යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් උතුරේ ආණ්ඩුකාරවරයා හමුවේ…

November 2, 2017 at 2:17 am | lanka C news
යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් උතුරේ ආණ්ඩුකාරවරයා හමුවේ…

ජීන් ලැම්බර්ට් මැතිතුමියගේ ප‍්‍රධානත්වයෙන් යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී හමුවන ලදී.

මෙම සංචාරයේදී ඔවුන් බලාපොරොත්තු වූයේ යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවේ, විශේෂයෙන් උතුරු පළාතේ සිදුවීම් පිළිබඳව සත්‍ය කරුණු දැනගැනමයිී.

එසේම මෙම සංචාරයේදී ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවූයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳවත් ඉඩම් අහිමිවූ පුද්ගලයන් පිළිබඳවත් හා නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙල පිළිබඳවත්ය.

ඒ අනුව මේ වනවිට විශේෂයෙන් උතුරු පළාතේ සංවර්ධන කටයුතු හා ප‍්‍රගතිය පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවයරා දීර්ඝ ලෙස ජීන් ලැම්බර්ට් සහ ¥ත කණ්ඩායම දැනුවත් කල අතර ඔවුන් විශේෂ උනන්දුවක් දැක්වූයේ කාන්තා නායකත්වයක් ඇති පවුල්වලට කරන ආධාර උපකාර පිළිබඳව දැනගැනීමයි.

එසේම ඉදිරි කාලය තුලදී කාන්තා අයිතීන් සඳහා ඇති කර තිබෙන වෙනස්කම් පිළිබඳවද සාකච්ඡුා කල යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ශී‍්‍ර ලංකා රජය මගින් ආරම්භ කරඇති වැඩපිළිවෙල පිළිබඳවත් විශේෂයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එළබෙන පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන්්ගේ දායකත්වය පිළිබඳවත් සාකච්ඡුා කරනු ලැබිණ.

මෙම සාකච්ඡුාවේදී යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ඔවුන් පැමිණි කාරණය සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවීම පිළිබඳව සෑහීමකට පත්වන බව සහ ඉතා සතුටට පත්වන බව ප‍්‍රකාශ කල අතර විශේෂයෙන් රිචඞ් කෝබර්ට් මහා බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත‍්‍රීවරයා විමසා සිටියේ සිංහල හා දමිළ ජාතීන්ගේ ප‍්‍රශ්න පිළිබඳවයි.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

ෙඓතිහාසික මූල්‍යන් සමඟ මේ ජාතීන් දෙකට එක්සත් වීමට ඇති අහේතුක කාරණා ඉතාමත් දැඩිබවත් එහෙත් ඉතිහාසය නිර්වචනය කිරීමේදී දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ජාතිවාදය ඇවිස්සීමේ නැඹුරුවක් තිබෙන බවත් එයට විරුද්ධව කටයුතු කරමින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ප‍්‍රකාශ කළේය.

අවසානයේ ශ‍්‍රී ලංකා රජය උතුරු පළාත තුල කරගෙන යන සංවර්ධන කටයුතු පිළිබඳවත් උතුරු පළාත්භාර ආණ්ඩුකාරවරයා කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳවත් මහත් සෑහීමකට පත්වන අතර එම වැඩපිළිවෙලට අප සියලූ දෙනා සුභ පතන බවත් යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ප‍්‍රකාශ කළහ.

– වජිර කොඩිතුවක්කු

27 views
Main News