shares a close relationship with Malik Samarawickrema who “flouted” the country’s laws in 2017 to facilitate Lokuwithana’s tyre factory in Horana for which Prime Minister Wickremesinghe laid the foundation stone.

  4. w for win says:

    විමල් වීරවංශ මැතිතුමා ගෙනයන ලංකාවේ කර්මාන්ත ප්‍රවර්ධන වැඩ පිළිවෙළට අපෙන් සුභාසිරි!

  5. කමල් - ජපානයෙන් says:

    දේශීය නිෂ්පාදනය හරහා අමුද්‍රව්‍ය වෙනුවට නිමි ද්‍රව්‍ය අපනයනයට අතහිත විමල් වීරවංශ මැතිතුමාගෙන්
    ජයවේවා මැතිඳුනි

  6. ජල බෝතල් says:

    හොරණටත් බෝතල් ජලය පානය කිරීමට අවස්ථාව

  7. සිරිසේන says:

    ජයන්ත සමරවීර රෙදි ඇඳගෙනද ගියෙ. 2017 මේ කර්මාන්තශාලාවට අක්කරය රුපියල් 100 ගානෙ දීල කියල බොරු කියමින් මාධ්ය සාකච්චා පැවත්තුවා.

  8. Fernando says:

    Excellent. Man with wisdom

  9. ත්‍රීවීල් says:

    බයියො මෙකෙ wisdom කිය කියා වැලලෙන්න හදන්නෙ මේක ගැන නොදැන. පහුගිය රජය කාලයේ පෞද්ගලික ආයෝජනයක් ලෙස මේකට මුල්ගල් තියනකොට මේක නවත්තන්න විමල් නොකරපු දෙයක් නෑ.

    • ක්‍රිමිනල් says:

      Wimal, ඔබ කරන්නේ මේ උඩුගං බලා පිහිනීමකි. නැගෙන හැම චන්ඩ රළ පහරක් හමුවේම තව තවත් ශක්තිමත් වන ඔබේ නොසිදෙන දිරියට සවියක් වීමට සියලු හෙලයන් සීරුවෙන් …

      • ක්‍රිමිනල් says:

        අනේද කියන්නේ ! ඊයේ රු 5000/=න් මාසෙකට පවුලකට නොසෑහෙන්න කන්න පුලුවන් කියපු උන්දැට ,දැන් කරන්න තියෙන්නේ අනුන්ගේ ප්‍රොජෙක්ට්ස් තමන්ගේ වගේ ඔපන් කරන එක විතරයි.කොහොමත් විමල්ව ,බැසිල් තබේකට මායිම් කරන්නෙත් නෑ ! පව් නේද බන්..කැටයා වගේ දෙවෙනි පෙලේ ඩෑල් දාලා කනට දෙන්නේ.😂😂😂

  10. sena says:

    දේශියයත්වයට මුල්තැනදි යමක් කරන්න උස්සහා කරන්නෙ මේතුමා විතරයි අනිත් උං උන්නද මලාද නැ

Main News